ඕලෙවල්
කාලේ පොතක් පෙරළද්දි ලියලා තිබ්බ සටහනක් දැක්කා,,ඒකේ
තිබ්බෙ නම් මෙහෙම නෙවෙයි,ඔයාලා කියවලා තියනවද දන්නෙ නෑ අර,
මහේෂ් රත්සර මද්දුම ආරච්චි මහත්මයා ලියලා තියන 'හැම තාත්තෙකුගේම සිතිවිලි' කියන පොත බලලා මම ලියපු එකක්.....මගේ ආසම පොත් වලින් එකක්
දැන් බ්ලොග් එක පැත්තෙ එන්න හිතෙන්නෙ නෑනේ අප්පා.. :( ලියන්න හිතෙන්නෙත් නෑ,, ලියන්න දේකුත් නෑ,, මෙන්න මේකවත් බලන්නකෝ හරියට පෝස්ට් එකක් දානකම්...
මහේෂ් රත්සර මද්දුම ආරච්චි මහත්මයා ලියලා තියන 'හැම තාත්තෙකුගේම සිතිවිලි' කියන පොත බලලා මම ලියපු එකක්.....මගේ ආසම පොත් වලින් එකක්
දැන් බ්ලොග් එක පැත්තෙ එන්න හිතෙන්නෙ නෑනේ අප්පා.. :( ලියන්න හිතෙන්නෙත් නෑ,, ලියන්න දේකුත් නෑ,, මෙන්න මේකවත් බලන්නකෝ හරියට පෝස්ට් එකක් දානකම්...
පුංචිම
කාලේ ඉදන් තිබුණා හීනයක්,
ලස්සන
...
සුදු
අශ්වයෙක් පිට උඩ නැගලා නෙවෙයි
බස්
එකෙන් බැහැලා එන
ලස්සන
හැඩි දැඩි ගාම්භීර කුමාරයෙක් නෙවෙයි
සාමාන්‍ය
කඩවසම් අයෙකු ගැන
මාළිගා
ඇතෙක් බරට වස්තුව නැති
දුර
ඈතක තියන පුංචි ගෙයක් ඇති
ලොකු
තාප්ප නැතිව
වටේටම
කඳු තියන
හැමවෙලාවෙම
මම එක්ක නැති වුනාට
හිත
පුරාම මට විතරක්ම ඉඩ දීලා තියන
කොයි
තරම් කුමාරිකාවෝ,රූප සුන්දරියෝ දැක්කත්
ඒ
හැමවෙලාවෙම මාව හිතේ ඇදෙන
මගේ
තාත්තට වගේම හිතක් තියන
තාත්තා
වගේම මට ආදරේ කෙනෙක්..
හැමදේටම
සමාව දීලා,වැරදි හදලා මට ආදරෙන් සලකන
මාව
අඩවන්නෙ,රිද්දන්නෙ නැති
තාත්තගෙත්
හිත දිනාගත්තු කෙනෙක් ගැන
හැම ගෑණු ළමයෙකුටම වගේ මමත් ආසාවෙන් හිටියා...
හැම ගෑණු ළමයෙකුටම වගේ මමත් ආසාවෙන් හිටියා...
මේ
හැමදේම මට ලැබිලා තියනවා දැන්
මම හැමදාම ආස කරපු විදියටම
මම හැමදාම ආස කරපු විදියටම
ඒත්
නොලැබුනා නම් හොදයි තාත්තෙ
දවසක
තාත්තාව දාලා යන්න වෙයිනෙ මට
මම යද්දි තාත්තා අඩනවා කිව්වා මට මතකයි
මම අඩද්දි මගේ එක්කම අඩපු
තාත්තාව අඩවලා මට යන්න ඕනේ නෑ තාත්තෙ
මම යද්දි තාත්තා අඩනවා කිව්වා මට මතකයි
මම අඩද්දි මගේ එක්කම අඩපු
තාත්තාව අඩවලා මට යන්න ඕනේ නෑ තාත්තෙ
මම
නැතුව දවසක් ඉන්නෙ නැති තාත්තා
තාත්තා
නැතිව දවසක් ඉන්නෙ නැති මම
අපි අපෙන්
වෙන්වෙලා කොහොම ඉන්නද?
