Showing posts with label ආදරණීය සාදිරිස්ට. Show all posts
Showing posts with label ආදරණීය සාදිරිස්ට. Show all posts

Monday, December 31, 2012



ඔරුවකට බර වෙලා දිගින් දිගට පැඳ යද්දි
මට දැනුනා ජීවිතය මගේ ළඟ නුඹ ඉද්දි
සතුට මගෙ සැනසීම නුඹෙ තුරුලෙ නැළවෙද්දි
නොදැනුනා නොවේ මට හිමින් ඇස් පියවෙද්දි

Wednesday, December 26, 2012



වැසිදාක කළුවර අහස දිහා බලන්,හයියෙන්ම මහ සද්දෙට වහිනකොට,විදුලි කොටද්දි බය වුනාම,ගොරවන සද්දෙට බය උනාම..

Tuesday, November 13, 2012



Program කරන්නම් මං..
මා සතු වූ ආදරය ..
Coding වලට කවා..

Friday, November 2, 2012




ඇමතුමක් ගෙන නුඹේ අංකෙට
ඉතා මෘදුවට අමතන්න හිතයි මට
සොදුරු වදන් නැති වුනාට
දයාබරව ඇමතුව විට

Tuesday, October 16, 2012




හැමදාම දැකින්න ඕන නෑ තමයි
ඒත් අඩුම තරමින් මාසයකට සැරයක්වත් දකින්න ආසයි
බලන් ඉන්න ආසයි ඔය ඇස් දෙක දිහා...

Saturday, October 13, 2012


දොයි මතයි..සැක්..ක්ලාස් යන්න එපැයි..උදේ 3ට විතර නැගිට්ටුනා මොකෝ මන්දා..නින්ද යන්නෙත් නෑ..වෙනදට නම් එහෙම වුනාම ගිහින් කාර්ටූන් බලනවා..මෙදා ඔලුව රිදීගෙන ආව නිසා ඒකත් බෑ.. ඒ අස්සෙ මතක් වෙනවා හෙට අර සාදිරිසා Camp යනවනේ..Cadet Camp..බනීද දන්නෑ..ඉන්න ඉහළම නිලයේ එක්කෙනෙක්නෙ.(අපි වගේයැ).. දැන්

Thursday, September 27, 2012

මන් දන්නෑ අනේ ලියන්න දේකුත් නෑ, වැඩ වැඩ වැඩ... දැන් තමයි තේරෙන්නෙ බිසී කියලා කියන්නෙ මොකක්ද කියලා..හයියූ.. හරියටම කිව්වොත් වැඩ කල් දැමීම තමයි වැඩ වැඩි වීමට හේතුව..මීට පස්සෙ නම් එහෙම කරන්නෙම නෑ..ඇත්තමයි අල්ලපු ගෙදර බල්ලා පල්ලා.. සත්තයි...ආආආආ මේන් ප්‍රෝග්‍රෑම් එකක් ඈ.. මේක නම් හැබැයි වේරියබල් දෙකයි..love,miss ... බලන්නකෝ තේරෙනවද කියලා...මමත් ප්‍රෝග්‍රැරමර් කෙනෙක් නෙවෙයි ඈ..සූට්ටක් දන්නවා.. මං මේ සාදිරිසට ලියපු එකක්.. කතා ඇති කියවලම බලන්නකෝ... 

Thursday, September 20, 2012



                         නොසන්සුන්කමින් පිරුණු, සතුටක් නැති,උත්සාහ කරත් හිනාවෙන්න බැරි මේ වර්ථමානෙට වඩා, ආදරණීය මතකයන් ගොඩක් එක්ක හරිම ලස්සනට ගෙවිලා ගියපු ඒ අතීතෙට මං ආසයි.ඒ නිසා තීරණය කරා එතනම නවතින්න,මතක් කරලා අඩන්න නෙවෙයි එතකොට මට පුළුවන් මතක් කර කර හිනා වෙන්න, ආදරෙන් සතුටින් හිත පුරවගන්න.එක එක දේවල් මැද්දෙ.නොහිතපු පැත්තකට ජීවිතේ ගලාගෙන ගියාම,බයක් නොදැනුනාම නෙවෙයි..මමත් මොළේ තියන කෙල්ලෙක්නෙ කියලා මට මතක් වුනා.ඒ නිසාම හොදට හිතලා බලලා හැමදේටම මූණ දුන්නා..ගොඩක් දේවල් වලින් මම නොහිතපු විදියට ජය ගන්න මට පුළුවන් වුනා..ඒ මොකද එක දෙයකින්  මම හැමදේම තීරණය කරන්න ගියෙ නෑ..අනිත් දේවල් වලටත් ඉඩ දුන්නා..වෙන්න තියන දේවල් කොහොමත් වෙනවනේ..ඒවා නවත්තන්න මම මහාබ්‍රහ්මයා නෙවෙයිනේ..ඒ නිසා අකමැත්තෙන් වුනත් ඕනම දේකට සූදානමින් හිටියා..එකම තරාදියෙන් හැමදේම මනින්න බැරි බව මම දැනන් හිටියා..

