Monday, January 28, 2013

බ්ලොග් ගෙට්ටුව..


මෙච්චර දවසක් ක්මෙන්ට් වලින්,,මූණු පොතෙන්,බ්ලොග් එකෙන් දැනගෙන හිටපු ගොඩාක් අය ඊයේ දැකගන්න ලැබුණා.. හැබැයි ඊයේ ආව නැති අයට නම් මේ දෑස මක්කටද කියලා හිතෙන්න ඇති මයෙ හිතේ.. ඊළග සැරේවත් එයාලා එනවනම් ඒ මූණු ටිකත් බලාගන්න පුළුවන්.. :D


කොහොමින් කොහොමින් හරි අපිත් ගියානේ.. කොළඹින් 7 කෝච්චියේ යන්න කියලා 6.30 වෙද්දි ස්ටේෂන් එකට ගියාට මොකද අපේ සංවිධායක ප්‍ර‍දීප් අයියණ්ඩියා ආවේ නම් 7ත් පහුවෙලා..පස්සේ ඉතින් 8.05 කෝච්චියෙන් යන්ට වුනා.., සිත්තරී අක්කණෟඩියා නම් යනකම්ම ගියේ හිටගෙනමයි... ඔය් කෝච්චි ගමනේ මම අකමැතිම එක තමයි අපේ බ්ලොග් කාරයෝ ටික අර මුකක්ද නලාවක් අරන් පිඹින්න වෙච්චි එක... :/ හයියූ.....ඒකට 



කෝච්චිය එනකම් බලන් ඉන්නවා..


දිනෙල්ක අයියණ්ඩියයි ස්කූබියයි ඔය තියන් ඉන්නේ


පස්සේ කෝම හරි ස්ටේෂන් එකෙන් බැහැලා බස් එකේම මල් වත්තට ආවා...හැබැයි මගෙනුයි තව කීප දෙනෙකුගෙනුයි ඇරෙන්න අනිත් අයගෙන් සල්ලි ගන්න කොන්දොරස්තර අංකල්ට බැරිවෙලා කියලයි ආරංචිය.. කොහොමින් තොහොමින් හරි මල්වත්තට ආවානේ.. එතනදි බඩගෝස්තරේ නිවාගන්ට දුන්නු මාළු පාන් වලට පින්... නම් ටික බලලා අත්සන ගද්දි නම කියපු ගමන්, ආ ශම්මිගේ සිහින ක්ෂිතිජය නේද කියලා ඇහුවේ අපේ සමියා කියලා දැනගත්තේ හුඟ වෙලාවකට පස්සෙ.. ඕක ඒ වෙලාවේ කියපු නැති එකට සමියාව හෙළා දකිමි.. :/ පසුව ඔක්කමලා එකතු වුනාට පස්සේ එක එක්කෙනාව හදුන්වාදීමක් වුනානේ..ඒක තමයි හොදම.. මෙච්චර දවස් නොදැකපු කස්ටිය දැක්කට නම් වලින් දැනගත්තෙ නෑනේ.. එකට කෝච්චියේ ගියත් නම් අහගන්න බැරිවුනානේ.. එතනදි තමයි දැනගත්තෙ.. .. 





මල් වත්තට එක්රැස් වුනු කට්ටිය... 


            ඒකෙන් පස්සේ අපේ සිරා අය්යණ්ඩියා අපිව මල්වත්ත පුරාම එක්කන් ගිහින් පෙන්නුවා.. (ඒම කිව්වට තැන් දෙකකට ගියේ) 
පැහැදිලි කරමින්






කස්ටිය යන ගමන්..



පස්සේ ඇවිල්ලා ක්‍රිකට් මැච් එකක් ගහන්න සූදානම් වුනා..දෙන්නා ගානේ ටීම් එකකට.. කස්ටිය ක්‍රිකට් ගැහුවා.. මේ වෙලාවෙදී ශයංගගෙ ප්‍රාන්තයේ ශයංග අයියණ්ඩියයි, නොහික්මුණු ඇසයි ක්‍රීඩා කරනවා බලන්න හිටියත් ඒ දෙන්නම පළවෙනි බෝලෙනුයි දෙවෙනි බෝලෙනුයි අවුට් වෙලා නිසා ඒක බලාගන්න බැරි වුනා.. :P කෝම හරි කප් එක වයඹට තමයි ගියේ.. 








කණ්ඩායම පෙරට එමින්...

පස්සේ ගෑල්ලමයිට විතරක් තොප්පි සෙල්ලමක් තිබ්බානේ.. ඒකේන් අපේ චතුමිතු අක්කණ්ඩියා තමයි ජයග්‍ර‍නය කරේ.. 




 ඊටත් පස්සේ ඉතින් කස්ටිය සතුටින් විසිර ගියා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඉවරයි කියලා හිතුවට පෝස්ට් එක ඉවර නැතෝ...
.
.
.
.
.
.
.
.
.
.
ඒම කොහොමද මඩ නොගහා ඉන්නේ.. ^_^
'
'
'
'
'
'
'
'
'
'

කෝච්චියෙදි ගෑල්ලමයෙක්ට දුරකතන අංකය දෙන්න ගියපු ජිංජිව අපි දැක්කෙ නෑලු...

ක්ලාස් කට් කරලා බිම්සර ගම්පහ ආවේ නෑලු...

සැමා අයියගේ සපත්තු දෙක අතුරු දහන් වෙලා එයා ඒක හොය හොය හැමතැනම ගියෙත් නෑලු..

රත්ගමයා අයියා ලෝකල් සෙලීනා අක්කත් එක්ක මල් වත්තට ආපු ඒවා දැක්කෙත් නෑලු..

දිලීපගේ කොණ්ඩෙ බැඳලා පොතෝ ගත්තු ඒවත් මම ගාව නෑලු..

