Sunday, August 12, 2012

පල නොකියා පලා බෙදීමට තිත තියමුද ඈ .....


පල නොකියා පලා බෙදනවට වැඩිය හොදයි නේද එකසැරේම කිව්වා නම් ආව දිහාටම යන්න කියලා ඔයාට වදයක් නොවී.එහෙනම් එක සැරේම විදවන්න තිබුනා.සැරින් සැරේ අලුත් වෙවී විදවනවට වෙනවට වැඩිය.මොනවා වුනාද මන්දා,එක සැරේට හරිම වෙනස් වෙලා ඔයා,කාගෙ ඇසවහද වැදුනෙ අපට.වෙනදට තාත්තා ගාවට වෙලා දවසෙ වෙච්ච හැමදේම කියවන පුංචි එකෙක් වගේ මම ඔයාට ඇණයක් වෙවී,ඔයාගෙ වැඩ සේරම පාඩු කර කර  කියවන හැමදේම සද්ද නැතුව අහන් ඉන්නවා,අනේ මන්දා මම ඔයා වුනා නම් මට නම් හොදටම තරහ යයි.ඔයා වචනයක්වත් නොකියා ඔහේ අහගෙන ඉන්නවා.ඔයා හරිම හොදයි(ම්ම්ම් ඔව් හැම අතින්ම තමයි.මටත් වැඩිය[ ඔන්න එහෙම කිව්වා කියලා උඩින් යන්න ඔට්ටු නෑ,අපේ වහල උස්සන්නත් වෙයි]) ඒ වුනාට ඉදලා හිටලා නම් තරහා යනවා,එහෙම නොගිහිනුත් බෑ හැබැයි මම කරන මැටි වැඩ වලට....ඒත් මේ ළගකදි ඉදන් ඔයාට මොනවා වෙලාද මන්දා.කිසි දෙයක් කියන්නෙත් නෑ.හැමවෙලේම තරහින්මයි ඉන්නෙත්(මයි ඔව්න් ප්‍රොබ්ලම්සු ලු) ඒ මුනාද? ඔයාගෙ ඔව්න් එව්වා මගෙත් ඔව්න්නෙ.. බිකස් අයි ඇම් යුර් වෙන්ඩ ඔව්නර් ඇට් වන් ඩේ....හිත රිදෙනවනෙ මටත් එහෙම වුනාම.වෙනදට ආපු ගමන් ශම්මි කෝ කියලා අහන කෙනා,දැන් ශම්මිට ගුඩ් නයිග්ට් කියලවත් කියන්නෙ නෑ.වැඩක් නම් කියන්න ඔනෙනෙ..මම කරදර නොකර ඉන්නවනෙ..ඔයා වගෙ හොද ළමෙක් විදියට..(ඇත්තටම මං ඔයාට හෙනට කරදර කරනවා නේද?? කොහොම ඉවසන් ඉන්නවද මන්ද)   
  




