Showing posts with label මං ගමනක් ගියොත්. Show all posts
Showing posts with label මං ගමනක් ගියොත්. Show all posts

Thursday, November 22, 2012




හේ හේ...මුලින්ම පණුච්චි අක්කට ස්තූති කරන්න ඕන.. මගේ කවර් එක හදලා දුන්නට... ආ හරි.. කලින් මම පෝස්ට් එකේදි කිව්වනේ බණ්ඩාරවෙල ගිය වෙලාවෙ රිසර්ච් එකක් කරා කියලා.. අන්න ඒක ගැන වෙනමම බෝස්ඒ එකක් දාන්නම් කිව්වනේ..ඔන්න ඒක තමයි මේ කියන්න යන්නෙ.. හරි..කියවලා බලලා ඔයාලත් යන්න බලන්නකෝ..වැඩිය මම කියවන්නෙ නෑ..අද කෝමත් පෝස්ට් එක ටිකක් දිග වෙයි හැබැයි.. හරියටම විස්තර ටික දෙන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.. 

Tuesday, November 20, 2012






ජීවිතේ පළමුවෙනි වතාවට (කියන්න ලැජ්ජයි) ශම්මියා බණ්ඩාරවෙල ගියා ඔන්න.ම්ම්..කෝමත් මම කදු වලට,මීදුමට,සීතලට වගේම පින්නට එහෙම හෙන ආසයි..ඉතින් මුළින් දැනගත්තු විදියට ගියා බණ්ඩාරවෙල.. ආආ තව ඉතින් මම රිසර්ච් වැඩ එහෙම කොරනවනේ රාවණා රජතුමා ගැන.ඌව


Wednesday, September 19, 2012

හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් ගියා බලන්න Book Fair. ආවේ 1ට පමණය, 5ත් පහු වන තුරුම පොත්වල ගිලුණෙමි. මාත් එක්ක Book Fair එන එක නම් මෝඩ කමකි. අනිත් එකා උන්නද මළාද මම බලන්නේ නැත.මට මොකද? පොත් වලට යට වුනත්. ගියේ නම් අම්මා සමගය. අම්මා ඔහේ ඇවිදන් යති. මම පොත් තෝරමි. ඒකත් ෂොයි වැඩේය. Book Fair එකේද මාර මාර එව්වා වුණි. සම(හරක්) පිරිමි දරුවෝ ඇවිත් හැප්පෙන්නේ ඇනිත් අතින් සිය වෙන්ඩ බිරින්දෑත් අල්ලාගෙනමයි.මගේ පොඩි එකා(සාදිරිස්) වුනා නම් ප්‍රසිද්දියේම බෙල්ල කමි.අක්කේ මේන් මේ අයියා හැප්පෙනවා දැන් දෙවනි සැරේ කියා කීවේ ඉවසලා බැරිම තැනයි, ඒකත් මරුය..අයියා මොහොතකට ගල් ගැසිණි.අයියාගේ ඇස් කුරුම්බැට්ටි size විය.අක්කා කෑ ගසනවා ඇසිනි..මට මොකද? මම පොත් තෝරමි.
                                      

Tuesday, July 17, 2012


අද මං දැකපු ලස්සන තැනක් ගැන මේ කියන්න යන්නෙ...පෝස්ට් එකක් විදියට නම් දාන්න ඕන වුනේම නෑ.ඒත් මේ තැන දැක්කහම මගේ ඇස් දෙකට කදුලු ආවා.වෙන මුකුත් නිසා නෙවෙයි.මං හරි ආසයි ලස්සන ලස්සන තැන් වලට.ගිහිල්ලා ඉන්න,ඇවිදින්න,දවස් ගාණක්ම ඒ තැන්වල ලස්සන බලන්න.ඒ නිසාමයි තොරතුරැ තාක්ෂණය විෂයක් විදියට හැදෑරැවත් පස්සෙ ආසාව වෙනස් කරලා ටුවරිසම් මැනේජ්මන්ට් කරන්න ගත්තෙ..ලෝකෙ කෙසේ වෙතත් රට වටේම යන්න පුලුවන් නිසා

ඉතින් කොහොම හරි අද මං මේ තැන දැක්කෙ අහම්බෙන්.හරියටම කිව්වොත් මගේ ෆේස්බුක් එකට මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක් රික්වෙස්ට් එකක් එවලා තිබ්බා.ඒයා ටැග් වෙලා හිටිය පොටෝ එකකින් තමයි මේ තැන දැක්කෙ...ම්ම්ම්ම් කියන්න කණගාටුයි මම ගැනම මම මේ තැන ගැන අහලා තිබ්බට කොහොද තියෙන්නෙ,කොයි පළාතෙද, කියන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ..ඒවා කොහොම වුනත් මේ තැන මෙච්චර ලස්සනයි කියලා නම් හිතුවෙම නෑ...(හිතන්න දැකලා තිබ්බෙත් නෑ)