දිනෙල්ක අයියා ඩොලර් වලින් ලිප පත්තු කරනවා කියපු කතාව,තරියා අයියා පෙප්සි වලින් අත හෝදනවා කියපු කතාව තියන වීඩියෝ එහෙම අපි ගාව නෑලු.. 

සැමා අයියා වැනි වැනි සිංදු කියපුවා අපි දැක්කෙත් නෑලු..

සිරා අය්යට නොහික්මුණූ ඇසේ නම වැරදිලා,නොහික්මුණු ඇය කියලා කියනවත් අපිට ඇහුනේ නෑලු..

රජා ගැන කිවයුත්තක් නැත,ඔහු අහිංසක රජෙකි.. (මෙය ඇත්තකි)

ආආඅ...නලීන් අංකල්ට සිංදු කියන්න බෑ කිව්වට හොදට සිංදු කියන්ට පුළුවනි..මට ඇහුනා මල් වත්තෙ සවාරිය යද්දි සිංදුවක් කිය කිය යනවා තනියම..

බිම්සරයාගේ චිකන් කෑල්ලෙන් සුට්ටක් කෑවට ඒකා කරපු සාපයක් නිසා නොහික්මුණු ඇසගේ චිකන් කෑල්ල බිමට වැටුණා කියලා අපි දැක්කෙත් නෑලු...

පවනි තරංගා යනු ගෑල්ලමෙක් නොව පිරිමි ළමෙක් බවත් දැනගත්තෙමි..

නිශාන් හා හා පුරා කියලා පහර දීපු පළවෙනි බෝල 3,4ම බැට් එකේ වැදුනේ නෑ කියලා අපි දැක්කේ නෑලු..



මෙතනින් පල්ලෙහා තියන පොටෝ කෑලි ටික සමියා,තරියා අය්යා සහ රජාගෙන් උස්සපු ඒවා බව සලකන්න..



















ඒනම් ඉතින්.. දැන් කියන්න තියෙන්නේ...

අමතක කරන්නෙපා....
මාව මතක තියාගෙන ඉන්න සිතේ...
වෙන් වී ගියත් මෙමා...
රැඳේ සදාකල් ඔබගේ සිතේ..


ඒනම් අපි යනෝ.... තව මඩ මතක් වුනු ගමන් පෝස්ට් එක අප්ඩේට් කරන බව කරුණාවෙන් සලකන්න.. ^_^


ප.ලි - මගේ බ්ලොගේ නම වෙනස් කරන්න හිතාගත්තා ඊයේ.. ඒක මට කියවන්න අමාරුයි.. 'ශම්මිගේ සිහිනය' විතරක් තියන්න හිතාන් ඉන්නේ..


156 comments:


  1. ශාම්මිගේ ශ්ශ්ශ්ශ්ෂ් ය ,

    ප්‍රථමයෙන්ම සිරා විසින් නොහික්ක්මුනු ඇස , නොහික්මුණු ඇය කිරීම ගැන බවලත් මෙව්වා එක පල කරමි :p

    ඊළගට අරු බිම්සරය , හෙන ගහන්න මගේ චිකන් කෑල්ල ශාම්මිගෙන් උස්සපු අපරාදේ :/

    අම්මප රජා නම් සිරාවමටම අහ්ගින්සක රජෙක් අෆ්ෆා

    ReplyDelete
    Replies
    1. බ්ලොගේට නම දාපු එක්කෙනාව හෙළා දකිමි... :/ ඒහ්හ්හ්හ්හ්... මම බ්ලොග් එකේ නම කියද්දී හිර වෙන කරම්..

      බිම්සරයා නම් කැත වැඩේ කෙරුවේ..සැහ්..මටත් නෑ ඒක අන්තිමට.. මස් ටික කාලා බත් එකට කට්ට දාපු කෙනාව නම් මරමි..!!

      ඔයා එක නම් මට චොකලට් එකක් දෙන්න ඕනේ.. O.o

      Delete
    2. ඒ පිළිබද මගේ බලවත් මෙව්වා එක පිළිගන්න...

      Delete
    3. නොහික්මුණු ඇය.. හයියෙන් හු ..ඈ....

      Delete
    4. නොහික්මුණු ඇය ... හු ...............................

      Delete
    5. අඩේ.........මඩ ටික සැරටම වදිනවා වගේ... :D:P

      Delete
    6. අඩෝ......... තොපිව කනවා යකෝ

      Delete
    7. හකාස්...... :P හූ ඇ..

      Delete
  2. Replies
    1. මේ කස්ටියගෙන් කොයි වෙලේ හරි ගුටි කෑමක් තියන බව මට දැනගන්න ලැබුණා..ඒ නිසා මඩ නොගහා මඩ ගැහුවා...

      Delete
    2. ගහලා ඉවරවෙලා පාරකදිවත් අහුවුනොත් මට අල්ලන් ගහයි .. :(

      Delete
  3. ithamath sathutudawasak..
    Bloge kiyewwata,fb eken dakkata iye thamai dakke meyai Shammi kiyanne kiyala,ekath tikak late wela..

    Katha karanna nam bari una.
    Munu tikawath daka bala ganna labima loku sathutak..

    Ape post tikak parakku karalama dannam wadi hodata.. :D

    Nawatha hamuwemu..

    Jayama wewa !!!

    ReplyDelete
    Replies
    1. හිහිහි..ඔව්නි... දෙතුන් දෙනෙක් ඇරුණාම අනිත් අයව ඊයේ තමයි මමත් දැක්කේ... කතා කරන්න බැරිවුනා ගොඩාක් අය එක්ක..හැබැයි මූණු ටික බලාගත්තානේ.. ඒ නිසා ලබන පාර ඔක්කමලා එක්ක කතා කරනවා... පළවෙනිම සැරේ නිසා ටිකක් බයකුත් තිබුණෘ.. :)

      හලී...........අපි බලන් ඉන්නෝ........(මඩ නැති වේවා)

      ආයෙත් හමුවෙනකම්...ජය!!

