මගේ හොදම යාළුවෝ සහෝදරයෝ/සහෝදරියෝ වගේ ඉන්න අයට.. (මගේ බ්ලොග් එකේ එක ක්මෙන්ට් එකක් හරි දාපු හැම කෙනෙක් ගැනම මෙතන තියනවා) (මග ඇරිලා තියනවනම් තරා නැතුව කියන්න හොදේ)
හලේ.............ජය වේවා,, ඔන්න මට අනන් මනන් කියන අය බලන් ඉන්න ඇ..
මුලින්ම ලබන 27 වෙනිදා තියන සුහද හමුවට එන අය මම අල්ලගන්න තමයි ඉන්නෙ ඇ.. ^_^
හරි, දැන් පෝස්ට් එකට..
කොහේදෝ ඉදන් අකුරු කර කර, අනිත් අය අකුරු කරන ඒවා කියවලා අදහස් ප්‍රකාශ කරන අපි, ඒ හරහා බැදීම් ගොඩනගාගන්න අපි,හරි කැමතිනේ අපේ අපේ මූණු බලන්න, (මම නම් කැමති) මේක මගේ නම් හා හා පුරා කියලා පළවෙනි සුහද හමුව,මොකද මම තවම අවුරුද්දක්වත් නැ බ්ලොග් ලියන්න අරන්..
මේ බ්ලොග් එක ලියාගෙන යද්දි හමුවුනු අය තමයි දැන් කියන්න යන්නෙ, (හැමෝගෙම නම් නොකියවුනොත් සමාවෙන්න ඕනේ හැබැයි දෙවනි පෝස්ට් එකකින් හරි දානවා ඒ නම් ටිකත්)
මම කැමැත්තෙන්ම හිටපු දෙන්නෙක්ව නම් මම දැක්කා, එක්කෙනෙක් දැන් ළගම යාළුවෙක් සහෝදරියක් වගේ වුණු පණුච්චි අක්කා මම දවසක් හරි මූණූ පොතේ ඈත් වෙලා හිටියොත්, මගේ ළගම කෙනෙක්ටත් කලින් මගේ ගැන හොයලා බලන්නෙ පණු අක්කියා තමයි,නංගෝ මොකෝ වුනේ කියලා අහන්න තරම් හරි ආදරණීය චරිතයක් වුනා මට හම්බවෙච්ච, පණූ අක්කව හමුබවුණේ නම් හිරු අක්කියා කරපු Stereo Hearts වැඩසටහනෙන් දීපු අර ලස්සන මෙව්වා එක ගන්න ගිහිල්ලා, එදා තමයි හිරු අක්කවත් දැක්කේ, ආආ ඇයි අනිත් දෙන්නා, තරියා අයියණ්ඩියයි, තරු අයියණ්ඩියයි, මේ දෙන්නත් එදා හිටියනේ.. තරු අයියා නම් සේප් එකේ ඉන්නෝ මේ තරියා අයියා නම් වලියටම තමයි එන්නේ, O.o
මේ ඉන්නෙ වැදගත්ම කෙනා, නොහික්මුණු කියලා කීවට එහෙම නම් නෑ සුට්ටක්වත්,හැබැයි අහිංසකනම් නෑ කොහොමටවත්, මාසෙකට එකක් වගේ බ්ලොග් ලියන මේ නොහික්මුණු ඇස නම් පෞද්ගලිකව අඳුරන නිසා ඒ තරම් අවුලක් නෑ.. වැදගත්ම කෙනා කිව්වෙ ,මම පෞද්ගලිකව මම ආසම බ්ලොග් ලිස්ට් එකේ උඩම තියන බ්ලොග් එක නිසා..
මෙන්න භයානකම පුද්ගලයෝ දෙන්නා, කොච්චරවත් රංඩු තමයි,මේ දෙන්නම එකයි, මගේ මල්ලිට පස්සෙ මම ඒ විදියට හිතන කීප දෙනාගෙන් දෙන්නෙක්,හැබැයි, කොච්චරවත් මගේ හරහටමයි ඉන්නනෙ.. ඒ තමයි සුදු මහත්තයයි, බිම්සරයි , පැය විසිහතරේම මේ දෙන්නාව හෙළා දකිනවා.. කතාකරත් වලියක්
හලේ.........මෙයා තමයි කොච්චරවත් මගේ මූණු පොතේ පිංතූරවලට අනන් මනන් කියන්නෙ මිස්ට මී ගොඩයා. අයියණ්ඩියා , ලංකාවේ නැති නිසා හොදයි,නැතිනම් ගෙදරට රතිඥඥා වැලක් එවනවා ලියුම් මාමා අතේ.
