නව මසක් තිස්සේ සිරවී හිද පුංචි කුටියක
මව ගන්නා ආහාරවලින් ඒ කාලය පුරාම යැපී
පුංචිවට සිටි මම කළලයකින් පසු වැඩුනු කිරි කැටියකු සේ
දඟ කරන්නට ඇති පයින් ගසමින් කුස තුල සිට අම්මාගේ
කල් වේලා ආ කල්හි
දින වකවානු බලා
අම්මාවත් හඩවමින් මමද කෑ ගසා හඩමින් මෙලොවට එන්න ඇති
තවත් එක් ජීවියෙකු ලෙස
මව් කිරි වලින් යැපෙමින්
කාලයක් තිස්සේ හැමෝගෙම ආදරය මැද
පුංචි සුරතලෙකු සේ
ටිකෙන් ටික උස් මහත් වෙන්න ඇති මමත්
අමුතු අමුතු ශබ්ද හා වචන වලින් පසුව
වචනයක් දෙකක් කතා කරන්න හැකි වූ විට
හැමෝම කුතුහලයෙන් ඉන්න ඇති
මම ඉස්සෙල්ලාම කියන වචනය ගැන
අවට ඇති දේ අත පත ගගා යමින්
විටෙක ඇද වැටී හඩමින් අමාරුවෙන් වාරු ගෙන
නැගිටින්නට හදන්න ඇති මමත් දෙපයින්
පුංචි කකුල් බිම වැදුනම කෑ ගහලා අඩන්නටත් ඇති
බොරුවටත් එක්කම කදුළු පෙරාගෙන
තව ටිකක් ලොකු වෙලා මොන්ටිසෝරියෙන් පස්සෙ
මාවත් ගෙනිහිල්ලා ඉස්කෝලෙට දාන්න ඇති
පළවෙනිම දවසෙ ඉස්කෝලෙ ගියාම
තාත්තා අම්මා ඕනේ කියලා ගේට්ටුවක එල්ලිලා
මරහඩ දීලා අඩන්නටත් ඇති
ටිකෙන් ටික ලොකු වෙද්දි
ශිෂ්‍යත්වෙ
ඕ ලෙවල්
ඊට පස්සෙ ඒ ලෙවල්
ඔය ඔක්කමත් කරලා
කැම්පස් යන්න අකමැති නිසා
භාහිර උපාධියකුත් කරලා
රස්සාවක් කරන ලොකු මනුස්සයෙක් වුනා ඊට පස්සෙ කාලෙක මමත්
පස්සෙ ඉතින් ආදරේ කරලා
ආදරේට විවාහයෙන් වටිනාකම් දීලා
චූටි චූටි පැටව් ටිකක් හදාගෙන
එක වහලකට වුනා හරිම ආදරෙන්
මගේ පොඩි එවුන් ටික ලොකු වෙලා
පවුල් පන්සල් වෙලා
දැන් එයාලගෙත් පැටව් එක්ක
තවත් කාලයක් හිටියා මමත් සතුටින්
ඒත් අද
වයසක මහලු මම
රෝහලක ඇදක් උඩ ඉදන්
මෙච්චර කාලයක් ගෙවපු ජීවිතය මතක් කර කර
යන්න හදන පණ තියාගන්න අමාරුවෙන් උත්සාහ කරනවා
වෙලාවකට හයියෙන් හයියෙන් හුස්ම ගන්නවා
තවත් වෙලාවකට රිදෙන පපුව ටිකක් අතගානව
අන්තිමේදි උත්සාහය ව්‍යර්ත වුනාම මටත් යන්න වුනා
මේ ඔක්කෝම දාලා
හැමෝම යන තැනට
දැන් මම ආයෙත් හොයනවා
ඉපදෙන්න තැනක්
කලින් වගේම වෙයි ඊට පස්සෙ
lassanoooooooooo
ReplyDeleteතැන්කූ සමියෝ......................
Deleteසරලයි, සුනදරයි, ගැඹුරුයි
ReplyDeleteස්තූතියි අටම් අයියේ....
Deleteමං මේ කල්පනා කළේ උඩ පොටෝ එකෙන් මේ වෙනකොට ශම්මියා ඉන්නේ කොතැනද කියලා..3ද 4ද
ReplyDeleteඒ දෙක මැද්දේ 3.5 හේ ......
Delete3ට වඩා පෝ.....ඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා,, හැබැයි 4ට ගොඩා..........ක් මෙහායින්.. :D
Delete4 නම් ටොප් ඈ :D
Deleteහැ?අපිට නම් තව හෙනට කල් තියනවා 4 වෙන්න.. :D
Deleteඅම්මෝ හිතල තියෙන දුර.....