      Delete
  4. අවසාන මොහොතේදී ..... සම්මිගේ මූණ ගැන අටමා කියපු කථා අපට ඇහුනේ නෑලු .......
    හොරෙන් බීම බොන්න ගිහින් ඉද්දි අපිට අහුවුනේ නෑලු .....
    බ්ලොග් එකේ නම වෙනස් කරන්න හිතුනේ එයා‍ට ඒක කියවන්න බැරි නිසා විතරමලු ....
    මොනව උනත් ඊයෙ නං ආතල් දවසකි ............ කට්ටියටම තැන්කූ වේවා

    ReplyDelete
    Replies
    1. හත්වලාමේ............මෙන්න මඩ???? :O අන්තිම මොහොතේ අටම් අයියගේ කතාව නිසා තමයි අපිත් දඩ බඩ ගාලා ආවේ... අපේ තාත්තත් හිටියා..තව ටිකෙන් මම ගෙදර ගිහිනුත් ඉවරයි..

      හොරෙන් බීම බීවේ කවුද ඇ? අර වීඩියෝ එකේවත් මම නෑනේ.. O.o

      යැස් යැස්...ඊයේ දවස නම් ෂෝයි... !!

      Delete
    2. මං දැක්කා ලාවට දාඩිය දාගෙන එනව ශම්මියට :D

      Delete
    3. බොල සමියා... අහුවෙනවකෝ ආයේ.. එර්ර්ර්ර්

      Delete
    4. අනේ සමාවෙන්ඩ දරුවෝ . මම හිතලා කරේ නැ . නිකම්ම කියවුනා . මේකලා ඔයාට කියන එව්වා ඔයාව දැක්ක ගමන් මතක් උනා . කවුද දන්නේ තාත්තා ඇවිත් බවක්

      Delete
    5. ම්ම්ම්,,කමක් නෑ ඒක... :)

      Delete
  5. එහෙම තමයි අපි වයඹට බැස්සම කප් නිකම්ම ඉස්සෙනවා ....:D කලින් කිව්වා නම් ශයංගටයි නොහික්මුණුටයි බෝලයක් හරි ගහන්න දෙනවනේ...... :P කොහොම හරි කස්ටියවම අඳුන ගන්න ලැබීම ලොකු සතුටක් .මගේ මඩ ටිකත් ලඟදීම බලාපුරුත්තු වන්න .. :D

    ReplyDelete
    Replies
    1. හප්පේ......මේ ඉන්නේ කප් එක උස්සපු අය... ඒකනේ පව් අෆ්ෆ... ඒ දෙන්නාගෙන් සෙල්ලම් කරාද ඇහුවම ඇයි දැක්කෙ නැද්ද ඇහුවා.. :D අපොයි අපි ඔය මඩ වල නැති බව නම් විස්වාසයි.. ;)
      අදුන ගන්න ලැබීම සතුටක්..ආයෙත් හමුවෙමු..!!

      Delete
    2. අඩෝ සිංහයා , තෝ තමයි මට බොලේ දැන්මේ , ස්ටම්ප් කොරේ අර බව්වා ස්කුබිය ,
      ඊටත් ඒ ග්‍රවුන්ඩ් එක අදයි බන්

      Delete
    3. දැන් ග්‍ර‍වුන්ඩ් එකේ ඇද හොයනවා... අනේ බොලව්... :P

      Delete
    4. සිරා කොලුවත් හොද ක්‍රිකටර්...සංවිධායක කම තිබුනෙ නැත්නම් මමත් ඊයෙ සෙල්ලම් කරනවා...වෙන තැනකදි සෙට් වෙලා බලමුකො කප් එක ආයෙත් වයඹට යයිද කියලා...

      Delete
    5. අන්න හලී...... ඊළග සැරේ අපි සිරා අයියට සපෝර්ට් කරනෝ... :D

      Delete
  6. අහා අන්තිමට සිද්ධ වෙච්චි දෙවල් දැනගත්තෙ දැන් නේ ;)

    ReplyDelete
    Replies
    1. හික්ස් ඔව්නේ... තව තව ඒවා ඇති..හොයාගන්න ඕනි... :D

      Delete
  7. Replies
    1. අපි ඊළග සැරේ හමුවෙමුකෝ අක්කෝ...

      Delete
  8. හුරේ!!!! නාඩියා මේකෙත් සුද්දයි! :)
    ශම්මි නම් හොඳටම බය වෙලා වගේ හිටියේ නෑලු!! :පි
    අටම් අයියා කියපු ටිකනම් ඇත්ත වගේලු!! (මුණ)

    ReplyDelete
    Replies
    1. තෝ ඉඩහන් මම දෙන්නම් කෑමක් :D

      Delete
    2. ඒ ඉන්ට...මම ඊයේ ඉදන් සර්චින් මඩක් ගහන්ට මේ නාඩියට... ඉවසන්නකෝ ඇ..

      Delete
  9. හරිම සතුටුයි මේවා දකිද්දී නම් ශම්මි .ගොඩක් විනෝද
    වෙලා කියල පේනවා හැමෝම ..ගොඩක් සතුටුයි...

    ReplyDelete
    Replies
    1. ඔව්නි..ඇයි ඔයා ආවේ නැත්තෙ?? අපරාදේ සහන්.. ඊළග සැරේවත් එන්ඩෝ......

