එක ළග පෝස්ට් දාන එක කොහොමටත් මගේ පුරුද්දක් නෙවෙයි,ඒත් ලියන්න හිතුනු වෙලාවේ ලියන්ට එපැයි
අද දවාලේ හිත කම්පාවෙන නමුත් සෑහෙන්න
තරහකුත් එන ආරංචියක් ආවා,මට අදාළ වෙන්නෙ නෑ,ඒත් කතා කරන්න හිතුනා
අපේ තාත්තා එයාගෙම ව්‍යාපරයක් කරන කෙනෙක් කියලා දන්නෝනේ කස්ටිය, දන්නෝ දනිති, වැඩි විස්තර කියන්ට බෑ තහනම් නිසා, ඉතින් එතන වැඩ කරනවා එක එක විදියේ අය, ම්ම් හරි, කුරියර්ස්ලා, ඒමත් නැතිනම් ලිපි බෙදන්නෝ විදියට(වචනේ හරිද දන්නැ) ඉතින් ඔතන ඉන්නවා අංකල්ලා,අයියලා ,අක්කලා,ආන්ටිලා හැමෝම... අද අහන්න ලැබුනු ආරංචිය තමයි එතන වැඩ කරන අයියා කෙනෙක්ගෙ එකම නංගි(මගේ වයසෙ) පැනලා ගිහිල්ලා, යැස් යැස් කොලුවෙක් එක්ක තමයි.. නිකම් නෙවෙ, ගෙදර තිබ්බ ලැප්ටොප් එකයි,සල්ලියි,පාස්පෝර්ට් එකයි එහෙමත් අරගෙන, හැබැයි ඉතින් කොච්චර ගොං ගහක්ද කියලා මට හිතාගන්න බැරි දේ තමයි, කොමර්ස් වලින්ද කොහිද ඒලෙවල් කරලා, කැම්පස් යන්න ලකුණක් නැතිනම් දෙකක් මදි වුනේ මම දන්න තරමින්,හැබැයි කොළඹ,පේරාදෙණිය,ජ’පුර යන්න බැරි වුනාට අනිත් එව්වට යන්න පුළුවන් කම තිබ්බද කොහිද,ඒ නැතත් විද්‍යාපීඨ ගිහිල්ලා හොද ගුරුවරියක් හරි වෙන්න තිබ්බා,වෙන එකක් තියා, කැම්පස් යන්න උත්සාහ කරේ නැති නිසා, එයාගේ ලොකු අය්යා එයාව විවෘත විශ්වවිද්‍යාලයේ තියන ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් හදාරන්න ඉඩ සලස්සලා දීලා,ඒකත් ඉවර කරලා අදලු එයාට ජර්මන් (මට ඇහිනු විදියට) යන්න තිබ්බෙ ඉගෙන ගන්ට...
අපේ තාත්තා එයාගෙම ව්‍යාපරයක් කරන කෙනෙක් කියලා දන්නෝනේ කස්ටිය, දන්නෝ දනිති, වැඩි විස්තර කියන්ට බෑ තහනම් නිසා, ඉතින් එතන වැඩ කරනවා එක එක විදියේ අය, ම්ම් හරි, කුරියර්ස්ලා, ඒමත් නැතිනම් ලිපි බෙදන්නෝ විදියට(වචනේ හරිද දන්නැ) ඉතින් ඔතන ඉන්නවා අංකල්ලා,අයියලා ,අක්කලා,ආන්ටිලා හැමෝම... අද අහන්න ලැබුනු ආරංචිය තමයි එතන වැඩ කරන අයියා කෙනෙක්ගෙ එකම නංගි(මගේ වයසෙ) පැනලා ගිහිල්ලා, යැස් යැස් කොලුවෙක් එක්ක තමයි.. නිකම් නෙවෙ, ගෙදර තිබ්බ ලැප්ටොප් එකයි,සල්ලියි,පාස්පෝර්ට් එකයි එහෙමත් අරගෙන, හැබැයි ඉතින් කොච්චර ගොං ගහක්ද කියලා මට හිතාගන්න බැරි දේ තමයි, කොමර්ස් වලින්ද කොහිද ඒලෙවල් කරලා, කැම්පස් යන්න ලකුණක් නැතිනම් දෙකක් මදි වුනේ මම දන්න තරමින්,හැබැයි කොළඹ,පේරාදෙණිය,ජ’පුර යන්න බැරි වුනාට අනිත් එව්වට යන්න පුළුවන් කම තිබ්බද කොහිද,ඒ නැතත් විද්‍යාපීඨ ගිහිල්ලා හොද ගුරුවරියක් හරි වෙන්න තිබ්බා,වෙන එකක් තියා, කැම්පස් යන්න උත්සාහ කරේ නැති නිසා, එයාගේ ලොකු අය්යා එයාව විවෘත විශ්වවිද්‍යාලයේ තියන ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් හදාරන්න ඉඩ සලස්සලා දීලා,ඒකත් ඉවර කරලා අදලු එයාට ජර්මන් (මට ඇහිනු විදියට) යන්න තිබ්බෙ ඉගෙන ගන්ට...
ඔන්න කතාව සැකවින්, දැන් කියන්න යන්නෙ මට
හිතෙන දේ,මොකද මගෙ අවට හිටපු හරිකියෝ
දෙතුන් දෙනෙකුත් ඔය විදියටම දක්කගෙන ගිහින් තියනවා .... මට දැනගන්න
ලැබුණා..හැබැයි අද වෙනකොට ඒ කිසි කෙනෙක් ලබාගත්තු දෙයක් නැ, සමාවෙන්න ඕනේ මෙතනදි
ඔය තද නිල් පාටින් තියන වචන සෙට් එක පාවිච්චි කරන්න වුනු එක ගැන,ඒත් ඊට වඩා කියන්න
දෙයක් නෑ, නිකම් හිතලා බලන්නකෝ, අම්මලා තාත්තලා අවුරුදු ගාණක් පුළුවන් උපරිමෙන්
කරන්න තියෙන හැමදේම කරලා ළමයින්ට,ඒ කියන්නෙ අපිට උගන්නනවා,ඒත් අපි ඒකෙන ප්‍රයෝජන
ගන්නෙත් නැතිව, ඒ ගොල්ලෝ දුන්නු දේවල්වල ඵලය අපි ආපිට දෙන්නෙ නැතුව ඔය වගේ දෙවල් කරන
අයට එහෙම නොකිව්වොත් දරුවෙක් වුන එකටත් ණයයි වගේ(මම වැරදි නම් මාව නිවැරදි කරන්න)
මම දන්න තරමින් නම්,හැම ගෑල්ලමෙක්ටම ලස්සන
හීනයක් තියනවා තමන් කවදා හරි මනමාලියක් වෙන දවස ගැන,මොන දේ නිසාවත්(මනමාලියක්
නොවුනොත් මිසක් බදින්න බැරිවෙලා) ඔහොම දෙයක් කරන්න නම් හිතෙන්නෙ නැහැ එහෙම හීනයක්
තියෙද්දි, ලස්සනට මාල හතක් දාලා,තුන් තැල්ලෙන් ඔලුව හැඩ කරගෙන ඒ මැද්දෙන් ඉර හද
ගහලා, බෝරිච්චි අත් වැටිච්ච හැට්ටෙත් එක්කලා,සුදුම සුදු පාට ලස්සන ඔසරියක් ඇදලා
ජීවිතේ වැඩියෙන්ම ආදරේ කෙනත් එක්ක එයාව තමන් දන්න කියන හැමෝටම පෙන්නලා, හැමෝම
ඉස්සරහා බ්ලා බ්ලා බ්ලා වන මම මෙහි සිටින අහවලා යන අයව මගේ නීත්‍යානුකූල සහකරුවා
ලෙස සියල්ලන් ඉදිරියේ පිළිගන්නා බවට පොරොන්දු වෙමි කියලා,ලොකුවට නොවන චාම් පුංචි
උත්සවයක් අරගෙනආඩම්බරෙයන් යන්න තියනවනම්,, අනේ මන්දා,ඔන්න ඔහොම හීනයක් අදටත් මගේ
හිතේ නම් තියනවා,දන්න තරමින් කටින් නොකිව්වට අපි අපි කතාකරද්දි හැම ගෑල්ලමෙක්ම
එහෙම දේවල් හිතන් ඉන්නවා කියලා තේරෙනවා.. හැබැයි ඉතින් ඔය සේරම නැති වෙනවා ඔය වගේ
දේකද නම්,
අනික ඔය පැනගෙන ගියාට ඒ ගෙදර,ඒ
උන්නැහෙගෙ ගෙදර මිනිස්සු වුනත් පිළිගනීද?? නෑ...කීයටවත් නෑ,, මගේ ළමෙක් ඔහොම කරා
නම් කෙල්ලෙක් කියලවත් මම භාරගන්නෙ නෑ,ඇයි? මොකද තමන්ගෙ අම්මා තාත්තා ගැන හැගීමක්
නැති,ඒ දෙන්නාගෙ වටිනාකමක් නැති, වැදගත්කමක් නැති කෙල්ලෙක්ට මගෙ පුතාව දෙන්න