මේ ඉන්නෙ තාක්ෂණික බ්ලොග් ලියන අයියණ්ඩිලා දෙන්නා, සංජය අයියයි, ළහිරු අයියයි, මේ දෙන්නා ඉන්නකම් හොදයි,නොදන්න කියන ඒවා දැනගන්න පුළුවන්නේ..ආආ .. මේ අක්කණ්ඩියා ගැන නොකිව්වොත් නම් වැඩක්ම නෑ, හැමදාම බ්ලොග් එකට එන යන ළීහිණි අක්කියා මම ලියන කියන හැමදේටම හොද නරක කියන අක්කියා.. මේත් ඒ වගේම එක්කෙනෙක්,ලෝකේ පුරා ගිහින් ලබා ගත්තු දැනුම අපිත් එක්ක බෙදා ගන්න ගමන්ම,එදිනෙදා විස්තර අපිට සුටුස් ගාලා දැන ගන්න පුළුවනුත් මේ බ්ලොග් එක නිසා තමයි,ඒ තමයි නලීන් අංකල්
ඉෂාන් අයියණ්ඩියා ප්‍රශ්ණ අහලා තෑගි නොදුන්නත් හැමෝම අසාවෙන් ඉන්නෙ සතියකට එක ප්‍රශ්ණයක් හරි අහනකම් , අනිත් කෙනා තමයි අපි කවුරුත් හොදටම දන්න ලජා, වැරදුනා, රජා , අඩවියේ රජා අයියණ්ඩියෙක් කියලා හිතාන හිටියට , මට වඩා මාස 10කට වගේ වැඩිමල් වුනු නිසා අයියා පට්ටම නම් දෙන්න යන්නෙ නෑ එයාට,.. :P අනිත් කෙනා තමයි පුංචි කාලෙදිම ඉස්කෝලේ ගිනි තියපු අපේ දිනෙල්ක අයියා,.. මඩයාගේ ලෝකෙ අයියණ්ඩියා ගැන නොකිව්වොත් වැඩක්ම නෑ, දවසක් ඇත්ත නමින් මට මාට්ටු වුනේ එයානේ ... :D
මේ සූටි එකා රොබෝ කෙනෙක් වගේලු,එයාමයි කියාගන්නෙ අනේ මන්දා,, යාන්ත්‍රිකයා කියලා එයාම තමයි නම දාගෙන තියෙන්නෙ, හුදෙකලාවේ ඉන්න මෙයා වෙඩික්කාරයෙක්ලු,
මම වගේ අයට නැ නැ වැරදුනා අපි වගේ අයට බෙහෙත් දෙන මේ අයියණ්ඩියා වැදගත් වගේම හුගාක් මහන්සි වෙලා වටිනා කියන ලිපි හුගාක්ම පල කරනවා ඒ තමයි ප්‍රදීප් අයියා , එක සැරේට ඇවිත් සෑහෙන වැදගත් පෝස්ටු පල කරනා මේ අයියණ්ඩියා ධම්මික ඡායාවේ අයිතිකරු.. සිතක සංකල්පනා අකුරු කරන්නේ මධුරංග අංකල් හෝ අයියා විය යුතියි(නිවැරදි කරන්න)..
හිටපු ගමන් මතුවෙලා දරුණු ගනයේ වලි යන්නෙ මට වඩා මාස දෙකකට බාල වුනු මේ මලයන්ඩියා තමයි ඒ තමයි මඩිස්ස ලියන නිශාන් , පෝස්ටු හැම එකක්ම කියවලා ක්මෙන්ටුවක් දාලම යන යාළුවා තමයි සමනළ ගීතේ අයිතිකාරි සමනළී ,
මේ උන්නැහෙ නම් අපි වගේ නෙවෙයි ඇ, සෑහෙන්න වැදගත් කෙනෙක්, වළව්වක එක්කෙනෙක්,, එයා කෝරළේ මාතියා , එදිනෙදා ජීවිතේ වෙන සාමාන්‍ය සරල හැමදේම බ්ලොග් එකේ ලියන්නෙ නිශ්ෂබ්ද සහන්(SilentSahan),, පුළුවන් හැමවෙලාවකම අපි එක්ක එකතු වෙලා අපි ලියන ඒවා කියවන ඒ අක්කණ්ඩියා මනසින් දිවියට බ්ලොග් එක ලියන ගයානි ... නාඩියාගේ නාඩි බ්ලොග් එක අකුරු කරන මේ අයියණ්ඩියා නාඩියා..