      Delete

    2. ඔව් මේවා දකිද්දී නම් එන්නමයි හිත ..ලබන
      පාර එනවමයි මොන ලෝකේ හිටියත් ....කෝ ඉතින්
      ඔයා ? රූපෙන් පෙන්නන්නකො බලන්න...මාව නම්
      දැකල ඇතිනේ ...

      Delete
    3. ඔය එකකවත් මගේ පින්තූරයක් නෑනේ අනේ.. අඩුගානේ මගේ කැමරාවේවත් මම නෑ.. රෝස පාට ටී ෂර්ට් එකක් ඇදගෙන ඉන්නවානම් මම.. ඒකනේ..ඊළග සැරේ එන්නකෝ..

      Delete

    4. මචන් ඇහුවට මුකුත් හිතන්න එපා පහු ගිය කාලේ z වලින් නම ඉවර වෙන ෆොටෝ ගහල තිබ්බේ උබේ අක්කද ?

      Delete
  10. හික් හික් යනුවෙන් යනුවෙන් හිනාවක් නගා නවතිමි.. ශම්මියටත් දර සයිස් මඩක් ගැසිය හැකි උවත් සැර වැඩි වේදෝයි සැකයක් ඇති වන නිසා ඔන්න ඔහෙ නොකියා ඉමි :P

    ReplyDelete
    Replies
    1. සාදිරිස්January 28, 2013 at 1:11 PM

      පිස්සු නම් කෙලින්න එපා ... මාව ගාවන්නේ නැතිව ඕනේ දෙයක්

      Delete
    2. හි හි නෑ නෑ :))))
      ඒම කරන්නෙ නෑ :D

      Delete
    3. ඇඩෝව් සමියා..... අහුවෙනවකෝ ආයේ.... උඩ සදහන් අන්වර්ත නාමයෙන් මඩ ගැහුවට කමක් නෑ පෞද්ගලිකව.. ප්‍ර‍සිද්දියේ ගැහුවත් ඉතින් කාටවත් ඕක මීටර් නෑ... මුනා වුනත් ඒක තමයි සෝයිම එක..හිකිස්.. මෙයා ළගටම ඇවිල්ලා නෝන්ඩියට අහපු හැටි... සැහ්... කෑවයින් කෑවේ නෑ එහෙම කෑමක්..

      Delete
    4. සමියනම් මොකක් හෝ දන්න හැඩයි.

      Delete
  11. මදි මදි.. මේ මඩ හොඳටෝම මදි

    ReplyDelete
    Replies
    1. තව ගහන්ට බෑ... ගුටි කන්න වෙනෝනේ..අනික ඔයා නැති නිසා වීරයා වගේ කියවන්වා...ඉන්නකෝ.. දෙන්න.. :P

      Delete
    2. මී මලයෝ අවුරුද්දට වරෝ...

      Delete
  12. මදි මදි...
    දෙන්නංකෝ මඩං මං..
    හෙට දිහාට...

    ReplyDelete
    Replies
    1. අනේ බුදු අය්යේ... මම හරිම බයෙන් ඉන්නෙ ඔයාගෙයි, සමියගෙයි,දිනෙල්ක අය්යගෙයි, බිම්සරගෙයි බ්ලොග් පෝස්ට් ගැන... අපි ලාළුවොනේ නෙහ්... ;) අනේ.....අනුෂ්කා අක්කව මතක් කරා කියන්නකෝ..

      Delete
    2. බිය නොවන්න තරියා සතුව මඩ නැත.. ඌ මේදිනවල වටේම මඩ සොයමින් වෙහෙසෙයි.

      Delete
    3. ඒකයි එහෙනම් පෝස්ට් එක මේ තරම් ප්‍ර‍මාද? :/

      Delete
  13. ඇ... ඇඩෙනව අප්පා...........

    ReplyDelete
    Replies
    1. ආවේ නැත්තේ මුකද අප්පා? (ආවදයි කියා සැකයෙන්)

      Delete
  14. Replies
    1. :O කතාකරේවත් නෑනේ.. :/ ආආ...අර පොඩි මල්ලියා මට මතකයි..කැප් එකක් දාගෙන හිටයේ..??

      Delete
  15. අපොයියි...... ඉලඟවතාවෙදිවත් එන්ඩ ඕන..
    ඒක නෙමේ නිසුපා අක්කා ආවේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ඇයව මම දන්නේ නෑනේ.. :( ඒකනේ ඊළග සැරේවත් එන්ඩ බලන්නකෝ අෆ්ෆා්...

      Delete
    2. නිසු ආවේ නෑ මධුරංග..අහල පහල ඉදලා ඔයා ආවේත් නෑ නේ.. :/

      Delete
    3. නිසු ආවේ නෑ මධුරංග..අහල පහල ඉදලා ඔයා ආවේත් නෑ නේ.. :/

      Delete
    4. නිසු ආවේ නෑ මධුරංග..අහල පහල ඉදලා ඔයා ආවේත් නෑ නේ.. :/

      Delete
  16. මං මේ කල්පනා කළේ මගේ පෝස්ට් එකකින් මඩක් ගෙනියන්නද වෙන මොනව හරි ලියන්නද කියලා. ඒකත් එක්ක ශම්මියාගේ පොටොවකුත් දාන්නංකෝ.....හැබැයි මාත් හරි ම සතුටකින් තමා එදා දවස ගත කළේ....

    ReplyDelete
    Replies
    1. කමක් නෑ අංකල් මඩ ගහන්න (මට ඇරෙන්න) අලේ....පොතෝ තියනවනම් එවන්නකෝ... මගේ පොතෝ නෑ කා ගාවවත්, අර අන්තිමට කිව්වේ// මගේ දුවට වඩා චුට්ටයි ලොකු කියලා// ඒක නම් මගෙ හිතටම දැනුනා.. :)

      Delete
    2. ඇත්තටම මගේ ලොකු දුවට වඩා ශම්මි පොඩ්ඩයි ලොකු....නොහික්මුණු ඇය ව හදුන්වා නොදුන්නට තරහයි..

