Showing posts with label කතන්දරේ.... Show all posts
Showing posts with label කතන්දරේ.... Show all posts

Thursday, November 8, 2012


                         අතිශයින් ගෑල්ලමයිට පමණයි කිව්වෙ පිරිමි ළමයිට පෝස්ට් එක තේරෙන්නෙ නැති නිසා..කියවලා මට අනන් මනන් කියන්න එපා හරිය.. 

Friday, August 3, 2012



එනම් මිලාන් ව කැනඩායට රැගෙන යාමට ගත් තීරණය නිසාය.මෙයින් මිලාන්ගේ හිතට විශාල කලකිරීමක් ඇති වුන නමුත් ඔහු එය දරාගෙන සිටියේ තම මවට සත්‍ය පැවසීමට තිබෙන අකමැත්ත නිසාය.කෙසේ හෝ මිලාන්ගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් ඔහුට කැනඩාවට යන්න සිදුවිය.එහිදී ඔහුව පරික්ෂාකර බැලූ වෛද්‍යවරැන් පැවසුවේ ඔහුගේ හිතේ තද කළකිරීමක් ඇති බවය.කලින් කල ගෙවී යත්ම ඔහුට සිය ජීවිතයේ ඉතුරැ කාලයද ගෙවීමට සිදුවන්නෙ කැනඩාවේ බව නිසලීට දැනගන්නට ලැබුනි.කෙසේ හෝ මිලාන් නිසලීව අමතක කරේ නැත.ඔහුට හැකි හැම වෙලාවකම නිසලී සමග දුරකතනයෙන් කතා කරන්නට විය.නමුත් සිත් තැවීම අඩුවක් නොවීය.මෙසේ කාලය ගතවෙද්දී මිලාන්ගේ දෙමාපියන් ඔහුට විවාහ යෝජනාවක් ගෙන ආවේය.මිලාන් නම් ඇයට කිසිසෙත්ම කැමැත්තක් දැක්වූයේ නැත.ඒ නිසාම ඒ විවාහයට ඔහු අකමැති වුනි.පසුව ඔහු විසින්ම ගොස් තම මවට තමන් නිසලි ට ආදරය කරන බවත් ඇයව විවාහ කරගන්නට කැමති බවත් කියා සිටියේය.ඉන් සති කිහිපයකට පසුව ඔවුන් යළි ශ්‍රී ලංකාව බලා පිටත් විය.ඒ නිසලි ගේ දෙමාපියන් සමග මේ ගැන කතිකා කර ගැනීමටය.

Saturday, July 7, 2012


(23 වන දින උදෑසන)

මිලාන්,අමිල,ශිහාන්,නිෂාද්,මලිත්,කසුන්,රැවන්,චාමර,ශානක,දසුන්,රංගන,ඇන්ජලෝ...........ඔයාලා ලෑස්ති ද? ඔන්න අර කරදරකාර ටීම් එක එනවා..කොල්ලනේ..දිනලා මිසක් එන්නෙ නෑ....
නෑ එහෙම්ම ‍ගෙදර යනවා තිසර අයියෙ
හරි හරී..... ඕකට තරහ ගන්න ඕන නෑනෙ කසු...න්..


තරග පිටියට පිවිසි ඔවුහු ඉතා උද්යෝගිමත් තරගයක නිරත විය.තරගයේ මැද භාගය වන විට මිලාන් ගේ පිළ තව තවත් තියුණු ලෙස ක්රීඩා කරන්නට විය.ඒත් අවාසනාව ඔවුන් පසු පස හඹා එන බව ඔවුන් දැන සිටියේ නැත.තවත් ස්වල්ප මොහොතකින් අවාසනාව මිලාන් ගේ නළලත් ප්රදේශය සිප ගත්තේය.ඔහු ඇද වැටිනි.

Thursday, July 5, 2012

(තව කෙනෙකුගේ ඉල්ලීමක් මත 3 වෙනි කොටස ඉක්මනින් ම පළ කිරීමට තීරණය කලෙමි)







මිලාන්.....
සර්....
මිලාන් මේ පාරත් ඔයා තමයි 21 පහළ ටීම් එකේ කැප්ටන්.
තැන්කු යූ සර්.....
ඔයා ඉතා දක්ෂ විදියට ක්රීඩා කරනවා.ඒකයි ඔයාට මේ හැමදේම.



             එය අලුත් අවුරැද්දකි නිසලි දැන් 10 වන ශ්රේණියේ සිසුවියක් වන අතර මිලාන් 12 වන ශ්රේණියේ කොළඹ ප්රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබමින් සිටී.දැන් මිලාන් යනු ඉතා කාර්යයබහුල සිසුවෙකි.ඔහුට තම ජීවිතයේ වැදගත්ම කඩඉමක් වන උසස් පෙළ විභාගයටද සාර්ථක අයුරින් පෙනී සිටීමට අවශ්‍යය අතර තම ක්රීඩා කෞෂල්‍ය වර්ධනය කර ගැනීමට ද අවශ්‍ය වී ඇත.ඔහුගේ ප්රියතම හා දක්ෂතම ක්රීඩාව වන්නේ ක්රිකට් කිරීඩාවයි.ඔහු 21 න් පහළ  ක්රිකට් (තම පාසලේ) කණ්ඩායමේ නායකත්වය ද දරයි.දිනක් ඔහු තම ක්රිකට් පුහුණුවට සහභාගී වී සිටින වේලාවක දී වේගයෙන් පැමිණි පන්දුවක් ඔහුගේ නළලත ප්රදේශයේ තදින් වැදුනි.


හෙලෝ ආන්ටි මිලාන් හොස්පිටල් එකේ බෝලයක් ඔලුවෙ වැදිලා.
මොනවා
ඉක්මනට එන්න ආන්ටි ජෙනරල් හොස්පිටල්


------කොළඹ මහ රෝහල------

Monday, July 2, 2012


ඇය සහ ඔහු තවමත් යොවුන් වියේ පසුවන පාසල් සිසුන්ය.ඇය නමින් නිසලි වන අතර ඔහු නමින් මිලාන් ය.තම හිතවත්කම් වර්ධනය වීමේන් පෙරට ඇදුනු ආදරයට හිමිකම් කීමට ඔවුන් ට හැකිවී ඇති නමුත් සෑම දිනයක ම ඉරැ නැග එන්නා සේ බැස යන මොහොතක් ද ඇති බව ඔවුන් ට ද අවබෝධ වීමට පටන් ගෙන ඇත..මේ ඔවුන්ගේ කතාවයි.... වසන්තයේ සිත සැලුනා...