ශම්මිගේ යාළුවෝ

Friday, January 11, 2013

මගහැරුණු විශේෂය




මෙච්චර පෝස්ට් ලිව්වා,ඒත් විශේෂම කෙනා ගැන ලිව්වෙ නෑ,ඒක ලොකු අඩුවක් වගේ..විශේෂය කියලා මම මේ කියන්න හදන්නෙ මගේ ජීවිතේ විශේෂම පුද්ගලයා ගැන,මම ඉපදෙන්නත් කලින් ඉදන්ම මාව දැනන් හිටපු, මම එනකන් මග බලන් හිටපු, අනිත් හැමදේටම වඩා මට ආදරේ කරන,තමන්ගෙ පණ කියලා මාව හිතන් ඉන්න කෙනා ගැන,

මම හා හා පුරා කියලා කියලා තියෙන්නෙත් ඒ කෙනාගෙ නමලු, මට ඉඳුල් කට ගාලා,අකුරු කියවලා තියෙන්නෙත් ඒ කෙනාලු, ඒ තමයි මගේ තාත්තා, 


මේක නම් දැන් අවුරුදු ගාණකට කලින් ගත්තු එකක්,දැනටත් වැඩි වෙනසක් නැ ටිකක් මහත් වෙලා,


           මගේ තාත්තා, ම්ම්ම්... සාමාන්‍යෙයන් අසාමාන්‍ය විදියට මම ජීවිතේ ආදරේ කරන දෙන්නයි ඉන්නෙ,එක්කෙනෙක් මගේ තාත්තා අනිත් කෙනා සාදාරිසා, අම්මටත් හුගාක් ආදරෙයි,ඒත් ඒක අසාමාන්‍ය ආදරයක් නෙවෙයි,ගොඩක් ලොකු ආදරයක්, මගේ තාත්තා මගේ ජීවිතේ,සාදිරිස් කියන්නෙ මගේ පණ,අම්මා තමයි හුස්ම ටික, ඔන්න ඔහොමයි විග්‍රහ කරන්න වෙන්නෙ.. කෝම හරි මට මේ ඊයෙ පෙරේදා මතක් වුනේ හැමෝම ගැන ලිව්වට මම තාත්තා ගැන කිව්වෙ නෑ නේද කියලා, ගමක ඉපදිලා, කිසිම දෙයක් නැතුව තමන්ගෙ මහන්සියෙන්, තමන්ගෙ දාඩිය, ශ්‍රමය කාලය වැය කරලා, තමන්ටම කියලා නමක්, තැනක්, ව්‍යාපාරයක් ගොඩනගාගත්තු කෙනෙක් තමයි මගේ තාත්තා, අට දෙනෙක් ඉන්න පවුලක 7 වෙනයා වුනු තාත්තා කොළඹට ඇවිත් තියෙන්නෙ නම් අවුරුදු 18දි වගේ..එදා ඉදන් අද වෙනකම් කොළඹ වහුකුණාලා එක්ක ඔට්ටු වෙලා දැන් තමන්ටම කියලා හැමදේම ලබාගත්තු කෙනෙක් තමයි තාත්තා, සාමකාමී ගතිපැවතුම් තියන, තරහා යන්නෙ නැති කෙනෙක් වුනු කෙනෙක් වුනා, මම ඉපදනු කාලේ ඉදන්ම මට තිබුණෙ,මට දුන්නෙ සීමිත නිදහසක් නිසාද මන්දා මට හුගාක්ම ළං වුනේ තාත්තා,කොළඹ ඉපදිලා ,කොළඹ හැදුනු වැඩුනු කෙනෙක් වුනත් ගමක කෙනෙක්ගෙ තියන සිතුම් පැතුම්,ගතිගුණ මට වැඩිපුර තියෙන්නෙ තාත්තා එක්ක ළගින් ඉන්න නිසාමද කොහෙද, පුංචි කාලේ ඉදන්ම වෙන කවුරු නැතත් මම කියන හැමදේටම තාත්තා ඇහුන්කම් දුන්නා, ඇඩුවම නැළව්වා විතරක් නෙවෙයි, සමහර වෙලාවට මාත් එක්කම ඇඩුවා,, තාත්තාට හුගක්ම ළග නිසාද කොහිද පොඩි කාලෙ නම් කොලු භාගයක් වගේ තමයි හිටියෙ, 


මේ මට ඉඳුල් කට ගාපු දවසේ ගත්තු එකක්.

