Friday, August 3, 2012

වසන්තයේ සිත සැලුනා අවසාන කොටස



එනම් මිලාන් ව කැනඩායට රැගෙන යාමට ගත් තීරණය නිසාය.මෙයින් මිලාන්ගේ හිතට විශාල කලකිරීමක් ඇති වුන නමුත් ඔහු එය දරාගෙන සිටියේ තම මවට සත්‍ය පැවසීමට තිබෙන අකමැත්ත නිසාය.කෙසේ හෝ මිලාන්ගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් ඔහුට කැනඩාවට යන්න සිදුවිය.එහිදී ඔහුව පරික්ෂාකර බැලූ වෛද්‍යවරැන් පැවසුවේ ඔහුගේ හිතේ තද කළකිරීමක් ඇති බවය.කලින් කල ගෙවී යත්ම ඔහුට සිය ජීවිතයේ ඉතුරැ කාලයද ගෙවීමට සිදුවන්නෙ කැනඩාවේ බව නිසලීට දැනගන්නට ලැබුනි.කෙසේ හෝ මිලාන් නිසලීව අමතක කරේ නැත.ඔහුට හැකි හැම වෙලාවකම නිසලී සමග දුරකතනයෙන් කතා කරන්නට විය.නමුත් සිත් තැවීම අඩුවක් නොවීය.මෙසේ කාලය ගතවෙද්දී මිලාන්ගේ දෙමාපියන් ඔහුට විවාහ යෝජනාවක් ගෙන ආවේය.මිලාන් නම් ඇයට කිසිසෙත්ම කැමැත්තක් දැක්වූයේ නැත.ඒ නිසාම ඒ විවාහයට ඔහු අකමැති වුනි.පසුව ඔහු විසින්ම ගොස් තම මවට තමන් නිසලි ට ආදරය කරන බවත් ඇයව විවාහ කරගන්නට කැමති බවත් කියා සිටියේය.ඉන් සති කිහිපයකට පසුව ඔවුන් යළි ශ්‍රී ලංකාව බලා පිටත් විය.ඒ නිසලි ගේ දෙමාපියන් සමග මේ ගැන කතිකා කර ගැනීමටය.


            ලංකාවට පැමිණි වහාම මිලාන් කරේ තම හද දිනූ ආදරවන්තිය නිසලි බැලීමට ගිය එකය.එහිදී ඇයව කලකට පසුව යළි දුටු සතුට නිසාවෙන් ඔහු සිහිසුන්ව ඇද වැටිණි.(මං කතාවෙ කලින් කිව්වා මිලාන් ට ලොකු සතුටක්, ලොකු දුකක් දරාගන්න බෑ කියලා)යළි ඔහු පියවි සිහියට පත් වුනේ විනාඩි දෙක තුනකට පසුයි.එහිදී තමන් සිය ආදරය පිළිබදව තම මවට පැවසූ බවත්,ඇය නිසලි ගේ දෙමාපියන් ට එය කියූ පසු ඔවුන්ට විවාහ වීමට හැකි බවත් මිලාන් කියා සිටියේය.......

අවසානයේ ඔවුන්ගෙ විවාහය දෙපාර්ශ්වයේම ආශිර්වාදය මධ්‍යෙය් සිදුවිය.විවාහයෙන් පසු ශ්‍රී ලංකාවෙම පදිංචි වූ ඔවුන් දෙදෙන දැන් දරු සුරතල් බලමින් සිටිති....

(මේ කතාව මට වෙනස් කරලා නිමා කරන්න තේරෙන්නෙ නෑ.කෝකටත් මං ඇත්ත විස්තරේ කියන්නම්කො,මිලාන් කැනඩාවෙ ඉදන් ලංකාවට ඇවිත් සති දෙකකට වගේ පස්සෙ රිය අනතුරක් වෙලා මරණයට පත් වුනා,නිසලි ගැන කිසිම තොරතුරක් නෑ,හැබැයි කොහෙ හිටියත් මගෙ උපන් දිනය දවසටයි,අලුත් අවුරුද්දටයි,කෙටි පණිවිඩයක් එවලා සුබ පතනවා.)

ඔන්න ඕකයි වසන්තයේ සිත සැලුනා නිමාව.

4 comments:

  1. කතාව ෂෝයි එකට ඉවරවෙනකොට එර්ර්......ඇත්ත කතාව හෙන අප්සට් අප්ප :/

    ReplyDelete
  2. ඒකනෙ අනෙ ඇහුවෙ මම,මොකද කරන්නෙ කියලා :(

    ReplyDelete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?