      Delete
    3. අනේ.....සොරි අංකල්,ම්ම්,, ඊළග සැරේ නම් ඇදන් ඇවිත් හරි අදුන්වලා දෙනවා.. :)

      Delete
  17. අර හැමෝම ඉස්සරහ වෙච්ච ලැජ්ජාව හන්දා වෙන්ටැ නම වෙනස්කරන්න හිතුනේ.

    ReplyDelete
    Replies
    1. :( මගේ බ්ලොගේ මාව ඝාතනය කරන්නට තැත් කිරීම හෙළා දකිමි..

      Delete
    2. අනේ ඔය මම යැ ඒක විහින් කරගන්න හදනවනේ හික් හික්

      Delete
  18. මං ක්ලාස් කට් කිරීම පිලිබඳව හෙලි කිරීම නිසා බොගේ එකවුන්ට් එකේ පොලිය වැඩි වන බව කරුනාවෙන් සලකන්න...

    එතකොට අර කවුද දෙන්නෙක් අතර මගදි අතුරුදහන් උනේ නැතිලුද? O.o

    ReplyDelete
    Replies
    1. මොන පොලියද බොල, අම්මපා තව පාරක් දෙකක් මට බොලාට ගහන්න තිබ්බා නම්.. සැහ්..කට කලියාවක් දාන්න ඕනේ බොට.. :/

      මොකුන්ද ඒ?..

      Delete
  19. Replies
    1. හිකිස්...මොකෝ අලේ.....

      Delete
  20. ඊයේ හොඳට විනෝද වෙලා අපේ කට්ටිය.. නියමයි ආ..

    ReplyDelete
    Replies
    1. ෂෝය් අලේ ඊයේ නම්... හයියූ....ආවේ නෑ නේද???

      Delete
  21. ම නොපැමිණියේ ඔබතුමියගේ.. පෙර පිනක් පල දී බව ,,තරයේ සිහියේ තබාගන්න.. :D

    අඩේ ආසයි බන් අක්කේ... ගෙදර නොයන්න බලාගෙන හරි ආවනං කියල හිතෙනවා.. :( :D

    ReplyDelete
    Replies
    1. අනේ.......ඒකනම් ඇත්ත මුනා වුනත්...ඔබතුමා නෙවෙ බිම්සරයාත් නෑවිත් හිටියානම් හොදයි කියලා හිතෙනවා... :D :P

      ඒකනේ එන්ට එපැයි අර ඒක්කෙනෙක් ආවේ ක්ලාස් යනවා කියලා..

      Delete
    2. අපි ක්ලාස් යනව කියල ගෙදරින් ආවත් අළු-යම ගෙදරින් එන්න වෙනව. අතේ මාට්‍ටු

      ලබනපාර අවසර අරන්ම එන්නම්

      Delete
    3. හිකිස්.... බිම්සරයටත් ඕක වෙන්න තිබ්බෙ :D

      Delete
  22. අටම්ගේ කතාව ඉවර වෙන්නත් ඉස්සර ශම්මි අතුරුදහන් වෙනවා අපි දැක්කෙත් නැහැල්ලු ,

    තව එකක් උදේම ශම්මි සිත්තරි එක්ක කතාවක් ගෙන ඉන්නකොට මම සිත්ත්රිව අදුනගෙන සිත්තරිගෙන් ශම්මිව පෙන්නලා මෙයාගේ නම මොකක්ද කියල ඇහුවම ,
    සිත්ත්රි කිව්වේ ... අනේ මම තාම දන්නෙත් නැහැනේ කියලා... ඒත් දෙන්නම උදේ කෝච්චියේ ඉදලම එකටනේ ඇවිත් තියෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. හික්ස්,,සිත්තරී අක්කා ආව මුළු වෙලාවෙම ෆෝන් එකට කොට කොටනේ ආවේ,මෙලෝ සිහියක් නැතිව..
      අපුච්චියේ...මම අතුරුදහන් වුනේ නැතිනම් අපේ තාත්තා මාව අතුරුදහන් කරනවා ඒ වෙලාවේ.. :(

      Delete
  23. මේ දෑස මක්කටයි කියල මට නම් හිතුනේ නෑ ලු (දුකට කියන කතා නෙව..)
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. අපි සිහින උළලේදි සෙට් වෙමුකෝ... ඔයාගේ කැමලාවත් අරන් එන්න..දෙන්න ඕනේ මේ කස්ටියට තව මඩ ටිකක්..

      Delete
  24. Api avurudu uthsavedi set vemuko :)
    Shammi naga hoda byt ekak kaala vage ;)

    ReplyDelete
    Replies
    1. බයිට් නම් මුනාද මන්දා,,මේවා පච අය්යේ... ඵල ඇති රුකටනේ ගල් ගහන්නෙ අෆ්ෆා...

      Delete
  25. Replies
    1. ඇය් අනේ ආවේ නැත්තේ... ??

      Delete
  26. කාපු බීපුවාට කෙළ ගිලිමි.. ඊරිසියා කරමි.. පසුතැවෙමි.. ඉදහල්ලාකො එන්න සිහින උළෙලට..

    ReplyDelete
    Replies
    1. අපරාදේ අප්පා,,කාපු බීපුවා ගැන කෙසේ වෙතත්,ෂෝයි ඊයේ දවස...