         අදටත් රෑට විදුලි කොටද්දි , ගොරවද්දි එහෙම බයවුනාම තාත්තා තමයි මාව උස්සලා අරන් අම්මයි තාත්තයි මැද්දෙයි තියන් නිදියන්නෙ.බව්වොන්ට එහෙම බය වෙලා උසේන් බෝල්ට් වැහෙද්දි ළගට ඇදලා ගන්නෙ, ඔය ඔක්කොම තාත්තා තමයි, 

  දැන් වෙනමම නිදියන නිසා, මේ ළගදි ඔලුව රිදෙන්න අරන් බෙඩ් ශීට් එකත් බිම දිගේ ඇදගෙන,ටෙඩියවත් උස්සගෙන කෙලින්ම ගියෙ තාත්තා ගාවට ඔලුව අතගාන්න කියාගෙන,.(තාත්තටයි සාදිරිසටයි ඇරන්නෙ වෙන කාටවත් ඔලුව අල්ලන්න දෙන්නෙ නෑ)ඊට පස්සෙ ඉතින් නින්ද යනකල්ම ඔලුව අතාගාලා එයා ගාවම දොයි කරගත්තා..

සාමානයයෙන් ළමයි ඉස්සෙල්ලම කියන්නෙ අම්මා කියලා,හැබැයි මම කියලා තියෙන්නෙ තාත්තා කියලලු, ඒ නිසා අම්මට නම් ටිකක් තරහා යනවා,අම්මා නම් කියන්නෙ මම තාත්තමයිලු, අම්මගෙ ගතිගුණ මුකුත්ම නෑලු,හැබැයි ඔය කොච්චර වුනත් තාත්තට තාමත් අම්මගෙයි මගෙයි කටහඩ අදුරගන්න බෑ ෆෝන් එකෙන්.. :D වෙලාවකට අම්මගෙ ෆෝන් එක මම ආන්ස්වර් කරාම මටම බනිනවා ''අර කෙල්ල මොනවම හරි කරනවනේ,ඒ පාර මම කාර් එකෙ දාගෙන හිටපු ඩයිරිය උස්සලා''
ඔන්න ඉතින් මම අහන් ඉදලා තාත්තට කියන්නෙ කොයි එකීද කියලා..? :D අම්මට මගෙයි තාත්තගෙයි අඩි සද්ද අදුරන්න බෑ, ඉස්සර මම ඉස්කෝලේ සපත්තු දාගෙන ඇවිදිද්දි අම්මා හිතන්නෙ තාත්තා ඇවිදිනවා කියලා..

                ඒත් තාත්තගෙ ආසාවක් වුනු දේ මට කරන්න බැරි වුනා,තාත්තා මම පුංචි කාලේ කොළඹ ලෝ ෆැකල්ටි එක ගාවට එක්කන් ඇවිත් ඔයා කවදහරි මෙතනට එන්න ඕනේ කියලා පෙන්නලා කිව්වා,ඒත් මට ඉස්සර ඉදන්ම ඒයාර්ෆෝර්ස් අයි ටී ඔෆිසර් යන්නයි,සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් වෙන්නයි,වෙබ් ඩිවෙලොපර් කෙනෙක් වෙන්නයි විදියට කාලෙන් කාලෙට ආසාවල් වෙනස් වුනු නිසා ඒක කරන්න ලැබුනෙ නෑ,දැන් එයාගෙ ඊළග ආසාව වුනු තාත්තා වහලා දාපු ට්‍රැවල් ඒජන්සිය ආයෙත් ගොඩනගන්න උත්සාහ කරනවා මගේ හීන ටික අතෑරලා දාලා.. නැත්තම් මෙච්චර කල් ඉගැන්නුවටත් ණයයිනෙ,    