පුළුවන්ද?? මගේ දරුවව බලාගනීද? මගෙ එකාව දාලා වෙන කොල්ලෙක් එක්කත් ඔය විදියට යන්න බැරි නැහැනේ,
ආආ දැන් ඔයා කියන්න කට හැදුවේ ඒම තමයි ඇත්ත ආදරේ කියලා නම්, ඒක එහෙම් පිටන්ම බොරුවක්, එහෙම කෝමද වෙන්නේ,ඇත්තටම ඔයා ආදරේ නම්, ඔයාට පුළුවන් වෙන්න ඕනේ,ඒ වගේම ඔයා උත්සාහ කරන්න ඕනේ තමන්ගෙ ආදරවන්තයට/ආදරවන්තියට තමන්ට පුළුවන් හැමතැනකින්ම විතරක් නෙවෙයි තමන්ම පවා ගෞරවය කියන අකුරු හතර උපයලා දෙන්න, මම නම් පෞද්ගලිකව කැමති නෑ මගේ සාදිරිසට කවුරුත් අනන් මනන් කියනවට,එයාගෙ නමට හානියක් වෙනවට,මම ආස අපේ ගෙදර හැමෝම කැමති කෙනෙක් වෙනවට එයා,(කෝමත් එහෙම තමයි)
ආආ දැන් ඔයා කියන්න කට හැදුවේ ඒම තමයි ඇත්ත ආදරේ කියලා නම්, ඒක එහෙම් පිටන්ම බොරුවක්, එහෙම කෝමද වෙන්නේ,ඇත්තටම ඔයා ආදරේ නම්, ඔයාට පුළුවන් වෙන්න ඕනේ,ඒ වගේම ඔයා උත්සාහ කරන්න ඕනේ තමන්ගෙ ආදරවන්තයට/ආදරවන්තියට තමන්ට පුළුවන් හැමතැනකින්ම විතරක් නෙවෙයි තමන්ම පවා ගෞරවය කියන අකුරු හතර උපයලා දෙන්න, මම නම් පෞද්ගලිකව කැමති නෑ මගේ සාදිරිසට කවුරුත් අනන් මනන් කියනවට,එයාගෙ නමට හානියක් වෙනවට,මම ආස අපේ ගෙදර හැමෝම කැමති කෙනෙක් වෙනවට එයා,(කෝමත් එහෙම තමයි)
අනික තමයි විවාහය දවසේ දුවගේ තාත්තා ඇවිල්ලා
දුවව එයාගේ අතින්ම එයාගේ හිත දිනාගත්තු,එයාගෙ දුවගේ ආදරේ දිනාගත්තු බෑණට,ආදරවන්තයට
භාරදෙද්දි දැනෙන හැගීම් ගන්න තමනුත් වාසනාවන්ත වෙන්න ඕනේ, තමන්ගෙ තාත්තට ඒ හැගීම්
ලබාගන්න දෙන්න තරම් අවංක ආදරණීය දුවෙක් වෙන්නත් ඕනේ,ඇයි අර කිරිකඩහේලය වෙලාවෙදිත්
එහෙමයි,..
ඉතින් දැන් ඔය අපි හිතාගෙන ඉන්නවනේ අරම
ඉන්නවා එදාට මෙහෙම අදිනවා,අරකද මේකද කියලා ඒ වගේ අපේ දෙමව්පියොත් හිතාගෙන ඇති,(අපේ
ගෙදර නම් පූර්ණ නිදහස දීලා තියෙන්නෙ මනාලයා තෝරාගන්න) අලේ මේ කෑල්ලත් කියන්නම
ඕනේ,මට කවුරුත් නැති බව ඔයාලා දන්නෝනේ,අම්මයි තාත්තයි ඇරුණාම සහෝදර පාර්ශවේ..
හැබැයි පුංචිලාගේ දුවලා ටිකයි පුතාලා ටිකයි නම් දැනටමත් මගේ මෙව්වා එකට ලෑස්ති
වෙලා,නංගිලා දෙන්නා කේක් අල්ලනවලු,අපේ මලයා කකුල් හෝදලා මුද්දක් ඉල්ලගන්නවලු,
ඉතින් ඒ බලාපොරොත්තු හැමදේටම වඩා වටිනවා,විවාහ වෙන්න බැරිවුනොත් මිසක් කවදාවත්,
අනිත් අයගේ බලාපොරොත්තු කඩන එකනම් කරන්නෙ නැතුව ඉන්නෝනෙ..
පිරිමි ළමයගෙ ගෙදර වුනත් ආස ඇතිනේ ලේලි
එනකොට ඒ විදියට එනවට,ගෑල්ලමෙක් ඉපදෙනකොටම වගකීම් වැඩියි කියලා මම නම්
හිතන්නේ,හේතුව ගෙදර ඉද්දිත් පිටට ගියාමත් හිතෙන හිතෙන විදියට ඉන්න කිසිම පුළුවන්කම්ක්
නෑ,අදට වුනත් කරන පුංචි පුංචි දගකාරකම් ඇරුණම(පෙරළන බාල්දි එහෙම) වෙන කිසිම දේකට
නිදහසක් නෑ කියන එක නම් අත්දැකීමෙන්ම කියතෑකි,අනිත් අයටත් එහෙම තමයි,
වගකීම් වැඩියි කිව්වෙ මේකයි, ලේලි කෙනෙකුයි
වගකීමයි..
පිට ගෙදරක ගෑල්ලමෙක් තමන්ගෙ පුතාගේ ආදරේ , හිත
දිනාගෙන ගෙදරට එන එකම නෙවෙයි ඒ අම්මගෙ බලාපොරොත්තුව, එතනින් එහාට තමන්ගෙ ගෙදර
නම්බුව,ගෞරවය , ඒ ඔක්කටම වඩා පරම්පරාව අරගෙන යන්න,පවත්වගෙන යන්න පුළුවන් කෙනෙක්
වෙන්න ඕනේ,, නම්බුව,ගෞරවේ ගැන කියපු එක නම් තේරෙන්න ඇතිනේ, පරම්පරා කතාව
මේකයි,සමහර(ක්) ඉන්නවා තමන්ගෙ රෑපෙ කැත වෙයි කියලා වදපු දරුවට මව්කිරිවත් දෙන්නෙ
නැති, කිසි වගකීමක් නැතිව පුංචි එකාව හදන,අඩුගානෙ ඔලුව අතගාලා ,නහය අතගාලා ඒවගෙ
අඩුපාඩු හදාගන්නවත් දන්නෙ නැති, අනිත් කතන්දරේ තමයි,ගෙදර වැඩ ටික කරගන්න බැරි නම්
එත් වැඩක් නෑ,අනික තමයි පිරිමි ළමෙක් වුනත් එතින් පස්සෙ තමන්ගෙ පුතාගේ වගකීම්
තියෙන්නේ තමන්ගෙ ලේලි ගාව,සාමාන්‍යයෙන් මම පිළිගන්න දෙයක් තමයි,ලෝකෙම
පැවත්මත්,විනාශයත් තියෙන්නෙ කාන්තවක් ළග කියන එක,ඉතින් තමන්ගෙ ගෙදරට ගන්නෙ කොයි
විදියෙ කෙනෙක්ද කියන එක ගැන හැම අම්මා කෙනෙක්ම හිතනවා කියන එක අපට රහසක් නෙවෙයිනේ,
ඉතින් ඒ එන ලේලි පොඩ්ඩ වැදගත් විදියට ගෙදරට එනවනම් තවත් පැහැදෙයි, නැතුව මේ විදියට
ගියොත් නම් ගහලා පන්නයි(මම වගේ නම්)
ඉතින් දෙයක් කරන්න කලින් ටිකක් අනිත් අය ගැනත්,තමන්ගෙ ඉදිරිය ගැනත් පොඩ්ඩක් හිතුවොත් නරකද??
ඉතින් දෙයක් කරන්න කලින් ටිකක් අනිත් අය ගැනත්,තමන්ගෙ ඉදිරිය ගැනත් පොඩ්ඩක් හිතුවොත් නරකද??
පෝස්ට් එක දිග වුනාද මන්දා? කෝමහරි, කාට හරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා කියපු දෙයින්,, මේ ඒවයින් මේවයින් කමක් නෑ, මම කියපු දේ වැරදි නම් නිවැරදි කරලා යන්න,
අනේ මන්දා මේකි හිතලා තියෙන දුර.කොහොමත් සමහර අයට හොඳ කරන්න බැරි කිචියක් තියෙනවා ශම්මි අපිට ඒවා හොඳ කරන්න බැහැ.
ReplyDeleteමට කව්රුවත් කතා කරන්නේ නැහැනේ පැනලා යන්න සික් දුකයි ඈ.
නෑනේ නිශාන්, දුර හිතනවා කියලා ගොඩාක් අය හිතනවා ඒත් වැරදි පැත්තක් හිතනවා, ඔව් සමහර අය ගැන කොහොම කරත් හදන්න බැරි බව නම් දන්නවා,,අනේ මන්දා
Deleteඇ බොල ඕම හිටු,කොහි පැනලා යන්නද ..මටත් බොලාගේ මෙව්වා එකට එන්න ඕනි,,
ඈ??! මගේ කොව්වා එකටද?