රෙප් මාතියා ගැන නොකියා බෑනේ... මේ ටිකේ බ්ලොග් එක ලියන්නෙ නැති වුනාට ඇවිත් බලලා අනිවාර්යයෙන්ම ක්මෙන්ටුවක් කොටලා යන කෙනා තමයි අළුත් මල්ලි ..
සමියාත් සුට්ටක් විතර වලියට බර එක්කෙනෙක් තමයි.. ;) උමා මල්ලියා දවසක් ක්මෙන්ට් එකකා දාලා තිබ්බා එයාගේ බ්ලොග් එකේ මගේ ක්මෙන්ට් එකකට ස්තූතියි අය්යේ කියලා, මම බැන්නදත් කොහිද එයාට නම්.. අටම්පහුර ගැන නොකියා ඉන්නෙ කොහොමද.. ගිහිල්ලම බලන්න..ඔක්කම ඉවර වෙලා මේක බලන්න ඒ අපේ සැමා අයියණ්ඩියා ලියන බ්ලොගේ..
තරා නෑනේ කස්ටිය, මඩ කිව්වට මඩ ගහන්න බෑ, අලුතෙන් ඇවිල්ලා ඒම කරන්න හැකිද ඇ, ඔයාලා නිසානේ ඉන්නෙ,(අනික සුහද හමුවෙදී අල්ලන් ගැහුවොත් ඒම)
ඒනම් එදාට හම්බවෙමු,, @තාත්තාට පුද පූජා කරමින්.. !!
හිකිස්... මං එලියට බැස්සොත් මෙයා ඇති පාරේ.. දැන් දවස් දෙකක් අහුඋනා.. :p
ReplyDeleteජය වේවා සම්මියෝ!!!
සිනා බෝ වේවා!!!
හැ,එක දවසයි ඇ.. අනිත් එක මට මතක නෑනේ... O.o අලේ ඔව්මයි නේ..මීටරේට වැටුනා.. D:
Deleteහිකිස්... අන්න එදා තමයි.. :p
Deleteහලේ.....මතක් වුනෝ....:D
Deleteබොලා දෙන්නගෙම වැඩේ පාරේ වෙන්න ඇති
Deleteමෙයාට නම් මුනා හරි කරන්න වෙනවා, ඊලග පෝස්ට් එකෙන් දෙන්නම් ඔව්වට..
Deleteමං කොහෙද වලියට බර ඈ....
ReplyDelete(උඩ බලං කල්පනා කරමිං)
උඩ බලන්න එපා යට බලන්න, අර මුකක්ද මූඩිය යට..
Delete
ReplyDeleteඅනේ වැඩිමනක් ඕනේ , නෑ , බැක් ලින්ක් එකට තැන්කු මොනවා උනත් :P
හා, මුකවත් දෙනවයි, ඒ වෙනුවෙන්,නිකම් මේ කිට්කැට් එකක් වගේ එකකව්ත්, තව පාරක් දාන්නම් ඒම වුනොත් ^_^
Deleteරෙප් මාතියා ගැන නොකියා බෑනේ... මේ ටිකේ බ්ලොග් එක ලියන්නෙ නැති වුනාට ඇවිත් බලලා අනිවාර්යයෙන්ම ක්මෙන්ටුවක් කොටලා යන කෙනා තමයි අළුත් මල්ලි ..
ReplyDeleteරෙපා ගේ 60 පැනල හෝම්බත් බිම ඇනිලා තියෙන්නේ..@රේප නොදකිවායැයි ප්‍රාර්ථනා කොරමින් . අහ්හ්.. ඉතින් හරිනේ.. අදාළ කෙනාට 70ත් පනලද කොහෙද..?
මම මිට වඩා දරුණු දෙයක් බලාපොරොත්තු උනා කියපු හැටියටනන් ... ශිවුස්...
අලේ රෙප් අන්කල් දකීවා කියා සිතමින්.. අනිත් කෙනාට අනන් මන්න කියන්න එපා ඇ, මට තද වෙනවා..හහ්,,
Deleteමීට වඩා දරුණු දෙයක් දෙන්න නම් මීට වඩා බොලා වගේ අය අධ්‍යනය කරන්න ඕනි..
ඔන්න ශම්මියෝ... මං දැං දවස් 5ක් තිස්සේ නිවුස්වලිං ඈත්වෙලා බලං ඉන්නවා පොඩි කෙටි කතා දෙකක් දාගෙන. මෙලෝ රහක් නෑ.දවසකට 1000ක් 1600ක් ආපු විසිටර්ලා ටික 200ට බැස්සා...මටමනේ වෙන්නේ......අඩු තරමිං ශම්මියවත ඒක බලලම නෑනේ...