          හැබැයි ඉතින් රංඩු වෙනවා ඉවරෙකුත් නැ,තරහා වෙනවා ඉවරෙකුත් නෑ, රංඩු වුනත් යාළු වුනත් අම්මට තමයි කරදරේ,.. :D 
අදටත් හැබැයි වලි ගොඩයි.... 

මේ පෝස්ට් එක ලියන්න ගිහාම නම් පෝස්ට් එක කියවන්න පැය භාගයක් විතර ඕනේ වෙයි ඔයාලට..දැන් දවස් ගාණක් තිස්සෙ ලියලා,ගොඩක් ඒවා අයින් කරලා, දානවද නැද්ද කියලා හිත හිත ඉදලා අන්තිමට දැම්මා..,පස්සෙ වෙලාවක ඉතුරු ටිකත් දානවා..බ්ලොග් එකේ පෙනුම පොඩ්ඩක් වෙනස් කරා..අනේ මන්දා.. පොඩ්ඩක් බලලා මට ඒ ගැනත් අදහසක් කියන්න..



                                මේ තාත්තගෙ ආසම සිංදුව

මේ දෙවනියට ආස සිංදුව




50 comments:


  1. ඔයාලයි තාත්ත පට්ටයි සිරාවටම

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් දන්නෝනේ.. තාත්තා හැමවෙලේම කඳුකර වැහිළිහිණියව මතක් කරනවා.. :D

      Delete
  2. ගොඩක් තාත්තලා ඔය වගේ තමයි ශම්මියෝ..... ඇත්තටම මට මොකක්දෝ මෙව්වා එකක් ආව අප්පා මේක කියවල. ඒක වචන වලට ගලපන්න තේරෙන්නේ නෑ....

    අපේ අම්මගෙයි, මගෙයි, අක්කගෙයි තුන් දෙනාගෙම කටහඩවල් මාරු වෙනවා... එකම වගේලු ෆෝන් එකෙන් අහනකොට....හික්....

    දුවේ නුබ මගේ ප්‍රාණයයි කියන සින්දුවට මාත් මාරම ආසයි. ඒක අහනකොට මට මාරම හැගීමක් එන්නේ.... තාත්තාල දුලට කොච්චර ආදරේද නේද.....

    මාත් මේ ඊයේ පොස්ට් එකක් ලිය ලිය හිටියේ අපේ තාත්තගේ පොඩි කලේ සීන් එකක් ගැන.... :)

    ReplyDelete
    Replies
    1. ඒ හැගීම වචනවලට ගලපන්න පුළුවන් වුනාම ආයේ ක්මෙන්ට් එකක් දාන්න සමනළි, මටත් ඕම වෙනවා ගොඩක් වෙලාවට.. ඒක ඇත්ත..තාත්තා දුවලට තමයි වැඩියෙන්ම ආදරේ... අපේ තාත්තා දවසක් කිව්වා අම්මා නැතිවුනාට පස්සෙ(ආච්චි) ආයේ අඩන්නෙ මම කසාද බඳින දවසට කියලා, :( එදා ඉදන් මම ඒ තරම් ඔය සිංදුවට වැඩිය කැමති නැ ඒත්.. හැබැයි සාදිරිසා තාත්තා වගේම නිසයි,ඒ දෙන්නා එකතු නිසයි දැන් නම් ඒ තරම් අවුලක් නැ,

      ඒ ඔයාගේ පෝස්ට් එකත් දාන්න... ඉක්මනටම...