      Delete
  27. මම දිල්ස්කූප් එක ගහපු එක ඔයා ලියලා නැහැනේ :/.අන්තිම මොහොතේ තමයි කිව්වේ ශම්මි කියන්නේ මම කියලා.සාදිරිසා කව්ද කියලත් අපි දැනගත්තා :).අන්තිමට අටමා ඔයාව කුජීත කරේ නැහැ කියලත් අපි දැක්කා.දෙන්නම්කො රිටන් තව :)

    ReplyDelete
    Replies
    1. හලේ...ඒක මට අමතකවුනා අප්පා,, එහ්හ්... ඉතින් නිශාන් කියලා ඇහුනට මූණ බලාගන්න බැරිවුනානේ...ඒකනේ මූණ අහුවුනු ගමන් පටස් ගාලා ඇවිත් කතා කරේ,ඒ මේ බොලා නේද අර ක්‍රිකට් ගහන්න කට්ටිය තෝරන වෙලාවේ මම මාරු වෙලා යද්දි අතින් ඇදලා කොහෙද යන්නෙ ඇහුවෙ?.. සාදිරිසාව නම් ඊයේ ගොඩදෙනෙක්ට මාට්ටු... අනේ මලයෝ..අපිව බේරලා මඩ ගහපිය...

      Delete
  28. අහ්හ්... මේ තියෙන්නේ මඩ.... හික්.... එල එල....

    ReplyDelete
    Replies
    1. අක්කියෝ ...ඊළග සැරේවත් එන්න බලන්නකෝ.... හික්ස්..මඩ නම් ගහනවා වගේ නෙවෙ වදිනකොට..හයියූ..

      Delete
  29. හාහ් හාහ් හහා....(පොස්ට් එකකට සුදානම් වෙමින්)

    ReplyDelete
    Replies
    1. හත්වලාමේ අපිව බේරලා ඕනි එකක්,,

      Delete
  30. පිස්සුද බන් නංගියේ ...අපි දෙන්නටම අරුන් ගහන්න දුන්නේ නෑ ...සත්තයි ..බොරුනන් නොහික්මුණු ඇසගෙන් අහල බලන්න
    :P

    ReplyDelete
    Replies
    1. මේ මගේ ර්යිටින් මගේ ඉට්ටයිල් එක හොර ගත්තට මම බුද්දිමය දේපල පනත යටතේ නඩු දන්නෙත් නෑලු

      Delete
    2. හැ.... ඒ මම හොලා ගත්තේ නෑ මුනාවත්,,ඔයාට කලින්නෙ මම පෝස්ට් එක දැම්මේ,,අද උදේ..ඔන්න ඔයා තමයි හෙලා ඇ..දැන් මම නඩු දානවා...

      අලේ බොරු කියන්න එපා..ලැජ්ජාවේ බෑ..මම මැච් බලන එකත් නතර කරා ඒකෙන් පස්සේ..

      Delete
  31. ස්තුති ශම්මියෝ...

    වැනි වැනි සිංදු කියන්න අපිට පුරුදු කලේ මොන්ටිසෝරි ටීචර් හරිය :)

    ReplyDelete
    Replies
    1. හික්ස් හලී...!! (Y) ගොඩක් අය ඒ මොන්ටිසෝර්යටම ගිහින් තියනවා නේ.. ;)

      Delete
  32. කෝ ඉතින් "ජිංජි" ගෙ වැඩේ හරි ගිඅයාද කියල කියල නැහැනේ

    ReplyDelete
    Replies
    1. නැතිලු,ඒ ගැල්ලමයා මගින් බැහැලා ගිහිල්ලා.. :D

      Delete
  33. හි හි.. ෆුල් ආතල් ඇති නේ?

    ReplyDelete
    Replies
    1. ඒකනේ අපරාදේ අයියණ්ඩියා ආවේ නෑනේ.. :/

      Delete
    2. වෙලාවක් තිබ්බේ නෑනේ.ඇයි ඔයා මට අයියණ්ඩි කයන්නේ? හි හි

      Delete
    3. මේකට ක්මෙන්ට් කරලා ඉවර වෙලානේ මම අරකෙ ක්මෙන්ට් දැක්කේ... එර්ර්...දැන්නේ දන්නේ පොඩි එකෙක් කියලා.. හිහි... සොලි මලයෝ...

      Delete
  34. දුකට කාරණා එමටයි.........................
    නලින් අයියා හඳුනා ගතිමි.......

    ReplyDelete
    Replies
    1. මල්ලියා ආවේ නැත්තේ ඇයි?? :/

      Delete
  35. Replies
    1. මම තරියා අය්යගෙන් ඇහුවත් එක්ක තරු අය්යා ආවේ නැත්තේ ඇයි කියලා... එන්ඩ එපැයි අනේ..

      Delete
  36. පට්ට ඉරිසියාවයි කිව්ව හැබෑට නංගියේ ඔතන මම ඉන්නවා බොලා එකෙක්වත් දැක්කේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඇ, ම්ම්ම්ම්,,, ඔයා මෙතන නෑ කියලා නම් ෂුවර්, මොකද මම ඔයාව කාගේ හරි මූණු පොතකින් දැකලා තියනවා, ඒත් ඒම මූණක් තිබ්බේ නෑනේ.. @මතක් කරමින්..

      Delete
    2. (කළ කිරීමෙන්) හයි යයියෝ වැඩක් නෑ. වැඩක් නෑ. මාත් හිටියේ කෝරළයත් එක්කමනේ. මාව දැක්කෙත් නැද්ද? අර ඩෙනිම ගහලා.

      Delete
    3. විනාසයි,,නැහැනේ බොලව්...එහ්හ්,, ටී ශර්ට් එකේ පාට කියන්ට බලන්න.. O.o ඒමවත් හොයාගන්න

      Delete
  37. ගොඩක් අය අඳුර ගන්න එක මග ඇරුනා. ඒත් නිශාන් ගේ පෝස්ට් එකෙන් ඔයාව අඳුන ගත්තෙ.
    අන්තිම වෙනකන් ඉන්න බැරිවෙච්ච එක පාඩුවක් උනා.