Deleteඅ බං වෙඩිමට, මම දෙවෙනි මනමාලි වෙන්නෙයි O.o නෑ නෑ මල් කුමාරි වෙනවා :D
Deleteෆුෂ්... ශම්මියා බැන්දද?
ReplyDeleteහැපි වෙඩින් ලයිෆ් ඈ!!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
බොට නම් ඊළග දවසේ දෙනවා රජෝ එකක් බෙල්ල ගැලවිලා යන්න.. සැහ්,
Deleteබලපන් රජෝ..... නිකමට වෙඩින කේක් කැල්ලකට ලොබ කමේ මෙකි පැනලා ගිහින්නේ... ලැප් එකත් අරගෙන ආවා කිවේ මේක කොටන්නම වෙන්න ඇති.....
Deleteඅනිවාර්යෙන්... අපි කොහොම මේවා බලන් ඉන්නද? ^_^
Deleteමම නෙවේ බොලව්, මම ඒම යන්නේ නෑ, ඔක්කටම කියලා තමයි යන්නේ,, ඇයි හත්වලාමේ වෙඩින් එකට ගේන තෑගි ටික අපරාදේනේ,, :D
Deleteතෑගි...බලන් හිටු..ලොකු පෙට්ටියක දාල ගෙනෙයි ගඩොල් කැටයක්..!
Deleteඒක හරි ගන්ඩ එපැයි ඇ,, හැබැයි ඒම එන අයට නම් කන්න දෙන්නේ නෑ එලවනවා.. :D
Deleteමේමයි ඉතිං කෙල්ලව පන්නං ගිය එකාට ගහන්නෝනා මඩු වලිගෙකිං..
ReplyDeleteකෝමත් ඔය ගෑනුනං බලං ඉන්නේ කොල්ලෙක්ගේ ඇගේ එල්ලෙන්න බලාගෙනමනේ...
ඉතිං අරූ දැනගන්නෝනා මැට්ටා නොවී පාඩුවේ ඉන්න..
පවට පින දෙන්න බෑනේ...
මාත් එක්ක පැනලා යමු කිවුවනං මං කියනවා ආයේ ලෙසටම..
ඒක කියන්නෑ..
පැනලා යමුද කියලා කවුරු හරි ඇහුවොත් විතරක් කීනවා.... :D
//පවට පින දෙන්න බෑනේ...// ඕක නම් මමත් කිව්වා අෆ්ෆා.. අනේ මන්දා??
Deleteඒ මේ අයියේ,ආං කවුද අක්කෙක් ඇහුවා ඔයාගෙන් පැනලා යමුද කියලා, පොඩ්ඩක් කියන්නකෝ එයාට මුකක්ද කියන්න ඕනේ කියලා.. O.o
තරියගේ කතාවට ලයික් !
Deleteක්මේන්ට් වලට ලයික් බට්න් එකක් දාගන්න ඕනි..
Deleteඒ කවුද අක්කා..
Deleteමට මැසේජ් එකක් දාන්න කීං ඉක්මන්ට...
සැ.යු - සුදු ලස්සන කෙල්ලෙක්නං පමණක් පණිවුඩය ලබාදෙන්න..
එතකොට අනුශ්කට ටොපිය ඇ?
Deleteඅක්කා කවුද කියන්න බෑ ඇ,, ලස්සන සුදු අක්කා කෙනෙක් තමයි,එක ඇහක් වපරයි, නහය පොඩ්ඩක් ඇදයි, කට ටිකක් පැත්තට ගිහින්,, ඔයා කැමතිනම් පැනලා යමුලු..
Delete@තරියා
Deleteඅර පින්තූරවල කටේ ගහගෙන ඉන්න බටේ දැක්කම සුදු අක්කිලා නහය වහ ගනීවිද දන්නෙත් නෑ..:P
ඔන්න කවදාවත් නැතුව සුදු අක්කා කවුද කියලා බලන්න මං තෙවන වර කියවන්නත් ආවා...
Delete@ ලිහිණි මොකක්ද බටේ???????
මාව වෙන කෙනෙක් එක්ක පටලං වගේ..
@ අසංකයා..
උබලා හරි ආසයි නේ මමයි අනුෂ්කායි බ්රේක් අප් වෙනවට.. නෙද්දකිං...
@ සම්මි...
ලස්සන සුදු අක්කගේ ඇහැ වපරද????????
අපරාදේ...
මෙයා තුන්වෙනි පාරටත් ඇවිල්ලා... ඒ අක්කා වෙන අයියෙක් එක්ක පැනලා ගියා.. :D
Deleteතාත්තා කෙනෙක් විදියට නම් ඔබ පෙන්වා දෙන විදියට කටයුතු වෙනවට මාත් කැමතියි.. ඒත් ඇතුළාන්ත කතාව නොදැන අපට මොනවවත් කියන්න අමාරුයි. කොහොමත් තමන්ගේ ජීවිතය ගැන තින්දුවක් ගැනිමේ අයිතිය ඒ ඒ පුද්ගලයාට තිබිය යුතුයි. හරි හෝ වැරදි ගන්නා තීන්දුව තමන්ට ගැනිමට නිදහසත් තිබිය යුතුයි
ReplyDeleteම්ම්ම්,, එකග වෙම්දෝ නොවෙම්දෝ කියලා හිතෙනවා, මොනවා වුනත් දෙමව්පියන්ගෙ හිත් රිද්දලා කරගන්න දෙයකින්නම් හරියන්නෙ නැහැ කියලයි මට හිතෙන්නේ, අර කිව්වත් වගේ තමන්ගේ ජීවිතේ ගැන තීරණේ තමන් ගාව වගේම විතරක් නෙවෙයි,ඒ තීරණෙන් පස්සේ ඒකේ වගකීමත් තමන්ගෙ..
Deleteසමාජය හැඩ ගැහිලා ඉන්න ලයින් එකේ යන එක නම් මමත් අකමැති , ජිවත් වෙන්න , ස්කොලේ යනවා , ජොබ් එකක් කර්නව , බදිනවා , වගේ එකම Structure ට වැඩ වෙන එක .
Deleteනලින් අයියගේ කතාවට එකගයි , එක ඇසකින් බැලුවම
මට තේරුණේ නැනේ..
Deleteදවසක මගේ දියණියක් පැනලා ගියොත් මගේ හිතට එය වේදනාවක් වේවි. ඒත් එහෙම වෙන්නේ ඇයි කියන එක ගැනයි විමසිල්ලෙන් ඉන්න වෙන්නේ..
Deleteඑහෙම දෙයක් වුණත් ඕනම වෙලාවක ඇය වෙනුවෙන් ගෙදර දොර විවෘතයි. ඇයගේ දිවිය ගැන තීන්දුව ඇය අතේ. අපට කළ හැක්කේ මාවතක් පෙන්වාදීම පමණයි.
සම්පූර්ණයෙන්ම එකගයි,ඒත් මෙතන මම නොකිව්ව කාරණවක් තියනවා දැන් හිතෙනවා ඒකත් කිව්වා නම් හොදයි කියලා,මේ තාත්තා විතරකි නෙවෙ,අයියලා දෙන්නා පවා එයාට ඕනෑ කෙනෙක් තෝරගන්න පූර්ණ නිදහස දීලා තියනවා,අම්මා වුනත් අහලා තියනවා කැමති කෙනෙක් ඉන්නවාද කියලා, ඉතින් එහෙම තියෙද්දිත් නොකිව්ව එක වැරදි වගේ, එයාගෙන් ඒ හැමදේමත් අහලා තමයි මේ අධ්‍යාපන ගමන(ජර්මන්) ලෑස්ති කරලා තියෙන්නේ, මට නම් හිතෙන්නේ චංචල හිතක් හෝ ස්තීර තීරණයක් නැතිකම නිසා වුනු දෙයක් කියලා,
Deleteඅයියෝ ශම්මි පෝස්ට් එකට ලියන්නම ඕන කෑල්ල ඔයා ලියලා නැනේ,
Deleteඅවමනාවෙන් කරා නේද .එතකොට එක එක්කෙනා එක එක මතවලට එනවනේ
ම්ම්ම්ම්,,, ඔව් මම හිතුවේ ඒක එච්චර වැදගත් නොවෙයි කියලා, ඒ නිසා දැම්මේ නැහැ, කෝමත් මට නම් කැමති කෙනා තෝරගන්න නිදහස විතරයි තියෙන්නේ, හැබැයි ඕනවටත් වඩා ඕන වෙලාවක ඕනේ තැනක යන්න පවා නිදහසක් එයාට දීලා තිබිලා තියනවා.. සමහර විට ඒකම ප්‍රශ්නයක් වුනාද දන්නැ
Deleteඒ නිදහස දැනටමත් ෆිල් කරගෙන ඇතිනේ නේද? හිකිස්
Deleteයප් යප්,,
Deleteකැම්පස් යන්න බැරි වුණ නිසා ඉතිං පැනල යන්න ඇති. මොකෝ බං වෙන්නේ..