Sunday, September 16, 2012



මගේ ඇස් දෙක ලස්සනයි කියලා
ගොඩක් අය කියනවා..
ඒත් ඒ කවුරුවත් දන්නෙ නෑ..
මට ඔයා නිසා කොච්චර අඩන්න වෙලාද කියලා,ඇඩුවද කියලා...

Saturday, September 15, 2012


ප්‍රෝග්‍රෑමින් එර්ර්ර්... ටිකක් විතර තේරුණාට වැඩියම තේරෙන්නෙ නෑ..ඉස්සර මම දන්න කෙනෙක් ම්ම් සාදිරිසා ඔන්න එයාට සාමාන්‍යය බාසාවෙන් කිව්වට මෙලෝම දෙයක් තෙරෙන්නෙ නෑ.. ප්‍රෝග්‍රෑමි කරලම කියන්න ඕන,ඉයූ...  කොහොම හරි මේ පල්ලෙහා ලියලා තියන ප්‍රෝග්‍රෑමි එක වගේ එව්වා ලියලම තමයි මටත් ටිකක් පුළුවන් වුනේ...බලන්නකෝ තේරෙනවද කියලා.. ඒකත් ජොලි වැඩේ.. හිකිස්..



Thursday, September 13, 2012





                      කමක් නෑ මොන දේ වුනත්, ඒත් මට දුක කවුරුත් මා තේරුම් ගන්නෙ නැති එකට.හරියටම කිව්වොත් තේරුම් ගන්න දේකුත් නෑ.ඒත් මේ තරමටම හිත රිද්දන්න තරම් දෙයක් මම කරලා නැ,ආදරේ කරා.පොඩි දරුවෙක්ට වගේ.බලාගත්තා,පරිස්සම් කරා,හැමදේම.සමහර දේවල් වලට එපා කියලා පස්සෙ මමත් උදව් කරා,පොඩි එකානෙ මගෙ වැරදි කරනවා තමයි කියලා.ඒත් මේ තරම් ආදරෙන් තියාගත්තටත් පස්සෙ, නිදහසක් නෑ,මෝඩකමක් කරගත්තෙ කියලා කියන්න තරම් මම මොකක්ද කරේ..ඔයා දග වැඩ කරනකොට සැර කරලා පස්සෙ ආයෙ ළගට ගත්තෙ මගෙ හුරතලේනෙ කියලා..ඉස්සෙල්ලම එළියට එක්කන් ගිය දවසෙ දැකලා ආස වෙච්ච දේ කොහොම හරි අරන් දෙන්න ඕන කියලා හිතාගෙනම ඉදලා.ඒකත් අරන් දුන්නා.වෙන දේකට නෙවෙයි ආදරේ නිසා..මම කිව්වා මම ආසයි කියලා ඒකට..ඒත් මට මොකටද,ඔයාට ගත්තෙ.මල්ලි නංගි උනත් මොනවට හරි ආසයි කියලා දන්නවනමි අතේ තියන අන්තිම සතෙත් ඒකට දීලා ඒකත් අරගෙන පයින්ම හරි යන කෙනෙක් මම,ස්කෝලෙ යද්දි වුනත් යාළුවෙක් ඇවිත් බඩගිනි කිව්වම මගේ බත් එක එයාට දීලා කාගෙන් හරි බත් කටක් කාලා බඩගින්නෙම ගෙදර ආපු වෙලාවල් තමයි වැඩිපුරම තිබුණෙ.ඒකයි මගේ පුංචි එකා ආසයි කිය කිය කියවපු එක මතක තියන් ඉදලා කෝම හරි ඒක උස්සගෙන ආවේ. 
         

Wednesday, September 12, 2012


Tuesday, September 11, 2012



නොසන්සුන් වූ හිතත් එක්කලා පොරබදින්න වෙර දරනවා.....
කාටවත් නොතේරෙන මගේ හැගුම් මාත් එක්කම හඩා වැටෙනවා....

