Showing posts with label ඉදලා හිටලා ගහන මඩ. Show all posts
Showing posts with label ඉදලා හිටලා ගහන මඩ. Show all posts

Wednesday, April 23, 2014


 හරියටම 2014 ජනවාරි 14 වෙනිදයින් පස්සේ පෝස්ට් එකක් දැම්මත් හරි දැනුයි ආවේ මේ පැත්තට, :D ඉතින්? :D කෝමෙයි විස්තර? 

Thursday, December 26, 2013



හම්මියෝ....... කාලෙකට පස්සේ....
ඉස්සෙල්ලාම කියන්නෝනි බ්ලොග් පාලක දෙය්යන්ගෙ පරම්පරාවම කුණු වෙන්නෝනි... -_- එක බ්ලොග් එකක් ඕපන් කරගන්න බෑ බීච් පාර්ටියේ පෝස්ට් බලන්න මේ ටිකේ මට :/

Tuesday, April 23, 2013

ඔන්න ඉතින් ගිහිල්ලා, සතුටු සාමිචියේ යෙදිලා කතා බහ කරලා කාරිය නොගියපු අයටයි ගිහින් සමහර දේවල් නොදන්න අයටයි කියන්න කියලා පෝස්ට් එක්ක නොලිව්වොත් හරි නෑනේ නෙහ්.. ;)



Saturday, September 29, 2012



සැලකිය යුතුයි ප්‍රථම සහ අවසාන වතාවට මාගේ නිර්මාණයක් නොවන..වෙන කාගේදෝ නිර්මාණයක් පෝස්ට් කරන බැවින්..අයිතිය කවුරුන් සතු වුවත් තරහා නොවේවා කියා ඉල්ලා සිටිමි...

Saturday, September 15, 2012


ප්‍රෝග්‍රෑමින් එර්ර්ර්... ටිකක් විතර තේරුණාට වැඩියම තේරෙන්නෙ නෑ..ඉස්සර මම දන්න කෙනෙක් ම්ම් සාදිරිසා ඔන්න එයාට සාමාන්‍යය බාසාවෙන් කිව්වට මෙලෝම දෙයක් තෙරෙන්නෙ නෑ.. ප්‍රෝග්‍රෑමි කරලම කියන්න ඕන,ඉයූ...  කොහොම හරි මේ පල්ලෙහා ලියලා තියන ප්‍රෝග්‍රෑමි එක වගේ එව්වා ලියලම තමයි මටත් ටිකක් පුළුවන් වුනේ...බලන්නකෝ තේරෙනවද කියලා.. ඒකත් ජොලි වැඩේ.. හිකිස්..



Tuesday, September 11, 2012



ප්‍රශ්ණ ගොඩක් තියනවා,අනේ මන්දා හිතේ මෙලෝ සහනයක් නැතුව ඉන්න වෙලාවක ලියන පෝස්ට් එකක්.කොයි විදියට කරුණු ගලපගන්න පුළුවන් වෙයිද කියලා දන්නෑ.පස්සෙ ව්‍යාකරණවිධි සහ පද සම්බන්ධය නිවැරදි කිරීමේ බලාපොරොත්තුව මත ලියනවා.. 

Sunday, August 12, 2012


පල නොකියා පලා බෙදනවට වැඩිය හොදයි නේද එකසැරේම කිව්වා නම් ආව දිහාටම යන්න කියලා ඔයාට වදයක් නොවී.එහෙනම් එක සැරේම විදවන්න තිබුනා.සැරින් සැරේ අලුත් වෙවී විදවනවට වෙනවට වැඩිය.මොනවා වුනාද මන්දා,එක සැරේට හරිම වෙනස් වෙලා ඔයා,කාගෙ ඇසවහද වැදුනෙ අපට.වෙනදට තාත්තා ගාවට වෙලා දවසෙ වෙච්ච හැමදේම කියවන පුංචි එකෙක් වගේ මම ඔයාට ඇණයක් වෙවී,ඔයාගෙ වැඩ සේරම පාඩු කර කර  කියවන හැමදේම සද්ද නැතුව අහන් ඉන්නවා,අනේ මන්දා මම ඔයා වුනා නම් මට නම් හොදටම තරහ යයි.ඔයා වචනයක්වත් නොකියා ඔහේ අහගෙන ඉන්නවා.ඔයා හරිම හොදයි(ම්ම්ම් ඔව් හැම අතින්ම තමයි.මටත් වැඩිය[ ඔන්න එහෙම කිව්වා කියලා උඩින් යන්න ඔට්ටු නෑ,අපේ වහල උස්සන්නත් වෙයි]) ඒ වුනාට ඉදලා හිටලා නම් තරහා යනවා,එහෙම නොගිහිනුත් බෑ හැබැයි මම කරන මැටි වැඩ වලට....ඒත් මේ ළගකදි ඉදන් ඔයාට මොනවා වෙලාද මන්දා.කිසි දෙයක් කියන්නෙත් නෑ.හැමවෙලේම තරහින්මයි ඉන්නෙත්(මයි ඔව්න් ප්‍රොබ්ලම්සු ලු) ඒ මුනාද? ඔයාගෙ ඔව්න් එව්වා මගෙත් ඔව්න්නෙ.. බිකස් අයි ඇම් යුර් වෙන්ඩ ඔව්නර් ඇට් වන් ඩේ....හිත රිදෙනවනෙ මටත් එහෙම වුනාම.වෙනදට ආපු ගමන් ශම්මි කෝ කියලා අහන කෙනා,දැන් ශම්මිට ගුඩ් නයිග්ට් කියලවත් කියන්නෙ නෑ.වැඩක් නම් කියන්න ඔනෙනෙ..මම කරදර නොකර ඉන්නවනෙ..ඔයා වගෙ හොද ළමෙක් විදියට..(ඇත්තටම මං ඔයාට හෙනට කරදර කරනවා නේද?? කොහොම ඉවසන් ඉන්නවද මන්ද)   

Saturday, August 11, 2012


වෙලාව හරියටම 12.10 මං නිදාගන්න ඇවිත් විනාඩි 45ක් වෙනවා.ඒත් නිදිමතකුත් නෑ,නින්ද යන්නෙත් නෑ.ඒ ගමන්ම දෙයක් මතක් වුනා.ඒකම පෝස්ට් එකක් කරගෙන මට පුළුවන් විදියට රටට උදව්වක් වෙනවා කියලා හිතුවා.මගෙ කලින් හොදම යාලුවා වෙලා ඉදලා දැන් මගේ ආදරේ වුනු කෙනා අද හිටියෙ ගොඩක් හිත් වේදනාවෙන්.ඒකට හේතුව හරියටම දන්නෙ නැතත් කියපු සමහර දේවල් වලින් තේරුනේ දැන් මේ ජාතිකත්වය සහ ආගම් බේද ඇදගෙන කරන තමන්ගෙ සිතුවිලි අනිත් මිනිස්සුන්ටත් දෙන්න හදන සමහර ෆේස්බුක් පේජස් කියලා.කොහොම හරි හිත හදන්න කියලා මමත් කිව්වා ඕකට ඔයාටයි මටයි විතරක් කරන්න දෙයක් නෑනෙ කියලා,හැබැයි එයාගෙ නම් අදහස වුනේ කරන්න මොනවම හරි දෙයක් ඇති කියලා.ඒක නිසාම මේ පෝස්ට් එක දාන්න හිතුනෙ...


Tuesday, August 7, 2012