              වැටෙන්න පුළුවන් උපරිම තැනටත් වැටිලා යන්තම් කෙලින් හිටගන්න පුළුවන් වෙද්දි තමයි ඔයා ආවේ.හරිම ආදරේ හිතුනා.හිතින් බැන්න වාර අනන්තයි හැබැයි,කොහෙන් කඩාපාත් වෙලාද මන්දා මගෙ හිත ඇතුළට රින්ගන්නෙ එයාගෙ සින්නක්කර එව්වා කියලා හිතන්ද දන්නෙ නෑ කියලා(මේවා මම ඔයාට කියලා නෑ හොදේ)ඒත් ඉතින් මම ආයෙ ඒ තැනට වැටෙන්නවත්,ඒ වගේ විදවන්නවත් ආස වුනේ නැති නිසයි හිතින් හරි ඔයාට බැන්නෙ.අනික කිසිම කෙනෙක් ගැන සුළු හරි විස්වාසයක්වත් තිබුණෙ නෑ.අඩුම ගානෙ මම ගැනවත්.මට ඕන කරපු වෙලාවෙ මමවත් මම ළග හිටියෙ නෑ.ඒත් ඔයා ගැන නම් සෑහෙන විස්වාසයක් දැනුනා.ඒ වෙන මුකුත් නිසා නෙවෙයි හිතේ එකක් තියන් කටින් එකක් කියන්නෙ නැති නිසා.තව හිතයි,මොළෙයි දෙන්නම ඔයාව විස්වාස කරන නිසා,ඔයා ගාව මනුස්සකම් තියන නිසා,කවුරු මොනවා කිව්වත් සෑහෙන කාලයක් හිතුවා.හදවතටම ඉඩදුන්නෙ නෑ.ගිය සැරෙත් එයා නිසා තමයි මෙච්චර දුක්.කොහොමින් කොහොම හරි හොදටම හිතලා තමයි මේ තීරණේ ගත්තෙ.ජීවිත කාලෙටම වලංගුයි කියලා.පස්සෙ හිතුනා.මොකක්දෝ ලොකු පිනක් කරලා තමයි ඔයාව පස්සෙ හරි මට හම්බවුනේ කියලා,පින විතරක් නෙවෙයි හැබැයි වාසනාවකුත් තියෙන්න ඇති.මැෂින් එකක් වගේ හිටපු කෙනෙක් මනුස්ස ලෝකෙට ඇවිල්ලා ශම්මිට ආදරේ වෙන්න තරම්...අනේ ලැබීමකුත් තියනවනම් නේද?මම ගාවම තියාගන්න තිබුණා..(දවස පුරාම කරදර කර කර ඉන්න)ආආආ මම රතු බත් විතරයි දැන් කන්නෙත්



ඇත්තටම මොකද වුනෙ ඔයාට.???මෙච්චර හොදට ඉදලා.එක සැරේටම ඇහුවෙ ඇයි අපි ගැළපෙනවද කියලා .හදිස්සියෙම එහෙම ඇහුවෙ ඇයි කියන්නයි ප්‍රශ්ණෙ..??  :ඔ :ඔ :ඔ ගැළපෙන්නෙ නැත්තම් කොහොමද ආදරේ වුනෙ.(හරි හරි ඔයා ලස්සනයි තමයි මට වඩා කෝමත්,සුදුත් එක්ක) .දුරයි නම් තමයි අපි..ඉතින් මොකද අනේ.කොහෙ හිටියත් මම ඉන්නෙ ඔයා වෙනුවෙන්නම්.මට ඔයා විස්වාසයිනෙ.ඔයාටත් එහෙම නම් එච්චරයිනෙ..ආහ්හ්හ් ඔයාගෙ චැලෙන්ජ් එක ... මට මතකයි.. ඒත් ඒක ඒතරම්ම සාධාරණ නෑ... මගේ චැලෙන්ජ් එකත් මතකනම්..ඔන්න කිට්කැට් එක ලෑස්තියි...මං බලන් ඉන්නවා..ඔයා එයි කියලා නෙවේ අඩු තරමේ දකින්නවත් ලැබෙයි කියලා..අර එදා වගේ කන්න බෑ කියලා පිගානත් උස්සන් දුවනකොට ආයෙ ඇදලා අරන් බත් කටක් කවන්නත් පුළුවන්,හැබැයි මයෙ කොණ්ඩෙන් ඇද්දොත් නම් ගහන එක ගහනවා.මගෙ බබාට රිදුනත් කමක් නෑ..මාව මේ ටිකේම ඇඩෙව්වනෙ..ඉතින් මොකද ටිකක් රිදුනට..අඩවන්න එපා මැටි අලේ මාව ඔයතරම්.ඇස් දෙකේ කදුළු නෑලු..ඒකයි බෙහෙත් දාන්නෙ.කදුළු තව අඩුවුනොත් පොට්ට වෙලාම යයි මන්..ඔයාට තමයි ඊටපස්සෙ අල්ලන් ඇවිදින්න වෙන්නෙ.. 