Friday, September 7, 2012



මේක මට ලියන්න හිතුනෙ මොකද මන්දා.කොහොම වුනත් නිදාගෙන ඉදලා හදිස්සියෙම නැගිටලා පටන් ගත්ත ලියන්න.ඒ මගෙ හැටිනෙ.මහ රෑ වුනත් මොනවා හරි හිතුනොත් නැගිටලා ලියන එක මගේ පුරුද්දනෙ..


Sunday, August 12, 2012


පල නොකියා පලා බෙදනවට වැඩිය හොදයි නේද එකසැරේම කිව්වා නම් ආව දිහාටම යන්න කියලා ඔයාට වදයක් නොවී.එහෙනම් එක සැරේම විදවන්න තිබුනා.සැරින් සැරේ අලුත් වෙවී විදවනවට වෙනවට වැඩිය.මොනවා වුනාද මන්දා,එක සැරේට හරිම වෙනස් වෙලා ඔයා,කාගෙ ඇසවහද වැදුනෙ අපට.වෙනදට තාත්තා ගාවට වෙලා දවසෙ වෙච්ච හැමදේම කියවන පුංචි එකෙක් වගේ මම ඔයාට ඇණයක් වෙවී,ඔයාගෙ වැඩ සේරම පාඩු කර කර  කියවන හැමදේම සද්ද නැතුව අහන් ඉන්නවා,අනේ මන්දා මම ඔයා වුනා නම් මට නම් හොදටම තරහ යයි.ඔයා වචනයක්වත් නොකියා ඔහේ අහගෙන ඉන්නවා.ඔයා හරිම හොදයි(ම්ම්ම් ඔව් හැම අතින්ම තමයි.මටත් වැඩිය[ ඔන්න එහෙම කිව්වා කියලා උඩින් යන්න ඔට්ටු නෑ,අපේ වහල උස්සන්නත් වෙයි]) ඒ වුනාට ඉදලා හිටලා නම් තරහා යනවා,එහෙම නොගිහිනුත් බෑ හැබැයි මම කරන මැටි වැඩ වලට....ඒත් මේ ළගකදි ඉදන් ඔයාට මොනවා වෙලාද මන්දා.කිසි දෙයක් කියන්නෙත් නෑ.හැමවෙලේම තරහින්මයි ඉන්නෙත්(මයි ඔව්න් ප්‍රොබ්ලම්සු ලු) ඒ මුනාද? ඔයාගෙ ඔව්න් එව්වා මගෙත් ඔව්න්නෙ.. බිකස් අයි ඇම් යුර් වෙන්ඩ ඔව්නර් ඇට් වන් ඩේ....හිත රිදෙනවනෙ මටත් එහෙම වුනාම.වෙනදට ආපු ගමන් ශම්මි කෝ කියලා අහන කෙනා,දැන් ශම්මිට ගුඩ් නයිග්ට් කියලවත් කියන්නෙ නෑ.වැඩක් නම් කියන්න ඔනෙනෙ..මම කරදර නොකර ඉන්නවනෙ..ඔයා වගෙ හොද ළමෙක් විදියට..(ඇත්තටම මං ඔයාට හෙනට කරදර කරනවා නේද?? කොහොම ඉවසන් ඉන්නවද මන්ද)   

Sunday, July 22, 2012


මං මේ විහිලුවක් කරනවා නෙවෙයි.ආදරේ කියන්නෙ ඒකට.ඔයා මං ළග නැති වුනත් කිලෝමීටර් ගාණක්ම ඈතින් හිටියත් ඔයා එක තත්පරේකටවත් මගේ හිතින් අයින් වෙන්නෙ නෑ.මට ඔයාව ඕන කරන,බලන්න හිතෙන ඕන වෙලාවක මගෙ ඇස් දෙක වහන පරක්කුවට ඔයා මගෙ ඉස්සරහට එනවා.ඒ මං ඇත්තටම ඔයාට ගොඩක් ආදරේ නිසා.