අපි
හැමදාම එකටම ඉමු
මම
තාත්තා ගාවම ඉන්නම් තාත්තෙ
එයා
හොදයි
මේ
ලෝකෙ ඉන්න හොදම කෙනා මට ලැබිලා ඉන්නෙ
ප.ලි - අන්තිම කවි තුන අද ලීවේ ඇ....
O.o , ආ ඔව් එක තමයි :P
ReplyDeleteකොහෙන් ආවද ඔයා??
Deleteතාත්තා ඒ කාලේ හෙන කෙට්ටුයිනේ...
ReplyDeleteදැන්නං මටත් බ්ලොග් ලියන්න සහ කියවන්න අප්පිරිය වෙලා තියෙන්නේ...
ලිංක් එක බුකියේ දැකලා ආවේ....
ඔව් අලේ,, එයා කෙට්ටුයි ඉස්සර,,දැන් තමයි මේ මහත් වෙලා තියෙන්නේ,,
Deleteමටත් දැන් දැන් බ්ලොග් ලියන කියවන එක එපා වෙලා... බ්ලොග් එක පාළුවට යන්න දෙන්නත් බැරි නිසා පරණ ලියපුවා පෝස්ට් කරනවා..
කියල වැඩක් නෑ මටත් බ්ලොග් කියවන්නයි ලියන්නයි එපාම වෙලා... අහම්බෙන් ගොදවදුනේ මේ පැත්තේ...
Deleteජය වේවා!!!
සිනා බෝ වේවා!!!
ආහ්හ් මේ...
මේ...........මොකක්ද කියන්න ගියා ඒකත් මතක නෑ අප්පා.. :/
සැහ්... ,, මේ මතක ඇතුව ආයේ ඇවිල්ලා කියන්න හොදද ..
Deleteකස්ට්යට එපා වෙනකොටම ඔන්න අපි ආයෙත් පටන් ගත්තා ............... මේ අහල්ලා අහල්ලා .........( ඉතුරු ටික මතක නෑනේ ) අයියෝ සල්ලි
Deleteආයෙත් විලක්කුව කරළියට...
Deleteජය වේවා....!!!!
මේ මොකෝ කස්ටියට ලියන්න කියවන්න එපා වෙලා කියන්නේ!
ReplyDeleteමේ විකාර නැතිව කරගෙන යමු මෙයා! බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නෑ!
අනේ මට නම් ඒම එක්ක නෙවෙයි අප්පා,,කම්මැලිකම... සීයට සීයක්ම කම්මැලිකම... :/ උවමනාවක් නැතිකම... ඔන්න ඔව්වා තමයි...
Deleteතාත්තා ලස්සනයි. අතේ ඉන්න එකකෙනාගේ කකුලේ හම දිලිසෙනවා ඇයි දන් නැ නේ
ReplyDeleteතාත්තා ලස්සනයි තමයි ^_^ අනේ මමත් දන්නෙ නෑ ඒක නම් :P
Deleteහෑ...පෝ... මේකි ඉස්සර හූණු පැටියෙක් වගේනේ... මං නම් මේ ගානටමද කොහෙද ඉපදුනේ :D
ReplyDeleteදූපිය යන්න,, මේ ඉපදිලා මාස ගාණකින්ද කොහිද...
Deleteඇස්දෙකට කදුලු බිදක් ඉනුව...!
ReplyDeleteමගේ දූලදෙන්නත් දවසක මෙහෙමකිව්වොත් මට ඇඬේවි..!
ලියලා ඉවර වෙලා ආයේ කියෙව්වම මටත් කදුළු ආවා මම ලිව්වා වුනත්... :(
Delete++++++++++++
ReplyDeleteවෙන කියන්න දෙයක් නැහැ ශම්මි.
හ්ම්ම්ම්ම්්ම :)
Deleteමෙයා හොද දුවෙක් කියන්නේ ;)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
නැතුව නැතුව... මම ආදරේම මගේ තාත්තට තමයි.. ^_^
Deleteඇත්තටම මුකුත් කියාගන්න බෑ මට ඇඬුනා ... හ්ම්ම්
ReplyDeleteහ්ම්ම්ම්,, :)
Deleteදුවෙක් ඔහොම කියනකොට තාත්තා කෙනෙකුට දැනෙන සතුට කියන්න වචන නැ දරුවෝ....අගෙයි..
ReplyDelete:) ස්තූතියි අංකල්...!!