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ්,,ඔව්නි, වීයා කියලා කියනවා ඇහුනත් මටත් කතා කරන්න වුනේ නෑනේ,, දැන් හැබැයි දන්න නිසා ඊළග සැරේ නම් කතා කරන්න පුළුවන්.. මගේ පළවෙනිම ගෙට්ටුව නිසා ටිකක් බයෙන් හිටියෙත්,
      ආයේ හමුවෙමුකෝ.. !!

      Delete
  38. එ හූ මාව මතකද ඈ :ඪ්....ඔයා නෙද අර ලස්සන ගෑල්ලමයා

    ReplyDelete
    Replies
    1. මොකද මතක නැත්තේ ස්කූබියෝ??...අහ්හ්..ඒම කියන්න නම් දන්නෙ නෑ,අර රෝස පාට ටොප් එක ඇදලා හිටි කෙනා මම තමයි

      Delete
  39. මං හිතං හිටියේ ශම්මි බ්ලොගයක් ලියන්නේ නෑ කියලා.. ඔන්න අද මේ පැත්තේ ඇවිල්ලා 100 වෙනියා උනා...

    ශම්මි ගැන අද හැමතැනම දැක්කා.. හි හි

    ReplyDelete
    Replies
    1. මුලින්ම ෆලෝවර්ස්ලා 100ක් වෙලා කියලා දැක්ක ගමන්ම හිතට ලොකු සතුටක් ආවා.... ඒකට ස්තූතියි.. අනේ අක්කෝ.. බලන්නකෝ හැමෝම මාව බයිට් එකට අල්ලගෙන.. :(

      Delete
    2. අඩේ හිරූ ... මගේ චෑන්ස් එක, ආ ... කමක් නෑ ඔන්න, මම 101.

      ඒකනේ .... යන යන තැන ශම්මි. ඒකනේ මමත් ආවෙ බලන්න මේ කවුද කියල.

      Delete
    3. හික්ස්,, කමක් නෑනේ 101 කියන එකෙනුත් මට සතුටක්නේ.. :D හැපෝයි,, ශම්මියාව කස්ටිය කාලා පෝස්ටුවලින්.. :D

      Delete
  40. යකෝ ... මුංට තෑගි දෙන්ටෙපෑය, මුළු දවසක් කැමරා අටෝරාශියකට මූන දීගෙන හිටියට. නැත්නම් ඉතිං හැරෙන හැරෙන පැත්තට මඩනේ. නාවට ඔන්න නොදන්න අය කීපදෙනෙක්ම දැකගත්තා කට්ටිය දාපු පෝස්ට්වලින්.

    මුල සිටම ශම්මිට එල්ල වූ ප්‍රහාරයෙ හැටියට තව පොඩ්ඩක් දැඩි ප්‍රහාරයක් දුන්නනම් හොඳයි වගේ. :)

    ReplyDelete
    Replies
    1. අපේ සිරා අය්යණ්ඩියා පෝස්ටුවක් දානවා කියලා ආරංචියක් ආවා කට්ටියගෙම නම්,පිංතූර ඇතුව,අනිත් අයවත් බලන්න පුළුවන් එතකොට,සයිබර් ෆෙස්ටිවල් එකටවත් එන්න බලන්ඩෝ.................

      හිහි,ඔව් ඔව්.. දෙවෙනි පෝස්ට් එකකුති දාන්න වෙනවා මට මේම ගිහිල්ලා,, තව මඩ ටිකක් මතක් කරගෙන ඒකත් දාන්වා...(මේක රාසක් ඇ කාටවත් කියන්න එපා)

      Delete
  41. මට එන්න බැරි උනානේ......... :( සිරාවටම දැන් නම් හිතෙනවා කොහොමහරි ගම්පහ ආවනම් හරි කියලා

    ReplyDelete
    Replies
    1. ඒකනේ අයියණ්ඩියා... අපරාදේ,, හැබැයි ඊළග සැරේ ආයේ තියනවා අප්‍රේල් 21 සයිබර් ෆෙස්ටිවල් එක,,ඒකටවත් එන්න බලන්නකෝ කෝම හරි.. :/

      Delete
  42. කැප එක කොහොමරි උස්සන්න පොරොන්දු දීලා තිබුන නිසා විවේක කාල අතර තුරත් පුහුණුවීම් වලට යොමු වෙන්න උන නිසා මේ සැරේ ගොඩක් ය එක්ක කතා කරන්න උනේ නම් නැ.... එත් ඉතින් මේ කෙල්ල අපිව අදුනන්නේ නැ වගේ උන්නු නිසා කතා කරන්න උනේ නැ...

    ලොකුම මඩ වැදුනේ කාටද කියලා අපි කියන්න යන්නෙත් නැලු....

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් අඳුරගන්න ලැබුනේ එදාමනේ...ටිකක් බයෙන් හිටියේ පළවෙනිම ගෙට් එක නිසා මගේ,ඔව්නි කප් එක ගියේ අය්ටණ්ඩිලටනේ.. (Y)

      හයියෝ......මට නම් නෙවෙයි ඔන්න.. :( :P

      Delete
  43. ශම්මි නම අහල තිබ්බට එදා තමා අඳුරගත්තේ !! බ්ලොග් කියවන්නෙම නැති මම මේ පාර ඔන්න ඔක්කොම බ්ලොග් ටික කියෙව්වා ගම්පහ ගෙට් එක ගැන !!

    ReplyDelete
    Replies
    1. තැන්කූ අක්කියෝ.... ඒ ක්‍රිකට් ගහන්න ආවේ ඔයා නේද?? (ආවා නෙවෙ මාව වගේම ඇදන් ආවා) :D

      Delete
  44. කට්ටිය පුදුම ජොලියක් අරන් තියෙන්නෙ ඈ... ඉරිසියයි කියන්නෙ හොදටම ඉරිසියයි මට නම්!