                   බැදීමක් කියන්නෙ දුකක් නෙවෙයි.හැබැයි අපි වැරදි කෙනෙක් එක්ක හරි අපිට නොගැලපෙන කෙනෙක් එක්ක හරි බැදීමක් ඇති කරගත්තොත් ඒක දුකක් වෙනවා.බැදීමක් කියන එක අනවශ්‍යය පීඩනයක් වෙන්නෙ නෑ.කවද හරි අපි මැරුණම අඩන්න ඉන්නෙ අපි එක්ක පොඩි හරි බැදීමක් ඇති කරගත්ත මිනිස්සු විතරයි.කොයි තරම් දේවල් කිව්වත් අපිට ඕනම වේලාවල්වලදි ඔය හැමෝම අපිව දාලා යනවා.අපේ බැදීම් තමයි ඉතුරු වෙන්නෙ.බැදීම් තමයි මනුස්සයෙකුට, සතෙකුට තමන්ගෙ ජීවිත කාලෙදි ලැබෙන වටිනම දේ.අපි කාත් එක්ක හරි බැදීමක් ඇති කරගත්තොත් අපිට තව කෙනෙක්ට ජීවිතයක් දෙන්න පුලුවන්, මේ ලෝකෙ ලස්සන බලන්න, මේ ලෝකෙට එන්න උදව්වක් වෙන්න පුලුවන්.ඒකයි ඔයයි මමයි දෙන්නම අද මෙතන ඉන්නෙ.බැදීම් කියලා කියන්නෙ අපිට ලැබෙන තෑග්ගක්.

Wednesday, July 11, 2012


හිතාගන්න බැරි පැත්තකට ජීවිතේ ගලාගෙන යද්දි.කවමදාවත් බලාපොරොත්තු නොවුනු මිනිස්සු ජීවිතේ ඇතුළට එද්දි.මේ ජීවිතේ කොච්චර නම් පුදුමද කියලා හිතෙනවා.


මුලු ලෝකෙම කියලා මවාගෙන හිටපු දේවල් එක තැනකද බොරැවක් වංචාවක් වෙලා නවතිද්දි.කොහේදෝ තිබ්බ දෙයක් හිත ඇතුළට මදිවට දැන් ජීවිතේ ඇතුළටත් ඇවිල්ලා මේ තරම් පෙරළියක් කරයි කියලා නිකන්වත් හිතුවෙ නෑ.ඒ මොනවා වුනත් හැමදාම බලාපොරැත්තු වුනු ආදරේ අහම්බෙන් ආපු ඔයාගෙන් ලැබෙද්දි හැමදාම මෙතන නැවතිලා ඉන්න තියනවනම්,කාලය නැවතිලාම තියනවනම්,ඔයා ගාවම නතර වෙන්න තියනවනම් කියලා හිතෙන වාර අනන්තයි.ඔයා මට ආදරේ නෑ කියලා ඔයාම කියද්දිත් මට තව තවත් ඔයාටම ආදරේ හිතෙන්නෙ මං තවත් ඔයාටම ආදරේ කරන්නෙ ඇයි කියන ප්රශ්නෙත් හිත උඩට එනවා.ඒත් ආයෙ ඒ හිතම කියනවා මනුස්සයෙක් ළග තියෙන්න ඕන මනුස්සකම අවංකකම වගේ අනිත් හැම ගතිගුණයක්මත් කිසිම අඩුවක් නැතුව තියන ඔයාට ආදරේ කරන්න ලැබුන එකත් වාසනාවක් කියලා..

Wednesday, July 4, 2012


නිහඩ රාත්රියක නිහඩව ම දුටුව ලස්සනම ලස්සන සිහිනයක් ලෙසින් මා සිතට ආ ඔබ.මෙතෙක් දිනක් මා නවතා දමා යළිත් කිසි දිනක නොකරමී කියා තරයේ ද සිතා සිටි එය, යළිත් සිත තුළ රැදවීමට තරම් විස්වාසයක් මා තුළ ගොඩනැගීය.සත් වසරක ආදරයක පරාජය ලැබූ මා,සියල්ලක් ම බොරැවක්,වංචාවක්, ලෙස සිතා ආදරය අතැර දමා එයින් වැළකී සිටි නමුත්, ඔබ කොහේදෝ සිට පැමිණ එවා පසෙකලමින් සිතට ඇතුලු විය.දැන් ඔබ මා සිත තුළ සදාදර ආදරයක උරැමක්කාරයා වී හමාරය.

සබද, ඔබ ආදරය හදුනනවා ද? නැද්ද ? යන්න මා නොදන්න නමුත්, මා ඔබ හදුනාගෙන අවසන්ය.එයටත් වඩා ඔබ දැන් හදෙහි ලැගුම් ගෙන හමාරය.දැන් මට වුවමනා වුවද ඔබ ව පළවා හැරීමට මට නොහැකිය.ඒ තරමට ම මම ඔබට ආදරය කරමි.