      Delete
  3. පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදි ..

    ReplyDelete
    Replies
    1. ඕවිනි අයියණ්ඩියා....ඇත්ත..

      Delete
    2. මං කොටන්ට ආපු පාඨය මූ කොටලනේ ........ සැක් සැක් සැක් .........

      Delete
    3. දෙන්නා කතා වෙලයි ආවේ... O.o

      Delete
  4. ලස්සනට ලියලා :)

    දැං හරි, පෝන් එකෙං අවම අකුරු පොඩියට පේනවා...

    ReplyDelete
    Replies
    1. හලේ.......ඒනම් හලි... මේ පොඩි පොඩි වෙනස්කම් වගයක් කරා මම... ;) ටැන්කූ සමියෝ...

      Delete
  5. // තාත්තා හැමවෙලේම කඳුකර වැහිළිහිණියව මතක් කරනවා//

    මාව නෙමේ නේද ? හි හි හී

    ඔයා වාසනාවන්තයි ශම්මියෝ...මම කියන්නෙ එච්චරයි :)

    ReplyDelete
    Replies
    1. හිහි,, නෑ නෑ අක්කෝ... :D ස්තූතියි ළිහිණි අක්කෝ.. :)

      Delete
  6. අන්න එහෙම තමා අක්කියෝ අම්මයි තාත්තයි එක්ක ඉන්ඩ ඕන....

    එකක් කියන්නද..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .ආයෙත් බ්ලොගේ ඉස්සර පෙනුම ගන්න කියලා මම හොඳින් කියනවා....දන්නවානේ නරකින් කිවුවොත්...

    ReplyDelete
    Replies
    1. හපොයි ඔන්න, බලධාරියත් කිව්වා,, දැන් හරි...කලින් පෙනුමම නැතත් ආයේ ඒ විදියට තියනවා..කලින් එක රෝස පාට වැඩි වගේ හිතුනා.. දැන් ආයෙ සුට්ටක් බලන්නකෝ.. :)

      Delete
  7. ape thaththath ape nangita nam lagata aran hurathl krla adare karanawa..
    Eth mata nam ehema na.e unata mama dannawa thththa mata godak adarei kyla.eya adare krnne pitata danenna nemei.

    Ekata mage amma,ammai mai yaluwo wagee..

    Thaththata adare nathuwa nemei.eth amma tharam thaththa mata lan wela na..

    Amma nathuwa jiwithayk nathi tharamata mama ammata adarei...

    Badim kyna dwl harima apurui,rasawath. .
    Jayama wewa !!!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්,ඔව්.. ගොඩක් වෙලාවට තාත්තලා ආදරේ පෙන්නනවා අඩුයි කියලා මමත් අහලා තියනවා, අපේ අම්මත් කියනවා එයාලයි තාත්තත් ඒමලු,, ඒත් මට එච්චර දන්නෙ නෑ මොකද මගේ තාත්තා තමයි මගේ එක්ක වැඩියෙන්ම එකතු.. ඒක ඇත්ත යාළු,බැඳීම් අපිව ජීවත් කරවනවා..
      ජය!!

      Delete
  8. :) :)
    තාත්තා.....
    මගේ ලෝකේ රජ්ජුරුවෝ එයා තමයි...
    ඒත් මං ගොඩක් ෆිට් එයාගේ රැජිනත් එක්ක තමයි.. ;)
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. හිහි,මගේ ලෝකේ රජ්ජුරුවොත් එයා තමයි,,ඒත් ම නම් වැඩියම යාළු රජා එක්කමයි... ^_^

      Delete
  9. තාත්තල ආදරේ උනාට වැඩිය ඒ ආදරේ පෙන්නන්නෙ නෑ........... හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. :D සාදරයෙන් පිළිගන්නවා යාළු,,!! ම්ම්ම් ඔව්ව්........ඒත් මගේ තාත්තා නම් ඒම නෑ.. ;)

      Delete
  10. දූලා වැඩියෙන් ආදරේ තාත්තටලු. ඇත්තද නංගෝ?