    ReplyDelete
    Replies
    1. හිහි,, ඒකනේ යාළු,, ඊළග සැරේවත් හමුවෙමුකෝ..සයිබර් සිහින උළලෙදි.. :)

      Delete
  45. ගම්පහ ඇයන්ට ස්තුතීයි

    ReplyDelete
    Replies
    1. ඔව්,සතුටුම දවසක්, තවත් ලස්සන.. :)

      Delete
  46. This comment has been removed by the author.

    ReplyDelete
  47. //කෝම හරි කප් එක වයඹට තමයි ගියේ.. //
    කැලණිය දෙක හරි උනානේ
    අයියෝ මම ඔයාව අදුන ගත්තේ නෑනේ. ඒකයි කතා නොකළේ. තරියා අයියා උන එකේ මටත් අයියම කියමු එහෙනම්.

    ReplyDelete
    Replies
    1. අලේ,, මම එතකොට යනවා කියලා කිව්වේ කාටද?? :O මේ ඔයාලා දෙන්නා ඊළග සැරේ එද්දි නම් ලියලා ශර්ට් එකේ ගහගෙන එන්ඩ අප්පා... :(

      තරියා අයියණ්ඩියා අවුරුද්දක් වැඩිමල්නේ... ඒනම් හලී.. කසුන් අය්යණ්ඩියා, සයිබර් ෆෙස්ටිවල් එකේදි හමුවෙමුකෝ.. :)

      Delete
  48. දුක තමා මේ පාරට.
    අවුරුදු උත්සවේ තියෙනවනේ.
    ජිංජියා එක්ක මින්පස්සේ ගමන් යනවනම් පරිස්සමෙන් යන්නෝනේ

    ReplyDelete
    Replies
    1. අලේ.....ඒනම් අවුරුදු උත්සවේටවත් එන්න බලන්නකෝ කෝම හරි,, හිහි,, ඔව්නි, හොද කල්පනාවෙන් යන්න වෙන්නේ..

      Delete

  49. අපි දැක්කො....හි හි ක්‍රීම් පාට හෑන්ඩ් බැග් එකක් තියන් ඉන්නේ ????

    ReplyDelete
  50. මේවා දැක්කහම සතුටයි දුකයි දෙකම ,,,සුදානම් වෙලා හිටිය එකටත් හදිසි කරදරයක් වුණ නිසා එන්න බැරිවුණා ..අප්‍රේල් ගමන නම කොහොමත් එන්න බැරි වෙයි ....

    ReplyDelete
    Replies
    1. :( මොකෝ වුනේ?.. පුළුවන් උනොත් එන්න බලන්න අයියණ්ඩියා... උත්සාහ කරලා බලන්නකෝ...

      Delete
  51. අනේ මේ දවස් වල ඔක්කොම බ්ලොග් වල තියෙන්නෙ ගෙට්ටුව ගැන. ආසාවෙ බෑ. ඊගාව එකටනම් එනවමයි.

    ReplyDelete
    Replies
    1. අපරාදෙනේ එන්න තිබ්බා,, අප්‍රේල් මාසේ 21 වෙනිදා හෙන්ද්‍රි පේදිරිස් එකේ තියනවා සිහින උළෙල..ඒකටවත් එන්න බලන්නකෝ...

      Delete
  52. ආයිත් අහලා...ඉසියාවේ බැරිවා.... හැම එකාම ගහල තියෙන මඩ දැකලා ඒවා කියෝනව මිසක්කා දැන් මොනා කරන්නද...හුල්ල හුල්ල ඉන්නවා මිසක්කා...
    කමක් නෑ.... මම ලගදි ආපු එකා. සුවරයක් තිබ්බේ නෑ ඒ නිසා...
    අනික වෙල්ලස්සේ පැත්තෙන් කවුරුත් ඇවිදිනුත් නෑ වගේ....
    මොනා උනත් කස්ටියගේ සන්තෝසෙට අපෙත් ප්‍රනාමේ ඔඕන් !

    ReplyDelete
    Replies
    1. වෙල්ලස්සෙන් ආවා බොලව් නොහික්මුණූ ඇස, එන්ඩ තිබ්බානේ..හයියයු,,... දැන් ඉතින් මතක ඇතිව සිහින උළෙලටවත් එන්න හොදේ... අපිත් අලුත් තමයි..අපි කෙසේවෙතත් මම.... :) අප්‍රේල් මාසේ එන්ඩකෝ බොලාටත් මඩක් වදින්නෙ නැතැ...හිහිහි....

      Delete
    2. අහා හරිය, කදිමය... හැම දොහෙන්ම ආව බව කී මුත් වෙල්ලස්ස නිහඩ බැවින් ඇසුවෙමි.
      අගෙයි ....

      Delete
    3. හිහි,,එයා කොළඹට ඇවිත් ගිය නිසා ඒ තරම් ගානක් වුනේ නෑ කටවත් මම හිතන්නේ, ඊළග සැරේවත් එන්න බලන්නකෝ...කොහෙන් ආවත් මේ සිරිලංකාවෙම කස්ටියනේ... :)

      Delete
  53. අලේ කව්ලුවත් අපිට ආරාදනා කොරේ නෑනේ..හුප්....

    ඒකට කමක් නෑ අපිව අදුර ගන්නත් එක්ක එන්ට මෙයාලා
    http://www.suwiiinwonderland.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ආරාධනා කරන්න එතකොට ඔයා බ්ලොග් ලිව්වේ නෑවේ නංගෝ.. මේ සැරේ 21 එන්නකෝ.. :D

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?