ReplyDeleteජය වේවා !
වෙන දේ ගිය කෙනාගෙන් තමයි අහන්ඩ වෙන්නේ
Deleteඅනේ මටනම් ඔය පැනලා යන සින් කෝන් බෑ! මොකෝ අනිවා මගදී අහුවෙනවා! :D
ReplyDeleteඇත්ත ශම්මියෝ! මටත් හිතාගන්න බැරි මේ ආතල් සින්ගල් ලයිෆ් එක චක බ්ලාස් කර ගන්න මොකෝ පැනලා යන්නේ කියලා!
ම්ම්ම්,,මට හිතාගන්න බැරි ගරු නම්බු පිටින් දෙය්යනේ කියලා යන්න පුළුයන්කම තියෙද්දි පැනලා යන්නෙ අහවල් එකටද කියලා
Deleteවැඩි දෙයක් නැහැ කියනන් , සමාජ තලයක විවරණයක් කරලා තයෙන්නේ , ඇත්ත! කෙනෙක් තොර ගද්දි තමාගේ සිතුම් පැතුම් වලට වහල් නොවෙන කෙනෙක් වගේ දෙකින් විතරක් තෝරනවා නම් වැරදි ,
ReplyDeleteපැනල යනවා කියන එක නම් මම එච්චර ලොකු දෙයක් විදියට දකින්නේ නැහැ (පුදගලිකව මට නම් එක හිතන්නවත් බැ හැබැයි ) , නමුත් පොදුවේ ගත්තම , නලින් අයිය කිව වගේ , ජිවිතේ කලින් හිටිය අය හැදුව ස්ට්‍රක්චර් එකට ජිවත් වෙන එකත් එක අතකට වැරද්දක්
මේ ගැන නම් පෞද්ගලික මෙව්වා එකක් වුනමනා වේ,
Deleteප.ලි - බර වචන දාන්න එපා දෙයියනේ,, තේරෙන ටිකවත් තේරෙන්නෙ නෑ.. :(
අද දවසේ අර මෝඩයාට උත්තර බැදලා අම්මට කතා කරද්දීත් මමවත් නොදන්නා වචන කියවෙනවා අෆ්ෆා :D
Deleteඒනම් කමක් නෑ,, මම මේ 4 වෙනි සැරේටත් කියවලා බලලා නිකන් හිටියා.. මට නිකම් මඤ්ඤොක්කා වගේ වුනා..
Deleteදුවේ නුඹ මගේ ප්රණයයි.සෑබැ උන සිහිනයයි.මට සුනිල් එදිරිසිංහ මහතාගේ ගීතය මතක් උනා. ගන්න දෙයක් නැත්තේ මොකද?
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඒක අපේ තාත්තගෙ ආසම සිංදුව.. ගන්න දෙයක් තියනවනම් සතුටුයි අක්කෝ.. :)
Deleteසුනිල් එදිරිසිංහයන්ගේම චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ ගීතය මෙතනට හරියටම ගැලපෙනවා.
Deleteඅහලා නෑනේ..අහන්ට ඕනේ.. ස්තූතියි යාළුවා.. !!
Deleteළමයෙක් උනාම දෙමවුපියන්ගෙ පැත්තෙනුත් හිතන්න ඕන. හැබැයි දෙමවුපියොත් දරුවො ගැන පොඩ්ඩක් විතර හිතල බැලුවොත් ටිකක් විතර හොඳයි. මොකද තමන්ට ගැලපෙන්නෙ කව්ද කියල හොඳටම දන්නෙ තමන්. සමහර විට කට්ටිය කියයි ළමයි මොනවද දන්නෙ. දෙමවුපියො ඊට වඩා පරිනතයි කියල. ඇත්ත, නමුත් මෙතන ඊට වඩා දෙයක් තියනව.
ReplyDeleteමම දන්න ගෑනු ළමයෙක් එයාගෙ සම්බන්දෙට ගෙදරින් අකමැති වෙලා ඒක නවත්තල ගෙදරින් හොයල දුන්න කෙනා බැන්ද. බැඳල අවුරුද්දෙන් ඩිවෝස්. කෙල්ලට මෙහේ ඉන්න බැරි හින්ද (ගොසිප්ල වැඩි නිසා.) පොඩි රස්සාවකට ඩුබායි ගියා. ආයි එන්නෙත් නැතිලු, කසාද බඳින්නෙත් නැතිලු. අපරාදෙ ජීවිතයක්. දෙමවුපියොත් දුකින්.
ඔව්, ඒත් තමන්ගන්න තීරණේ වගකීම තමන්ගෙ කියන එකවත් මතක තියාගෙන වැඩකරානම් ඔය වගේ දේවල් නොවෙන්න තිබ්බා..
Deleteතාත්තද දුවද?
Deleteදුව..
Deleteහොහ්....මේක මේ ශම්මියා ඉරිසියාවට කියන කතාවක්
ReplyDeleteඅනේ නැහැ බොලව්, මුකට ඉරිසියා කොරන්නද ඔය වගේ එව්වට.. :)
Deleteඑව්ව ඉතින් තම තමන්ගේ කැමැත්තනේ ශම්මි. අනික ඉතින් ඒ ගෑල්ලමයත් හැමදාම පැනල යන්න හිතාන හිටිය වෙන්නත් බෑනේ. ඔයා කිව්වෙ ඔයාට ගෙදරින් තියන නිදහස ගැන. ඒත් හැමොටම එහෙම නැහැනේ. ඔයාටත් එහෙම උනා නම් ඔයා අද මෙහෙම කතාවක් නොකියන්නත් පුලුවන්.
ReplyDeleteකොහොම උනත් පැනලයන වැඩේට මගෙත් නම් මනාපයක් නෑ. ඒ අකමැත්ත ගැන අද්දැකීමකුත් තියනව. ලියන්න බෑ දැන්.
මම කීවනේ ඒත් සීමිත නිදහසක් කියලා, හරියටම කීවොත් අපේ ගෙදර ගේට්ටුව ළගට ඇරෙන්න වෙන කොහෙවත් මම මගේ ජීවිත කාලෙටම තනියම ගිහිල්ලා නෑ,, යන්න දෙන්නෙ නෑ,, ක්ලාස් ගියත් තාත්තා එක්කන් යනවා,අම්මා එක්කන් එනවා,, හැබැයි ඒ ළමයට එහෙම නෙවෙයි,කොටින්ම මගේ යාළුවවන්ටත් එහෙම නෑ, ඕනේ වෙලාවක නුගේගොඩට යනවා කියලා මහරගමට හරි යන්න පුළුවන්කම තියනවා, මට තියෙන්නේ මට කැමති කෙනා තෝරගන්න නිදහස විතරයි මොකද අපේ ගෙදර අය මම ගැන දන්න නිසා දන්නවා මගේ තේරිම වරදින්නෙ නැහැ කියලා..හැබැයි අර ළමයට දෙන්න පුළුවන් උපරිම ඒ අම්මයි තාත්තතයි විතරක් නෙවෙයි අයියලා දෙන්නා පවා දීලා තියනවා,එහෙම තියෙද්දිත් මෙහෙම වුනාම අනුමත කරන්න බැහැ මට නම්..
Deleteශම්මි.... හැමෝගෙම ජීවිත එක වගේ නෙමෙයි... එකි නෙකට වෙනස් චරිත් තියෙන්නෙ... ජීවිතේ කියන්නෙ මට හිතෙන විදියට විදින්න ඕන දෙයක් මිසක් විදවන්න ඕන දෙයක් නෙමෙයි... ඔයාගෙ කතාව සම්පුර්නයෙන්ම නිවරදියි... නමුත් පවුල් පරිසරය, කැමැත්ත අකමැත්ත මත තීරන වෙනස් වෙනව.... කෙල්ලෙකුයි කොල්ලෙකුයි ආදරය කරද්දි ඒ ආදරයට කගෙන් හෝ බලපෑමක් එනවනම් මොකද්ද කරන්න තියෙන්නෙ... අන්න එතනදි තමයි හැමෝම තනි තීරන, එහෙම නැත්තම් ඉක්මන් තීරන ගන්නෙ.... එතනදී බොහෝ විට වැරදෙන්න පුලුවන්....
ReplyDeleteඅන්න එතන තමයි පසන් ප්‍රශ්නෙ, ගෙවල් වලටත් කියලා,එයාලත් කැමතිවෙලා තියෙද්දී, ළමයට අවුරුදු 3කට වගේ ජර්මන් යන්න කියලා තියෙන්නේ, එහෙම තියෙද්දිත් ඔහොම වුනු එක නම් ටිකක් අනුමත කඑන්න අමාරුයි වගේ.. ඔයාගේ කතාවත් 100% හරි, හැබැයි තනි තීරණ ඉක්මන් තීරණ ගන්න කලින් හිතනවනම් හුගාක් දේවල් ලැබෙන්න පුළුවන්.. :)
Deleteමමත් මගේ එකීට පැනල යන්න කතා කරා.. ගත් කටටම බෑ කිව්වා.. වැරදිලාවත් හා කිව්ව නම් මං ලව් එක නවත්තනවා..