Deleteතාත්තා කියන්නේ දුවෙක්ගේ ලොකෙ ඉන්න එකම රාජ කුමාරයා
ReplyDeleteමගේ හිතත් නවතින එකම තැන මගේ තාත්තා :)
කළුවර හීනය කියන්නේ ගෑල්ලමෙක් කියලා දැනගත්තා.. :D හිහි,,
Deleteඔව්,, රජ කුමාරයා නෙවෙයි හරිනම්,,රජතුමා... වීරයා.. ^_^
ඈ මේච්චර කල් කවුරු කියලද හිතාන වුන්නේ :/ :/
Deleteමට ෂුවර් නැතිව හිටියේ..දැන් දැක්කා මූණු පොතෙත්.. :D
Deleteකොහොමත් දූල වැඩියෙන්ම ආදරේ තාත්තටලු ( කරුමෙට මට එහෙම අවස්ථාවක් ලැබුනේ නෑනේ )
ReplyDeleteම්ම්ම්, :)
Delete//කොහොමත් දූල වැඩියෙන්ම ආදරේ තාත්තටලු //
Deleteමාත් අසා තිබේ :)
එය සත්‍යකි....!!
Deleteඅගෙයි අගෙයි.
ReplyDeleteබ්ලොග් අප්පිරියාව ගැන කතා නොකර තාත්ත ගැන විතරක්ම ලිව්ව නම් තවත් අගෙයි.
ස්තූතියි.... හැ, ඒ මුකෝ?? නෑනේ,, අප්පිරියි නෙවෙයි,, දැන් කම්මැලි වෙලා,, අනේ මන්දා,, මොකෝ කියලා..
Deleteකවුද වඩාගෙන ඉන්න මේ පොඩි ශම්මි බොගක් ලියයි කියලා හිතුවේ නෙහ් ?
ReplyDeleteහිකිස්...ඔව්නි ඔව්නි... ^_^
Deleteඅගෙයි නියමයි ඇස්වලට කදුලු ආවා.හැම කෙල්ලෙක්ම හොයන්නේ තාත්ත වගෙ කෙනෙක් කියන කතාව ඇත්ත.හැබැයි ඔයා කිව්වා වගෙම කොතැනදි හරි තේරෙනවා තාත්තා වගේ ආදරෙන් දෝණිව බලාගන්න කෙනෙක් ලෝකෙ කොහෙවත්ම නෑ කියලා නේද අක්කියො..))))
ReplyDeleteඒකනේ නංගා, මුළු ලෝකෙන්ම හොදම කෙනා ලැබුනත් තාත්තා තරම් හොදම කෙනෙක් නෑ,, :) ම්ම්ම්,, ස්තූතිිය නංගෝ....
Deleteඅනේ චුටියිනේ ශම්මි.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
හිහිහි,, චූටි කාලේ ඉතින් චූටිනේ.....
Deleteසුට්ටි සම්මි..
ReplyDeleteඇත්තටම එයා හොදයි තමයි. නැත්තං ඔයා ගුටිනොකා ඉදීද ?
හිකිස්
Delete:O මොකා බොල?? මම හොද,අහිංසක,තැන්පත්,සාමකාමී කෙනෙක් හලිද,, :/
හ්ම්ම් ජිවිතේ ඔහොම තමයි ශම්මි.අපි ප්‍රිය කරන අයගෙන් කවදාහරි අනිවා අපිට වෙන් වෙන්න වෙනවා.හිත රිද්දන්න නෙවේ කිව්වේ ඒත් අපි යතාර්ථය වටහාගන්න ඕන.
ReplyDeleteහ්ම්ම්ම්,, අනේ මන්දා ඒ වුනාට , ඔය යථාර්තය මහ එපා කරපු එකක්.. :(
Deleteඔයා ලියපු සංවේදීම පෝස්ට් එකක් ශම්මි.
ReplyDeleteතාත්තා වාගේ ආදරෙන් දුවෙක්ව බලාගන්න කෙනෙක් ලෝකෙ කොහෙවත් නෑ!
ඔව් නේද සිතූ...
Deleteඒක ඇත්ත,, කොයි තරම් අය වටේට හිටියත් තාත්තා තමයි ඕනෙම..
දියණියකගේ සිතිවිලි..!!
ReplyDeleteඅගෙයි...!