    ගොඩක් සංවේදී. ඒ වගේම ලස්සනයි. ජය වේවා හොඳේ.

    ReplyDelete
    Replies
    1. ඔව්නි අක්කෝ...... මම නම් තාත්තට... :D ස්තූතියි අක්කෝ...

      Delete
    2. කවදා හෝ දවසක මගේ කෙල්ලෝ දෙන්නත් මා ගැන මෙහෙම කියයි ද?
      හරිම ලස්සනයි කෙල්ලේ පෝස්ට් එක.

      Delete
    3. කියයි අංකල්, අනිවාර්යයෙන්ම කියය්,, හිහි...තැන්කූ.....!!! :D

      Delete
  11. හ්ම්ම්....ලස්සන අතාවක් ඈ! කවුද මේ සාදිරිසා???

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියණ්ඩියා.... අහ්හ්..සාදිරිසා කියන්නෙ මගේ බලධාරියා නොවැ.. ^_^

      Delete
  12. ඒ සෝයි අෆ්ෆා... තාත්ත

    ReplyDelete
    Replies
    1. ^_^ ටැන්කූ මල්ලියා...

      Delete
  13. කෝ දුවේ මගේ කමෙන්ට් එක ?

    ReplyDelete
    Replies
    1. ක්මෙන්ට් එක? :O නෑනේ එකක්? මේ ක්මෙන්ට් එක දැක්කට පස්සෙ මම ස්පෑම් එකෙත් බැලුවා..ඒත් නෑ.. ඒකම ආයේ දාන්නකෝ..

      Delete
    2. දැන් ඉතින් කොරන්ඩ දෙයක් නෑ.
      ඊලඟ ලිපියෙදිවත් හරියට කමෙන්ට් එක දා ගම්මු.

      Delete
    3. හයියූ සැහ්,,ඒ වුනාට ඒක බලන්න ඕනේ,තව කී දෙනෙක්ට ඕම වෙලාද දන්නෙ නෑ,මම ස්පෑම් එකේ තිබ්බ පරණ කරමේන්ට් වගේකුත් දැම්මා, ඔයාගේ එක තිබ්බෙ නෑ ඒකෙත්, :(

      Delete
  14. අනේ මංදා ශම්මියෝ... කොහොම ඔය ආදරේද මොකක්ද එක බෙදනවද කියල...

    ReplyDelete
    Replies
    1. :D ඒවා බැදීම්මේ ප්‍රමාණය අනුව මල්ලියෝ බෙදෙන්නේ... හිහි..
      ජය..

      Delete
  15. අද කියෙව්වේම අම්මලා තාත්තලා ගැන ලියපුවා..... :)

    ReplyDelete
    Replies
    1. හෑ...ඉතින් ඔයාත් ලියන්ටකෝ ඇ..... :D

      Delete
  16. දූලා වැඩියෙන්ම ආදරේ තාත්තටලු...

    ලස්සනට ලියලා තියනවා ශම්මියෝ! :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.... ඒක ඇත්ත,, හිහි, තැන්කූ සිතූ...!!

      Delete
  17. ජෑංඩි පහට නොඇන්දට මගෙ ලොකෙ රජ්ජුරුවො නුබයි තාත්තෙ

    ReplyDelete
    Replies
    1. මට කියන්න අමතක උනනෙ කලිං ඔයා බිලොග් එක අයිං කලද එන්න ට්‍රයි එන්න බැරිඋනා

      Delete
    2. සාදරයෙන් පිළිගන්නවා යාළු!!!!..... ඔව්..ඇත්තම ඇත්ත,, (Y)

      Delete
    3. අහ්හ්හ්... නෑනේ...බ්ලොග් එක අයින් කරේ නෑ... :O ම්ම්ම් දැන් මාස 1 1/2 වගේ කලින්නම් දවස් 7ක් වගේ අයින් කරලා තිබ්බා,ඒත් ළගදි නම් නෑ..