ReplyDeleteමොකද අවුරුදු 20ක් තමන්ව හදපු දෙමවුපියො ළඟදි අදුර ගනිපු කෙනෙක් නිසා අත අරින්න පුළුවන් නම්,.......... මාත් එක්ක ගිහින් තවත් එකෙක් නිසා මාව අත අරින්නෙ නෑ කියල සහතික වෙන්න පුළුවන් කාටද ?
-
-
-
කොහොමත් මගේ හනී බනිය මට වචන දුන්නෙ අම්මගෙනුයි, තාත්තගෙනුයි අහල.. හැබැයි දෙමවුපියො කුලය,සමාජ තත්වය,පරම්පරාව, කේන්දර අරව මෙව්ව බරපතල විදියට හොයනවා. අපි කෙල්ලො කොල්ලොන්ට ඕක විහිලුවක් වගේ පෙනුනට අපිට ඕවයි වැදගත්කම තේරෙන්නෙ කල් ගතවෙලා..
අන්න යසිත් කතාව... 100000%ක් එකගයි මම... හනී බනීවත් ආදරෙන් මතක් කරා කියන්න... ඔයා ගැනත් සතුටුයි... ජය වේවා..!!
Delete//අපි කෙල්ලො කොල්ලොන්ට ඕක විහිලුවක් වගේ පෙනුනට අපිට ඕවයි වැදගත්කම තේරෙන්නෙ කල් ගතවෙලා..// හරියට හරි යසිත්...!
Deleteමමත් ඔය විදියට හිතලා, දෙපැත්තෙම අය කැමති කරවගන්න අවුරුදු ගානක් බලං ඉඳලා, ලොකුවට වෙඩිමකුත් අරන් කසාද බැන්දා.. අන්තිමට මට තේරුනා අපේ අම්මලා තාත්තලට ( දෙපැත්තෙම) අපි දෙන්නගේ සන්තෝසෙට වඩා වටින දෙයක් තිබිලා තියෙනවා කියලා.. ඊටත් වැඩිය දෙපැත්තෙම අය තනි තනියෙන් අපි දෙන්නා ගැන හිතනවා මිසක් අපි දෙන්නා එකතු වෙලා ගත කරන්න යන ජීවිතේ ගැන හිතුවේ නෑ කියලා.. අනේ මන්දා.. මේ ටික කිව්ෙව් ශම්මිගේ ඔය හීනේ ගැන ... මට නම් දැන් ඔය කිසි දෙයක් ගැන මහ විශ්වාසයක් නෑ... අම්මලගේ ආදරේවත්, කොල්ලෙක්ගේ ආදරේවත්, කෙල්ලෙක්ගේ ආදරේවත්, මහා ලොකු විශ්වාසයක් තියන්න පුලුවන් දේවල් නෙවෙයි මට හිතෙන විදියට... ඒ ඉතිං මං අත්වින්ඳ යථාර්ථයක් විතරයි..
ReplyDeleteහැබැයි පොඩි වයසෙන් කසාද බඳින අය ටික කාලයක් යනකොට විරසක වෙනවා... එතෙකාට අත්දැකීම් අඩුකම නිසා වැරදි හදාගන්න පුලුවන් වෙනවා අඩුයි... එතෙකාට ප්‍රශ්න තමයි ඉතිං...
පැනලා ගියත් කමක් නෑ හිත තදකරගෙන, හරියට ජීවත් වෙන්න පුළුවන් නම්.. නැත්තම් තමන්ට විතරක් නෙවෙයි රටටයි සමාජයටත් බරක් විතරයි...
උඩ යසිත්ගේ කමෙන්ට් එකෙත් ගන්න දෙයක් තියෙනවා.. දෙමවුපියෝ සමහර වෙලාවට ඕනේ නැති විකාරත් හොයනවා.. ඒත් මගේ අත්දැකීමෙන් මම හිතනවා බඳින දෙන්නෙක් අඩුම ගානේ එකම සමාජ ස්ථරයක වත් ඉන්න ඕනේ කියලා.. ඒ කිව්වේ සල්ලි සම්බන්ධයෙන්වත්.. එක්කෙනෙක් පෝසත් වෙලා එක්කෙනෙක් දුප්පත් වීම වගේ උනාම සමාජ ස්ථර දෙකක්... එතකොට බඳින දෙන්නට පවුල් වලින් එන බලපෑම ටිකක් බරපතලයි..දෙන්නගෙන් එක්කෙනෙක්ට පවුල ඇතුලේ ඒ වගේ දේවල් වලින් පහත් තත්වයක් දැනෙන්න පුළුවන්.. එහෙම උනාම ඉතිං ප්‍රශ්න තමයි.... මම හිතන්නේ දැන් තියෙන සමාජය අනුව අධ්‍යාපන මට්ටම, පවුලේ ආර්ථික මට්ටම කියන දෙක වත් සමානව තියෙන්න ඕනේ කියලයි බාහිර බලපෑම් වලින් මිදිලා ජීවත් වෙන්න...
යසිත්ගෙ විතරක් නෙවෙයි අක්කියගෙ කතාවෙත් ගන්න දෙයක් තියනවා..
Delete//මමත් ඔය විදියට හිතලා, දෙපැත්තෙම අය කැමති කරවගන්න අවුරුදු ගානක් බලං ඉඳලා, ලොකුවට වෙඩිමකුත් අරන් කසාද බැන්දා.. අන්තිමට මට තේරුනා අපේ අම්මලා තාත්තලට ( දෙපැත්තෙම) අපි දෙන්නගේ සන්තෝසෙට වඩා වටින දෙයක් තිබිලා තියෙනවා කියලා.. ඊටත් වැඩිය දෙපැත්තෙම අය තනි තනියෙන් අපි දෙන්නා ගැන හිතනවා මිසක් අපි දෙන්නා එකතු වෙලා ගත කරන්න යන ජීවිතේ ගැන හිතුවේ නෑ කියලා.. අනේ මන්දා.. මේ ටික කිව්ෙව් ශම්මිගේ ඔය හීනේ ගැන ... මට නම් දැන් ඔය කිසි දෙයක් ගැන මහ විශ්වාසයක් නෑ... අම්මලගේ ආදරේවත්, කොල්ලෙක්ගේ ආදරේවත්, කෙල්ලෙක්ගේ ආදරේවත්, මහා ලොකු විශ්වාසයක් තියන්න පුලුවන් දේවල් නෙවෙයි මට හිතෙන විදියට... ඒ ඉතිං මං අත්වින්ඳ යථාර්ථයක් විතරයි.//
මේ කොටසත් එක්ක නම් මම ඒ තරම් එකග නැහැ හැබැයි, ඒත් එහෙම නැත්තෙත් නැහැ, කොහොම වුනත් මම හිතන්නේ ඒක අපි තෝරගන්න කෙනා අනුවයි, අපි ඒ කෙනා එක්ක ගනුදෙනු කරන විදිය අනුවයි තමයි වෙනස් වෙන්නේ කියලා, මොනවා හරි දේකදි වුනත් ඒ ඒ අයගේ රීඇක්ෂන් එක කොයි වගේද කියන එක පවා හොදට අධ්‍යනය කරන්න පුළුවන්නම් හොදයි... කොහොමත් පුංචි කාලෙකින් විවාහ වෙන එක නම් ඒ තරම් හොද දෙයක් නෙවෙයි කියලා මමත් එකගයි, දෙන්නම ස්තෘවරේකට ඇවිල්ලා, තමන්ගෙ ගැන හරිම තීරණයක් ගත්තට පස්සෙ විවාහ වුනාම නම් ප්‍රශ්නයක් නැහැ,
wadi pura kiyanna yanne naha , hiruge ekata 100% ekangai..
Deleteoya kiyana tharam ammala appala unath apata naha,
hane pane gaana ayath naha shammi..
oya okkoma gana hithala swadeenawa inna one..
anik de thamai hamoma sathutu karanna yanna honda naha...
ම්ම්ම්,, මේ කතාවට මට වැඩියම එකග වෙන්න බැහැ සහන්, දෙමව්පියෝ වුනත් නැති වෙලාවක් එනවා, ඇත්ත, මම දන්නවා... වටේම ඉන්න අය දාලා යන වෙලාවකුත් එනවා.. ඒත් ඒ හැමදේටම මූණ දෙන්න වෙනවා.. හේතුව කොච්චර දෙවල් වුනත් අද අපි මේ හැමදේම දකින්න හරි අහන්න හරි විදවන්න හරි ඇවිල්ලා ඉන්න හේතුව එයාලා නිසා.. හැබැයි ඒකම හැමදේම කියන්න බැ, ඒත් තනියම ජීවත් වෙන්න අමාරුයි, ඊට වැඩිය ඉන්න ටික කාලෙදි තමන්ට සුදුසුම කෙනා හුග කාලයක් ගත කරලා හරි හොයාගෙන ඒ ඒ කටයුතු හරි විදියට කරගන්න වෙනවා..