ස්තූතියි අය්යා..
Deleteමරු මරු..... ඇයි එතකොට පුතාලා තාත්තලාට ආදරේ නැද්ද......
ReplyDeleteමම කෝමද ඒක දන්නේ,, ඒක අහන්ට ඕනෑ පුතෙක්ගෙන්නේ... :P
Deleteලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.
ReplyDeleteජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.
ස්තූතියි,
මම ඔබේ හිතවත් අභීත
කිසිවක් නොකියමි..!! මින් පෙර මා ඔබ දැන නොසිටියත්, මින් මතුවට මිතුරන් මෙන් ඇසුරු කරමු, අවස්ථාවක් ලැබුනු විට.. :)
Deleteජය!!
මේ අභියා නෙවෙයි ;)
Deleteඅඩේ, නම කැත කොරන්න ඇවිල්ලද අභිත අයියගේ?? O.o මම එයාව අදුරන්නෙත් නෑනේ.. :D
Deleteමෙ පොස්ට් එක කියවද්දි මට මෙ සිංදුව මතක් උනා අහල බලන්න http://www.youtube.com/watch?v=9I5UV4VWCSk බල්ලන් බුරති සද බැබලෙති එ නිසා ඔයා යන්ඩ ඔනී නෑ
ReplyDeleteඉන්ට බලන්නම්... :D
Deleteකොමැයි පස්ට නෙ :D
Deleteපට්ටයි නේන්නම්,,කොහෙන්ද හොයාගත්තේ??
Deleteනියමයි නගෝ..... හිතටම වදින්න ලියලා.... ඇඩෙනවා ඈ...
ReplyDeleteමට මතකයි ඔයා ඉස්සර දවසකුත් තාත්තා ගැන කිව්වා. තාත්තගේ ආසම සිංදුව "දුවේ නුබ මගේ ප්‍රාණයයි" කියල. මාත් ආසම සිංදුවක් ඒක. හැබැයි අහද්දී ඇඩෙනවා. තාත්තල වැඩිපුර ආදරේ දුවලට තමා.
ඔව්නේ අක්කෝ.... තාත්තලා වැඩිපුර ආදරේ දුවලට තමයි... ^_^
Deleteදුවේ නුඹ මගේ ප්‍රාණයයි තමයි ආසම සිංදුව,,ඒක අහද්දි කදුළු එනවා කාටත්.. :(
හ්ම්ම්ම්ම්ම්... මටත් මතක් උනේ දුවේ නුඹ මගේ ප්‍රාණයයි සිංදුව...
ReplyDelete:D ඒක තාත්තාගේ ආසම සිංදුව...
Delete
ReplyDeleteමේකනම් ඇහැට කඳුළු එන්නම ලියල තියෙනවා
ශම්මි...තමන්ගේ ලෙයින් හැදුන දුවෙක් තමන්ගේ
අතට මුලින්ම ගත්තම දැනෙන හැගීම නම් විස්තර
කරන්න බැහැ ..තුරුළු කරන් දවස් ගානක් අඬනවා මිස !
පුදුම දේවල් ටිකකට හිත දිව්වා...
උපරිම සංවේදී ශම්මි....
ම්ම්ම්ම්,,, ස්තූතියි සහන්, ඔව් ඒක ඇත්ත,
Delete//තමන්ගේ ලෙයින් හැදුන දුවෙක් තමන්ගේ
අතට මුලින්ම ගත්තම දැනෙන හැගීම නම් විස්තර
කරන්න බැහැ ..තුරුළු කරන් දවස් ගානක් අඬනවා මිස !// (Y)
:)
හරිම ලස්සනයි ශම්මි.
ReplyDeleteමට නම් තාත්ත ලෝකයක් වගෙයි........
ඒ වගේ ආදරයක් කාගෙන්වත් ලබන්න බැහැ
ඇත්ත සසිනි, මටත් තාත්තා ලෝකයක් වගේ,අපේ හැමදේම ඉවසගෙන හිත නොරිද්දා තාත්තා තරම් ආදරේ කරන්නෙ නෑ කවුරුත්
Deleteහැම ළමයෙකුගේම ලෝකේ පලවෙනි වීරයා තමයි තමන්ගේ තාත්තා
ReplyDeleteඒකනේ කෝරලේ මාතියෝ.. :D
Delete