      Delete
  18. අප්පච්චි තරම් වීරයෙක් ඉන්නවද දුවෙක්ට තවත්.......හ්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. :) ඒකනේ.... මගේ දුවෙක්ගෙ ලෝකේ වීරයා තාත්තා කියන්නෙ..

      Delete
  19. මං අපේ තාත්තත් එක්කනං වැඩි කතාබහක් නෑ..
    සාමාන්‍යෙයං අවුරුද්දකට වචන 100ක් වගේ තමා කතා වෙන්නේ..
    වැඩිපුරම “තාත්තේ මං කාර් එක ගන්නවා හරි, තාත්තෙ මං බයික් එක ගන්නවා“ කියන ටික තමා.
    තාත්තත් හ්ං කියයි. එච්චරයි..
    එත් ඉතිං ඇතුලෙං දෙන්නට දෙන්නා ආදරෙයි.
    ඒක ඉතිං පුතංඩියලගේ හැටියක්ලු....

    දෙවනි කාරනේ තමා මං හිතන්නේ ඔය සාදිරිස් කියන හාදයව මට දැං මීටර්...
    හරියටම ෂුවර් නැති නිසා සහ මනුස්සයව හංගගෙන කතා කරන නිසා නම දාන්නෑ ඈ...

    ජය ජය..

    ReplyDelete
    Replies
    1. :D ඒ පුතාලයේ හැටි දන්නවනේ තාත්තලා ඒක නිසා වෙන්නඇති, මම නම් දවසකට වචන 250ක් විතර කතා කරනවා ඇති, ^_^ හැබැයි හිටපු ගමන් දෙන්නට දෙන්නා යුද්ධ ප්‍රකාෂ කරන වෙලාවලුත් තියනවා..

      දෙවනි කාරණය සදහා, ඔබ දන්නවා O.o විස්වාස කළ නොහැකි කරුණාකර පෞද්ගලිකව පිළිතුරු ලබා දෙන්න.. :D හික්ස්..

      ජය වේවා.. !!

      Delete
  20. ශම්මි, අද තමයි මම ඔයාගේ බ්ලොග් එකට ගොඩඋනේ. ඉස්සෙල්ලම කියෙව්වේ මේ පොස්ට් එක. පිය සෙනෙහස ගැන ඉතාම ලස්සනට ලියල තියෙනවා.
    "පුදුමයි පුතුනි කීම මගේ ලේ කිරි නොවුනේ..." මේක ඇත්ත නේද?

    ReplyDelete
    Replies
    1. මුලින්ම සාදරයෙන් පිළීගන්නවා ඔයාව.... ස්තූතියි!! ඔව්නෙ මටත් ගොඩාක් වෙලාවට හිතිලා තියෙනවා ඔය වචන ටික ඇත්ත නේද කියලා,ඇත්තටම පුදුමයි එහෙම දෙයක් නොවුනු එක ගැන..

      ජය!!

      Delete
  21. මමත් නිතරම කියන එකක් තමා අපි අම්මා ගැන කොච්චර කතා කලත් තාත්තා ගැන කතා කරන්නේ බොහොම අඩුවෙන්.ඔයාගේ පෝස්ට් එක කියවද්දි මට අපේ ත‍ාත්තත් මතක් උනා.එය ඒක ඕනම ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන්.ඇත්තටම මගේ මුළු ලෝකයේම වීරයා වෙන්නෙත් තාත්තා.වීරවරිය අම්මා

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්...මගේ නම් ඒකේ අනිත් පැත්ත,තාත්තා ගැන තමයි වැඩිපුර කතා වෙන්නේ,බය වුනත් අනිත් අය අම්මා කියද්දි මට කියවෙන්නෙ තාත්තා කියලා..

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?