Deleteමේකයි ශම්මි මාත් කැමති නැහැ මගේ දරුවෙක් පැනල
Deleteයනවට .කොයි අම්ම තාත්තත් එහෙමයි .ඒක ගැන වාදයක්
නැහැ ...
මන් කිව්වේ අපිට ඔය ප්‍රශ්නෙදි ගෑනු ලමයටම වැරැද්ද පටවන
එක වැරදියි .කව්ද දන්නේ ගෙදර ප්‍රශ්න ඉවසන්නම බැරි තැන
ඔහොම ගියාද කියල ?
ඒ වගේම ගෑනු ලමයව රවටන් ගියා වෙන්නත් පුළුවන් .
ඔයා ගැනම හිතන්න , ඔයා කවදාවත් දෙමව්පියන්ගේ
හිත් රිද්දල යන්නේ නැහැ කියන තැන ඉන්නවා නේද ?
ඒ ඔයාට ගෙදරින් ගොඩක් ආදරේ දැනෙන නිසානේ..එහෙම
නැති ළමයෙක් නිකම්ම ඔහොම පිට කෙනෙක්ට ලන් වෙන්න
පුළුවන් ...
ඉතින් අපිට කියන්න බැහැ සම්පූර්නෙම්ම වැරදි කියල..
හැබැයි ගොඩක් ඔහොම විවාහ ප්‍රශ්න එනවා..අන්න ඒකනම්
පිළිගන්න ඕනේ ..
මන් දන්න කෙනෙක්ගේ දුව පැනල ගියේ පුදුම විදිහට ..
හැමදාම කෑම ගන්න යන කඩේ හිටපු කෙනෙක් එක්ක..
හැම දේම වෙලා තියෙන්නේ ඇස් වලින් ඉඟි බිඟි කරලා ,
පැනල යනකම් මේ දෙන්න වචන 10 වත් කතා වත් කරලා
නැහැලු කලින් ..
ඒ ලමයව හැදුවේ පුදුම විදිහට කොටු කරන් ගෙදරම .අන්තිමට
ඇස් ගහපු , වචන 10 වත් කතා නොකළ කෙනෙක් එක්ක පැනල
ගියා..
ඒ වගේම ඔහොම ගිහින් දෙමව්පියන්ටත් සළකන් හොඳින් ඉන්න
අයත් ඉන්නවා මන් දන්නා..
( මන් ගොඩක් විස්වාස නොකලට වාසනාව , අවාසනාව බලපානවා
ඇති ඕවට )
ඔඔඔඔ සහන් , මම ගෑල්ලමයට වැරද්දක් කීවේ නැහැ,කෝමත් කියන්නෙත් නැහැ, මෙතන එක්කෙනක්ගෙ වැරද්දක් නැහැනේ, හිතන්න තිබ්බා කියලා කීවේ.. ගෙදර නම් කිසි ප්ර්නයක් නැහැ
Deleteම්ම්,, මේ අද ආරංචි වුනු දේ, ලැප් එක රුපියක් 15000ට විකුණලා රැපියල් 4000ට මත්කුඩු අරගෙනලු, ඒ පිරිමි ළමයා මත්කුඩු ගන්න ඒවා විකුණන එක්කෙනෙක්ලු, ගෑල්ලමයගේ අයියා එයාගේ බ්‍රේස්ලට් එකයි, මාලෙයි උගස් කරලා තමයි ගෑල්ලමයට රට යන්න සල්ලි, ඇදුනුයි අරන් දීලා තියෙන්නේ.. ඉතින් එච්චර කරද්දිත් ගෙදර ප්‍රශ්නයක් කියන්න බැහැනේ.. පැනලා යන්න තරම් වුවමනාවක් නැහැ මෙතනදි නම්, ගෙවල් වලින් දැනන්, කැමති වුනාටත් පස්සේ මොකටද පැනලා යන්නේ.. අනවශ්‍ය දෙයක්නේ..
කෝම හරි අර අන්තිමටම කිවා වගේ ඔයා වාසනාව අවසනාව හරි, නැතිනම් තරියා අයියා කීවා වගේ පවට පින දෙන්න බැහැනේ..
මම විශ්වාස කරන දෙයක් තමයි අනිත් කාට මාව අමතක උනත් අම්මටයි තාත්තටයි මාව අමතක වෙන්නෙ නෑ කියන එක. පණ වගේ ආදරෙයි කියන අය, නොදැක දවසක් ඉන්න බෑ කියන අය කොයි මොහොතේ වෙනස් වෙයිද දන්නෙ නෑ.
ReplyDeleteදැන් නම් ගොඩාත් අම්මලා තාත්තලා තමන්ගේ සහකරුවාව හොයාගන්න නිදහස දීලා තියෙනවා. අපිට ගැලපෙන කෙනෙක් හොයා ගන්න ගමන්ම එ කෙනා අම්මලා තාත්තලගේ ක්‍රමයට ටිකක් හරි හරියනවද කියලත් ටිකක් බලන්න ඕනේ. තමන්ගේ දුව පට්ටම රස්තියාදුකාරයෙක් එක්ක යනවට මෙන අම්මද කැමති. තමන්ගේ පුතා සුකුරුත්තන් නැට්ටිච්චියෙක් ගේනවට අම්මල කැමති නෑනේ. මොකද බදින්න කලින් අවුරුදු 20ක් 25ක් විතර එකට හිටපු දෙමවුපියෝ බැන්දට පස්සේ අමතක තරන්නේ නෑනේ. ඉස්සරහටත් ඒ අයත් එක්ක ජීවිතේ ගෙනියනවනේ.
අනිත් කාරනේ දෙන්නෙක් ආදරේ කරනවා නම් ටිකක් ඉවසන්න බැරි වෙන්න හේතුවක් නෑනේ. ගෙදරින් කැමැත්ත ගන්න කම් ටික කාලයක් ඉවසන් ඉන්න බැරි නම් එතන ආදරයක් නෙමෙයි වෙන මොකක් හරි දෙයක් තියෙන්නේ. මේ පෝස්ට් එකෙන් කියන කෙල්ල පැනලා ගිහින් තියෙන්නේ ගෙදරට නාකි වෙන නිසා නෙමෙයිනේ. වෙන කෙනෙක්ට කසාද බන්දන්න දගලන කොටත් නෙමෙයිනේ. මට නම් හිතෙන්නේ පැනලා යන්නම සිද්ධවෙන විදිහට වැඩක් කරගෙන වෙන්නැති කියලයි.
ඔයා කියපු දේවල් ටික මමත් එහෙම්පිටින්ම හිතන් ඉන්න දෙයක් තමයි, අනිත් ගෑල්ලමයි කෙසේ වෙතත් මමත් හරි ආසාවෙන් හිටියේ මගේ තාත්තා වගේම කෙනෙක්ට, දැන් ඉන්නේ ඒ වගේම, තාත්ත්තත් කැමති, තාත්තටත් කැමති කෙනෙක් නිසා, ඒ ප්‍රශ්නෙ මට නෑ,,
Deleteඅනික තමයි මමත් නොකිව්වට ඕකම හිතුනා, නැතිනම් ඔය තරම් හදිස්සි වෙන්න වුවමනාවක් නැහැනේ, ඒත් අහිංසක පවුල් දෙකකුයි හොද අනාගත දෙකකුයි විතරක් නෙවෙයි ඉදිරියෙදි එන්න තියෙන අනාගතත් ඒකෙන් විනාස වුනා වගේ හිතෙනවා..
අහෝ කාලය... ගැත්තන්ට සමාව දෙනු මැනවි... අදහස් වෙනස් වන බවත් ඒත්තු ගන්වනු මැනවි
ReplyDeleteමුකක්ද කීවේ කියලා තේරෙන සිංහලෙන් සුට්ටක් පැහැදිලි කරන්ට.. O.o
Deleteජීවිතේ කියන දේ අස්සේදි හැමෝටම අහන්න ලැබෙන්නේ දකින්න ලැබෙන්නේ විඳින්න ලැබෙන්නේ කරන්න ලැබෙන්නේ එකම දෙයක් උනානම් එක අතකට හොදයි. එක අතකට විවිධත්වයක් නැති කමින් එපා වෙයි. ඔයා කියන අදහස වටිනවා. ඒත් සමහරුන්ට ඕක ඔය විදිහටම විදින්න වාසනාව හෝ හැකියාව හෝ මොන මගුලක් හරි නැති වෙන් වෙලාවල් තියනවා. පෞද්ගලිකව ඔය ජම්ලින් ගොයින් වගේ වැඩ වලට අකමැති උනත් සමාජය කියන රාමුවෙදි අපිට මිනිස්සු දිහා එකම කෝනෙකට වඩා වෙනස් විදිහට බලන්න සිද්ද වෙනවා...
ReplyDeleteසත්‍ය කතාවකට මගෙන් උපහාර..!!