ඒ මේ ඔයා එද්දි මතක ඇතුව අල ඔයාගෙ සුට්ටි කාලෙ පොතෝ එක අලන් එන්න හොදද..බෝනික්කා වගේ ඉන්න එක මම බලන්නම ඕනි..තියාගන්නෙ නෑ..ආයෙ දෙන්නම්..ප්‍රොමිස්..ආවම අපි දෙන්නා රණ්ඩු වෙවී චෙස් අදිමු,ගාෆීල්ඩ් බලන ගමන්..හැබැයි මං පැරදුනොත් චෙස් බෝර්ඩ් එක පොළවෙ ගහනවා ඈ..
තාමත් දුක අඩු වුනෙ නෑ මැණික.ඔයා නිකන්වත් බැලුවෙ නෑනෙ මට මොකද වුනේ කියලා,උණ  නිසා නිදියලා නැගිට්ට විතරයි...වද දිදී ළගට වෙලා හිටපු මම එක සැරේ නොකියම කොහෙ ගියාද කියලවත් ඇහුවෙ නෑනෙ..මට නම් තේරෙන්නෙ නෑ ඇයි කියලා..වැඩ ඉවර වුනාම කතා කරන්නම් කීවෙ තාම කතා කරේ නෑනෙ ඒ වුනාට...කොහොම හරි ඔයා දන්නවනෙ මම ඔයාට ගොඩාරියක් ආදරේ කියලා..මට ඔයා විතරයි කියලත් දන්නවනෙ..එහෙනම් එච්චරයි...ආයෙ කරදර කරන්න බෑනෙ..හැබැයි මං මග බලාගෙන ඉන්නවා...ඉක්කමනටම ආයෙ මගේ පරණ ඔයාව හම්බවෙයි කියලා..එයා නම් ෂෝයි... ඔයා වගේ නපුරු නෑ...(මගෙ අතින් වැරැද්දක් වුනා නම් සමාව දීලා යාළු වෙන්න)




පලිස්සමින් එන්න හොදේ..ආආආආ එන්න කලින් කියන්න...නැත්තම් කිට්කැට් එක මම කයි.. 



14 comments:

  1. :) ලස්සන අදහසක්
    මේ කෙල්ලට ලියපු එකද කොල්ලට ලියපු එකද? සිතමින්...

    ReplyDelete
    Replies
    1. හත්තිලව්වයි....යාළු මම කෙල්ලෙක්... නම ශම්මි... ඒ නිසා මේක ලිව්වෙ මගෙ ස්වීට් හාර්ට්...එයා කොල්ලෙක් ඈ.... ආහ් තැන්කූ ක්මෙන්ට් එකට...ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා ඔයාව මගෙ බ්ලොග් එකට...

      Delete
    2. දැනුයි නේ තේරුනේ මගේ පිරිමි යාලුවෙකුත් ඉන්නවා ශම්මි කියලා :)

      Delete
    3. හම්මේ,ඇති යන්තම් දැන්වත් තේරුනු එක... මේ පැත්තෙ එනවට තැන්කූ යාළු

      Delete
  2. Replies
    1. ක්මෙන්ට් කරන්න වෙලාවක් තිබුණු එක ගැන සංතෝෂයි.. හද පිරි ප්‍රණාමය...

      Delete
    2. මට නෙවෙයි පිස්සු.. අර වැඩ වැඩි කෙනාට..

      Delete
  3. ඈ තාම හිතා ගන්න බෑ මුකැද උනේ කියලා :O

    ReplyDelete
  4. ආදරේ දෝරේ ගලනවද මන්දා :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. ආදරේ දෝරේ ගලනවා ෙන්න්නම්....
    ස්තූතියි අඩවි රජ... !!
    ජය ශ්‍රී!!

    ReplyDelete
  6. ෂෝයි පෝස්ට් එක ශම්මියෝ..ආසාවෙන් කියෙව්වේ.:) ඔබට ජය!

    ReplyDelete
  7. තැන්කූ හිරු... ආයෙත් එන්න මේ පැත්තෙ මාව බලන්න..... :D :D

    ReplyDelete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?