ReplyDeleteහිතන්ට එපැයි අෆ්ෆා.... එතකොටනේ මතක් වෙන්නේ වයසට යන්න කලින් තව වැඩ තියනෝ කියලා කරන්න..
Deleteහප්පේ මෙන්න මේකා බොරුත් කියලා. තාම බඳින්න හිතලාවත් නෑ. මෙන්න මෙයා කියනවා බැඳලා ..ළමයිනුත් හදලා..වයසටත් ගිහින්ලු...හි හි හී..
ReplyDeleteමොනා උනත් මේ තමා ජීවිතය..ශම්මියා ඒක ලස්සනට පෙලගස්සලා තියෙනවා. අපූරුයි..
හිහිහි,, බඳින්නෙ කොහිද ඇ, තව වැඩ ගොඩාරියක් තියනෝනේ...
Deleteතැන්කූ අක්කෝ... :D
මේක කියවද්දී Shakespeare ගේ "Seven Ages of a man" කවිය මතක් උනා..මොනවා උනත් මේක තමයි ඉතිං වෙන්නේ නේද......හ්ම්ම්ම්ම්
ReplyDeleteයා යා,, අපි ඔය කොච්චර සෙල්ලම් දාන්නෙත් හුස්ම වැටෙනකම් විතරනේ :D
Deleteඇත්ත ශම්මි ඔයාගෙ කතාව සම්පූර්නයෙන් ඇත්ත,... ජීවිතේ හැටි ඔහොම තමා.. ඉපදෙනවා... මැරෙනවා... අනික ලස්සනට ලියල තියෙනව
ReplyDeleteස්තූතියි ඔයාට,, ඒකනේ... අන්තිමට බලන් ගියාම ඔච්චරයි වෙලා තියෙන්නේ..
Deleteජිවන චක්‍රය, ලස්සනට ලියලා තියෙනවා ශම්මි .
ReplyDeleteතැන්කූ අයියණ්ඩියා..!!
Deleteමං නං කැමතියි එච්චර දුර යන්නැතුව ජීවන චක්‍රය දැං ඉවර වෙනවනං....
ReplyDeleteමමත් අෆ්ෆා... නිකම් වියදම් නර නර ඉන්නවා විතරයි වගේතතත :P
Deleteසංසාරය මෙය නොවේද?
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඒකනේ අක්කෝ කියන්නේ.. :)
Deleteකැරකෙන රෝදේ...
ReplyDeleteහකස්,, ඔව් ඔව්...
Deleteජීවිතේ වෙනස් වන හැටි.. මට මතක් වුනේ සන්නාලියනේ ගීතය..
ReplyDeleteඒ සිංදුවක් ඒ වගේ තමයි... ම්ම් මමත් හරිම ආස සිංදුවක්..
Deleteපරිණාමවාදය වගේ :)
ReplyDeleteහැ, අලේ ඔව්නේ... ඒ වගේ තමයි.. :D
Deleteමොකෝ බොලව් හිනා වෙලා විතරක් O.o
ReplyDeleteමෙන්න වැඩක්! :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
:O ඇයි මුකෝ ඇ?
Deleteයතාර්ථය නේද?
ReplyDeleteඔව් නිශාන්, අන්තිමට ඔච්චරයි තමයි
Deleteපිරිමි අපිටත් ඕහොමයි නංගො..!
ReplyDeleteඕයා කොතැනද අර චක්කරේ..!
3ට වඩා පෝ.....ඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා,, හැබැයි 4ට ගොඩා..........ක් මෙහායින්.. :D
Deleteජීවිතේ මහ කුජීතයි නේහ් ????
ReplyDeleteහික්ස්,, ඔව් බොලව්,,
Deleteනිමක් නැති සහස් ගව් දුර
ReplyDeleteපියනගන්නේ ඇයිද මේ
ලෙස
සංසාර චක්‍රයෙන් මිදී
එකවිට
පැනයන්න සිතේ මොහොතකින්
මට
http://sith-nivalana.blogspot.com/2010/06/blog-post.html
හරිම ගැඹුරු කථාවක්
ස්තූතියි...!!
Deleteසංසාරේ බවේ දුකා.
ReplyDeleteඅන්තිමට ඉතින් දුක තමයි :D හික්ස්
Deleteඒකනේ,, දුක තමයි :)
Deleteඅළුත් පරිනාමවාදය මන්දා...
ReplyDeleteදිනේෂ් අයියාගේ කතාව හරි වගේ
Deleteජීවිතේ කෙළවරක් නැතුව
ReplyDeleteතැන් තැන්වල නවාතැන් ගන්න කොට
අපි හිතනව සුන්දරම දේ තමයි,
මේ මොහොත කියල..