Deleteමම හිතුවේ ශම්මි පැනලා යන්න හදනවා කියලා., කොහොම උනත් දෙමපියන්නේ දාහක් බලාපොරොත්තු හීන බොදකරගෙන හොරෙන් ගිහින් පවුල් කන ගොඩක් අයගේ පවුල් ජිවිත අසාර්ථකයි ,
ReplyDeleteඔයාගේ කතාව හරි,, හෑ අනේ පිත්තු කතා කරන්න එපා, එතකොට ඔයාලා අපේ වෙඩින් එකට ගේන තෑගි ගන්නේ කෝමද :D
Deleteමං නං එකගයි ඔයා කියපුවට.කෙල්ලෙක් මෙහෙම හිතන්නෝනෙ.පව් මාත් දැකල තියෙනව මෙහෙම කරපු ගෑණු ළමයින්ගෙ අම්මලා තාත්තලා පවුලෙ අය කොයි තරම් වේදනාවක් විදිනවද කියලා..
ReplyDeleteඒකනේ,, පස්සේ එයාළගෙම අනාගතේ තමයි කරදරේ වැටෙන්නේ..
Deletehttp://www.youtube.com/watch?NR=1&feature=endscreen&v=PlzUvW1-o-8
Deleteහී හී.. මරු කතාව.. පැනල යන කස්ටියට එළ.. මම දැකල තියෙනවා ගොඩක් වෙලාවට මෙහෙම දේවල් වෙලා තියෙන්නේ දෙමාපිය රැකවරණය ටිකක් අඩු උනාම...
ReplyDeleteම්ම්ම්,, ඒකත් එහෙමයි මල්ලියා, ඊටත් වඩා නිදහස වැඩි වුනාමත් ඔහොම වෙනවද කියලා මම මේ කල්පනා කරේ මේ කාරණේදී
Deleteහැබැයි ශම්මියො පැනලා ගියාම වෙඩිමට යන ගානත් ඉතුරුයි..මහන්සියකුත් නෑ නේද..හි හි හී
ReplyDelete( මේකි මට ගහයිද දන්නෙත් නෑ)
වෙඩිමට යන ගාන වගේද අක්කියා ඔයාලා ඇවිල්ලා දෙන් තෑගි ඒම ^_^ මම හැබැයි යනෝ නම් අපේ තාත්තවත් බෑග් එකට දාගෙන යනවා :D
Deleteකියන්න කටට හොඳ එකක් ආවා. උඹ පොඩි වැඩි හන්දා නොකියා උන්නා..හි හි හී
DeleteO.o 21 ආවොත් මම ළගට ඇවිත් අහගන්නම්කෝ...
Deleteලගම හිතවතෙක් කරපු දෙයක්.... කෙල්ලගේ ගෙදරිනුත් කැමැත්ත දෙනවා (වෙන කරන්න දෙයක් නැති කමට ) එත් කොල්ලට කියනවා ඉන්න ගෙයක් හදා ගන්න කියලා.. කොල්ලට එක කරන්න ගියොත් සැහෙන කලක් යනවා බදින්න . කොල්ලා බය උනා කෙල්ලව වෙන කාට හරි බැන්දයි කියලා. උ=ඉතින් පැනලා ගියා, මෙතනත් එහෙමද දන්නේ නැනේ....
ReplyDeleteඅලේ මල්ලල්ලැ, කෝම වුනත් ඕම දෙයක් නෙවේ කියලනම් විස්වාසයි..
Deleteදැන් ලස්සනට මාල හතක් දාලා,තුන් තැල්ලෙන් ඔලුව හැඩ කරගෙන ඒ මැද්දෙන් ඉර හද ගහලා, බෝරිච්චි අත් වැටිච්ච හැට්ටෙත් එක්කලා,සුදුම සුදු පාට ලස්සන ඔසරියක් ඇදලා ජීවිතේ වැඩියෙන්ම ආදරේ කෙනත් එක්ක එයාව තමන් දන්න කියන හැමෝටම පෙන්නලා, හැමෝම ඉස්සරහා බ්ලා බ්ලා බ්ලා වන මම මෙහි සිටින අහවලා යන අයව මගේ නීත්‍යානුකූල සහකරුවා ලෙස සියල්ලන් ඉදිරියේ පිළිගන්නා බවට පොරොන්දු වෙමි කියලා,ලොකුවට නොවන චාම් පුංචි උත්සවයක් අරගෙන ආඩම්බරෙයන් මේකිව අරන් යන්න ඉන්න එකා කවුද දන්නේ නෑ නේ? මොනා උනත් දුකයි, කවුරු හරි අම්මා කෙනෙක් ගේ පුතෙක් නේ විනාස වෙන්නේ... :P
ReplyDeleteඅනේ යනවා යන්න.. මම හිතුවා මොකක් හරි හොද ක්මේන්ට් එකක් කියලා, මේකා මට හෙන නෝන්ඩියක් දාලානේ.. සැහ්.. ඉන්නවකෝ,, බොට වෙඩි තියනවා වෙඩික්කාරයා.. 21 එනෝකෝ ඇ...
Deleteඇත්තනේ කිවුවෙ....! මට වෙඩි තියන්න? අරන් වරන්කො එහෙනම් කාල තුවක්කුවක් වත්...
Deleteමුනාද ඇ ඇත්ත? මම මේ ඉන්නේ.. අනික බොලාලට කියන්නෙ නැතුව කෝමද.. :D
Deleteඅම්මපා වටිනවා...අම්මෙක්ගේ තාත්තෙක්ගේ හිතට දුක් දීලා මගුල් කරගෙන මොකටද...මම නම් හිතන්නේ නෑ කවදාවත් එහෙම දෙන්නෙක්ට සතුටින් පවුල් කන්න පුළුවන් කියලා...තමන්ව පොඩි කාලේ ඉදන් කැත කුණු අතගාල හදාගත්ත අම්මට ද්‍රෝහී වෙලා දාලා යන්න පුළුවන් කෙනාට මම ආදරෙයි කියලා පන දීගෙන ඉන්න සහකරුවා/සහකාරිය දාල යන එක මහලොකු දෙයක් නෙමෙයිනේ..
ReplyDeleteඅන්න හරි,, මමත් කියන්නේ ඒකම තමයි,,
Deleteඅසව්.. අසව්.. ශම්මිගේ අප්පොච්චා ශම්මිව කසාද බන්දල දෙන්න යනවලු.. තඩි බඩකුයි, ඒ වගේම තට්ටෙකුයි තියෙන වයස 50ක විතර කණවැන්දුම් කෝටිපති මුදලාලි කෙනෙක්ට..
ReplyDeleteදැං මේකිත් පැනල යන්න කොල්ලෙක් හොයනවලු..
(ආතල් එකට කිව්වට සමහර දෙමවුපියොත් බලන්නෙ මිනිහගෙ බෑන්ක් එකවුන්ට් එකේ බර විතරයි. අර අකුරැස්සෙ සභාපති සීන් එක දන්නවනේ. ඒ සමහර අම්මල තමන්ගෙ දූලව ඌට දෙන්නෙ කැමැත්තෙන්. ඒ පවුල්වල වියදම සම්පූර්ණයෙන් ඌ දරණවා. ගොඩක් ග්‍රාමීය පලාත්වල එහෙමයි. ඕක හොයන්න ආපු පත්තර කාරයොන්ට බැන්නෙ තොපිද අපිට කන්න අඳින්න දෙන්නෙ කියලා)
අඩේ...ඒම අයත් ඉන්නවා නේ යසිස්...ඒවා නම් මහ නරක වැඩ, හරියට නිකම් වැදුවටයි හැදුවටයි, අපි කියන එකා බැදලා ණය ගෙවපන් කිව්වා වගේනේ..අනේ මන්දා..
Deleteමේ බොල, අර අනිත් කියලා තියන එකටනම් බොලා ගුටි කනවා :/
කොහොම ගියත් ඇත්ත එලි වෙනවා නේද මගේ සුදු බබී? ඔච්චර විවෘත වෙන එකේ ඔයාගේ නීත්‍යානුකූල අවි වෙළදාම ශ්‍රී ලංකා යුධ හමුදාවට කරපු,එක පතුරමකින් හම්බුන ගාන , එක යුද්ධ ටැංකියකින් හම්බ කරපු ගාන,night club ගැන,TV channel එක , අර තානාපතිට කරපු දේ,ඔයාගේ නඩු අහපු ජජ් ල එක පාරට පවුල් පිටින් රට ගිය හැටි ඒ ගැනත් කියන්නකෝ.ආසයි දැනගන්න ඒවා ගැනත් සුදු බෝලයෝ.
ReplyDeleteමේකයි ඇනෝ, ඔයා ඔය කතා කරන්නෙ මම ගැන වුනානම් මම කියනවා, ඒත් කියපු කිසි දෙයක් මට අදාල නොවන නිසා මට කියන්න දෙයක් නැ
Deleteමේක ස්පෑම් කොමෙන්ට් එකක්. අද දවසට මං මේකම දැකපු 3 වෙනි වතාව..
Deleteමොකෝ යසිත් කරන්නෙ ඒකට? මටත් හිතුනා, මමත් මේක රෙප් අයියගේ බ්ලොග් එකේ දැක්කා
Deleteමං මේ කල්පනා කලේ ගෙට්ටුවට ඇවිල්ල ලැජ්ජාවෙන් හිටි බෝල කෙල්ලදමේ කියල..?
ReplyDeleteකියන්න වචන නෑ..!
මටත් ඉන්නවා සූටි කෙල්ලො දෙන්නෙක්..තාත්ත කෙනෙක් විදියට ඔයා ඔය කියපු සිහින මටත් තියේ..!
අනික පවුල් ජීවිතයක් ගෙවනවා කියන්නෙ තමන්ගෙ නෑදෑ සනුහරේ අමතක කරල කරන්න පුලුවන් දෙයක්ද..! සංකීර්ණ සමාජ සම්බන්දතා කොච්චර ජීවිතයට උවමනා වෙනවද..!
හිහි,, ඒ කෙල්ලම තමයි මේ..
Deleteඒකනේ,, අපේ තාත්තා මට කියලා තියෙන්නේ එයාගේ අම්මා(මගේ ආච්චි) මැරුණයින් පස්සේ ආයේ අඩනවනම් අඩන්නේ මම කසාද බැදලා යන දවසට තමයි කියලා... ඉතින් බැදලා යද්දි එහෙම නම් අර වගේ දුකක් දුන්නොත් කොහොම වෙයිද වෙන තාත්තා කෙනෙක්ට වුනත්..
මතු දිනයක ගුරුවරියක් වෙන්න හිතාන වෙන්න ඇති ලැප් එකත් උස්සගෙන යන්න ඇත්තෙ...පැනලා ගියා කියලා ජීවිතේ නැති වෙනවා කියලා තර්ක කරන්න බෑ...මම හැබැහින් දැකපු කපොල් දෙකක් අද ඉතාමත් හොද ආර්ථික ස්ථාවරයක් සහිතව...ඉතාම සුඛෝපභෝගී ජීවිත ගත කරනවා...දෙදෙනාගේ අවබෝධය සහ ඉදිරි දැක්ම හොද නම් පැනලා ගියාද, කසාද බැන්දද කියන දේ වැදගත් නෑ...
ReplyDeleteෂම්මි නගෝ..අර උඩින් තියෙන ශ්‍රීලංකා මනමාලියන්ගෙ ඡායාරූප ගත්ත තැන ලින්ක් එකක් එහෙම දැම්මොත් හොදයි නේද...බැරිවෙලාවත් ඒවායේ නිළ හිමිකරුවො මේවා දැක්කොත් දුක හිතෙයි...අපි ගැන කියලවත් නෑනෙ කියලා...
ම්ම්,, මේ අද ආරංචි වුනු දේ, ලැප් එක රුපියක් 15000ට විකුණලා රැපියල් 4000ට මත්කුඩු අරගෙනලු, ඒ පිරිමි ළමයා මත්කුඩු ගන්න ඒවා විකුණන එක්කෙනෙක්ලු, ගෑල්ලමයගේ අයියා එයාගේ බ්‍රේස්ලට් එකයි, මාලෙයි උගස් කරලා තමයි ගෑල්ලමයට රට යන්න සල්ලි, ඇදුනුයි අරන් දීලා තියෙන්නේ..
Deleteම්ම්,, ඔව් නේද? දැන් නම් ආයේ හොයන්න බැරි වෙයි අයියන්ඩියා..මම පෝස්ට් එක එඩිට් කරලා දාන්නම් ගූගල් එකෙන් ගත්තා කියලවත්..ස්තූතියි
මුකුත්ම නොකියමි.. ආයෙම හම්බුනු දවසක කටට චොක්ලට් එකක් ඔබමි..
ReplyDeleteදාන්න නගෝ පහක් ...
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
අලේ.........චොකලට් එකක්.. :D :* <3 තැන්කූ අක්කියා...
Deleteමෙන්න දාන්නම්කෝ පහට දහයක්ම..
පෝස්ට් එක නම් කියෙව්වා. ඇත්තටම දරුවෙක් එහෙම ගියාම ඒ අයට දැනෙන දුක ගැන නම් ආයේ කියන්න දෙයක් නෑ.. හ්ම්ම්.
ReplyDeleteලස්සන ලස්සන කමෙන්ට් ටිකක් තියනව වගේ දැක්කා. හෙට කියවන්නම් ඒ ටික. පේනවනේ වෙලාව. රෑ 12. 30. මං ඇහැරලා හිටියට කොම්පීතරේට නිදිමතයි ලු. :)
ඔව් ඔව්... පෝස්ට් එකට වඩා හොද ක්මේන්ට් ටිකක් තියනවා.. :D දැන් නම් එළි වෙලා..
Deleteඔන්න දැන් තමයි ආයේ ආවේ :)
Deleteසමහර වෙලාවට ඔහොම හිතෙනවා.. මාත් දවසක් කිවුවා මොනා හරි උනොත් ඔන්න ඔහේ එන්න මාත් එක්ක යන්න කියලා..
ReplyDelete:) අලේ මල්ලල්ලෑ අප්පා, මම නම් අනුමත් කරන්නෙ නෑ, මට අඩගහන්නෙ නෑ කියලත් මම දන්නවා මගේ එක්කෙනා නම් මම අඩගැහුවොත් මිසක් :P අඩගැහුවත් මම යන්නෑ, ^_^
Delete//මම කියපු දේ වැරදි නම් නිවැරදි කරලා යන්න,//
ReplyDeleteනිවැරදි කරන්න දෙයක් නැහැ ඔය හරි ශම්මි.
තැන්කූ.... හිහි..
Deleteමට අහන්න තියෙන්නෙ එකම එක ප්රෂ්නෙයය්................. ඔයා ආදරය කරන කෙනට කවද හරි ගෙදරින් කැමැත්ත දුන් නැත්නම් ඔයා එයාව අමතක කරනවද????? ගෙදරින් පැනල හරි එයත් එක්ක යන් නැද්ද???
ReplyDeleteනෑ, ඔය දෙකම කරන්නේ නෑ, මම ආදරේ කරන්න කලින් මාස ගාණක්ම කල්පනා කරා ගොඩක් දේවල් ගැන, මම හරි කැමතියි මගේ ගෙදර අය මට ආදරේ කරන තරමටම එයාටත් ආදරේ කරනවනම්, මම පවුලේ එකම ළමයා, තාත්තා මාව බලාගත්තේ එයාගේ පණ වගේ, ඒ නිසා මෙච්චර කරපු මගේ තාත්තට මම වැරද්දක් කරන්නෙ නැහැ, කෝමත් මම කැමති දේට මගේ තාත්තා අම්මා කැමති, මොකද මගේ තීරණ මෝඩ තීරණවත්, පසුතැවෙන්න ගන්න තීරණවත් නෙවෙයි,එයාගේ ගෙදර අයත් මට කැමති නම් හරි, ඒත් ඉතින් මට අකමැති වෙන්න තරම් මගේ අඩුපාඩුවක් නැති නිසා වගේම,මම නරක කෙනෙක් නොවන නිසා මටත් කැමති වෙයි කියලා මට විස්වාසයි.. :D
Deleteදැන් හලිනේ අතිගරුතතත :D
අලේ....නැවතීමේ ලකුණ වෙනුවට 'ත'යනු ගොඩක්නෙ වැදිලා තියෙන්නේ.. :/
Delete1 . යන්තන් ඇති පොස්ටුව සම්පුර්ණයෙන් වැටහුනා
ReplyDelete2.කතාව ඇත්ත
3. උන්ගේ ආසාවනේ මක් කරන්නද ..?
4. මම යන්නෙත් හඳපානේ(ඔකේ මාර ෆන් එකක් තියනවලු ඔයි)
5.මුලින් මනාලියක් විදියට අරන් ගිහිල්ල දෙවෙනි පාර හඳපානේ යනවා
6.බෝල යන්නේ කොමෙයි.. සද්රිසට කියලයි... ඕනිනං මමම කියන්නම්... වැඩේ ස්ථිර වෙන්න ..
7."(අපේ ගෙදර නම් පූර්ණ නිදහස දීලා තියෙන්නෙ මනාලයා තෝරාගන්න)" නම් ගෙදරින් අකමැති වෙන එකක් නැහැනේ
8.අකමැති උනොත් මොකෝ කොරන්නේ..
9.අලුත් පෙනුම පස්ටයි
10. පොස්ටුවේ අකුරු පොල් ගෙඩි සයිස්ය (බෝලා හිතුවද අපි 60පැනපු නාකි කියලා)
1.ලොකු දෙයක්
Delete2.හා
3.ඒකනේ
4.කියලා යනවා හරිද
5.අඩේ මමත් ඒකට කැමතියි
6.මට එයාව පෙන්නන්න ඕනේ හැමෝටම,මම ආඩම්බර වෙනවා එයා ගැන
7.අම්මා කැමතියි(තාත්තා යාළුවෙක් විදියට කැමතයි)
8.අකමැති වෙන්න තරම් ප්‍රශ්නයක් නෑ එයාට, අනික මගේ තේරීම් නරක නෑ කියලා ගෙදර අය දන්නවා
9.තැන්කූ වේවා
10.මේක මේ වර්ඩ් එකේ ටයිප් කරලා දැම්මේ බොල,ඒ සයිස් එකටම වැටිලා.