දාර්ශනිකයන්ට ඒක පිස්සුවක්...
ජීවිතේ කියන ඊට වඩා ගැඹුරු දෙයක්ලු...
හැමෝම කියන්නේ එහෙමයි..
ඒත් මට නං හිතෙන්නෙ,
ජීවිතේ තියෙන්නෙ විදවන්න නොවෙයි විදගන්න..
ඉතින් ඒ හින්දමද මන්ද..
මේ රටාවට හැඩ ගැහෙන්න
අපේ ජීවිත පුරුදු වෙලා...
නිවන තව හුගාක් දුර හින්ද
මාත් මෙහෙම ඇවිදගෙන යාවි..
තැන් තැන්වල නතර වේවි...
මැරේවි...ආයෙ උපදීවි...
ඒත් ඒකට පිළිතුරක් නැහැ,
සංසාරෙ ඇවිදන් යන අතරෙම..
ජීවිතේ ලස්සනට දකින්ඩ පුරුදු වෙනවා මිසෙක!
(Y) හරි,
Deleteහැක හැක ශම්මිගේ පරිනාමවාදය..... :) පට්ටයි ආ...මට මතක් වුනේ අර අපි පොඩි කාලේ අත් එකට ගගහා කරේ මොකක්දෝ එකක් සචි දැන් පොඩි ළමයෙක්,සචි දැන් ලොකු ළමයෙක් ද මොකක්ද එකක්....ඒ වගේ..
ReplyDeleteඔව්නේ,, මටත් පොඩි ළමයි දකිද්දි මගේ චූටි කාලේ කරපු වැඩ මතක් වෙනවා... දැන් නම් ලොකුයි කියන්නත් බෑ පොඩි කියන්නත් බෑ, අම්මලා වෙලාවකට ඔයා දෙකම කියනවාකේ.. :D
Deleteශම්මි ලස්සනම ලස්සනයි..
ReplyDeleteඒ වගේම සාදිරිසටත් කියන්න ඕනේ
වෙබ් ඩිසයිනින්ග් එක නම් ටොප් ..
බ්ලොග් එකක් නෙවේ සයිට් එකක් මට්ටමටම
තියෙනවා සාදිරිසෝ එල..
පුළුවන් වෙලාවක අපේ එකත් හදල දීල පලයන්කෝ
ටිකක් තරහ නැතුව...
හිහිහි,, තැන්කූ සහන්........ තැන්කූ සෝ මච්... එයා බලයිනේ මේක, මමත් කියලා තියන්නම්... :D
Deleteඅවුලක් නෑ , මොන විදියේ එකක්ද ඕනේ කිහයන් මචන් මම ට්‍රයි එකක් දාල එවන්නම් :D
Deleteජීවිතේ ගතවෙන ඉක්මන. අර උඩ ෆොටෝ එකේ ආච්චි නම් තාම කෙල්ල.
ReplyDeleteඒකනේ නේ,, කාලය යනවා දැනෙන්නත් නෑ, අන්තිමේදී වෙච්චි දේකුත් නෑ,, හැ,, :P
Deleteපින්තුරෙට මම කැමති
ReplyDelete:)
Deleteමට සන්නාලියනේ ගීතය මතක්වුණා..
ReplyDeleteඅරුත් කවි පෙළක්..!
ඕක කියපු දෙවනි කෙනා ඔයා.. හිහිහි,,
Deleteතැන්කූ නන්ඳු
ජිවිතයේ යතාර්ථය.......
ReplyDeleteඒකනේ යාළු... :)
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ReplyDeleteහ්ම්ම්ම්ම් :)
Deleteමේක තමයි ජීවන චක්‍රය...අපි හැමෝටම පොදු...
ReplyDeleteඇත්ත අයියණ්ඩියා
Deleteපිස්සු හැදෙන සංසාර චක්කරේ...පහළොස් වරක් චක්කරේට වඩා කොච්චර සංකීර්ණද....!!!
ReplyDeleteඇපෝ ඒකට වඩා නම් මේක මෙව්වවයි අප්පා...
Deleteගිනියම් ඉර... සඳ සිසිලස... අතරේ හොයනවා හොයනවා අපි කවුරුද?
ReplyDeleteඉතින් හම්බුනාද O.o
Deleteගොනා පසුපස එන කරත්තෙ වගෙ ( වැරදිද මංදා )
ReplyDeleteනැ බොල, ඒක හරි :)
Deleteකියවල තියේද ශේක්ස්පියර්ගේ seven ages of man??
ReplyDeleteඅහලා තියේ, කියවලා නෑ.. O.o
Deletewadiya hithanna epaa dalaa. aaith upadinne naa kawuruth....
ReplyDeleteO.o ඔව්නේ ඇ
Delete