ReplyDeleteඅනේ ඔව්නි, ඒකට වඩා අන්කල් ලියන ඒවා ලස්සනයි,කුතුහලයක් තියනවා, ඒ නිසා ඒවා නැති තරමට හොදයි, කියම්දෝ නොකියම්දෝ කියලා හිත හිත හිටියා ඒ ගැන මම, දැන් ඉතින් කිව්වා,,
Deleteශම්මියට වැරදිලා නිවුස් දාද්දි ඒවා බලන්න තමා කට්ට්ය වැඩියම එන්නේ... කෙටි කතා දෙකම ඈ යන්න ගියාය සහ සුදු හාමිනේත් ගැහැනියක් දෙක තාම 200ක් වත් කියවලා නෑ.ඉතිං ඕකයි ඇත්ත තත්ත්වය.
Delete:O සැහ්, මම නම් බලන්නෙ ඒවානේ.. හලේ... අනේ මන්දා..
Deleteමට දුක මුට අන්කල් කියල හත් වලාමේ .....
DeleteO.o මුකෑ බොල?
Deleteඅංකල් තමා බං මං වයසක පොරක්
DeleteO.o හික්ස්,
Deletenalin ayye e unaata hit gaana bassata
Deletehamogenma wage comment awe ewata neda ( bokkemma ) ?
e nisa hit gana nohitha nirmana karanna...
ඒක ඇත්ත...මමත් ඒ කතා දෙකට හරි ආසයි... කුතුහලේකින් කියෙව්වෙත්..
Deleteආ...එහෙනම් 27 සෙට් වෙමුකෝ ඈ! එල එල!
ReplyDeleteහිකිස් ජය වේවා..!!
Deleteහෑ............. අලුතින්...........o.O ගිය අවුරුද්දෙ පටන් ගත්තු කාලෙ ඉඳන් ලියපු ලිවිල්ලෙ හැටියට මං හිතුවෙ සෑහෙන පළපුරුදු දැරිවියක් කියල නෙව :p
ReplyDelete:O හෑ.... ඇ මල හත්වලාමේ මම ආධුනිකයි කියලා හිතෙන්නෙ නැතිද ඇ? .. O.o @කල්පනා කරමින්..
Deleteකෝම වුනත් සාදරයෙන් පිළිගන්නවා ඔයාව..
මීට වඩා දරුණුවට ලියන්න තිබ්බා........... මං නං කියන්නේ රජාට මීට වඩා ගේම දෙන්න ඔනේ ..... අනිකා තමයි මීගොඩයා ...... තරියටත් හොඳ වැඩී....
ReplyDelete( සීරියස් ලෙස නොසලකාවා .......... තිත් දෙකයි ඩී )
මීට වඩා දරුණුවට දෙන්න ඉන්නෙ කස්ටියටම, දැන්ම බෑ අයියේ ගෙට්ටුවෙන් පස්සෙ දෙනවා,දැන් ඔව්වා කියලා මට මෙයාලා අල්ලන් ගැහුවොත් එදාට.. :(
Deleteඅනේ මේ කා එක්කත් සුන්දර සිනහවෙන් බැඳිලා ඉන්න මටත් අපහස කරලා නේ....
ReplyDeleteමොනවා උනත් ආස හිතුනා මේ පොස්ට් එකට...
දෙන්නම් රිටන් එකක්
ආස හිතුනා ක්මෙන්ට් එකට, හැබැයි අර //දෙන්නම් රිටන් එකක්// කියපු කෑල්ල මම දැක්කෙ නෑ හොදේ, ඔයත් අමතක කරලා දාන්න ^_^
Deleteහප්පේ..අපිවත් මතක් වෙලා ශම්මියට..තැන්කූ තැන්කූ...
ReplyDeleteඔයාව මට මතක් නූනොත් තමයි අක්කෝ පුදුම .. :) හැමදාම එනෝ යනෝ නේ..
DeleteAah madaya man vath amathaka karala naa ne
ReplyDeleteMta eda poddak koil vela thibbe nathnam original eka oyata maattu venne naa :)
හික්ස්, ඒකත් ෂෝයි ඇ.. මෙයා පට්ස් ගාලා ක්මෙන්ට් එක ඩිලීට් කලානේ :P
Deleteකාලෙකින් ආවේ... මේන් එනකොටම පරම්පරාවම මතක් කරනවා... Members ලා 86 ක් ඉද්දි මතක් කරපු බ්ලොග් යාළුවෝ අතලොස්ස අතරේ මාත් ඉන්න එක ගැන ස්තූතිවන්ත වෙන්න ඕන ...
ReplyDeleteමේ දවස්වල කිඩ්නියද මොකක්ද එක තියෙන තැන රිදෙනවා හෝ ගාලා... තාම සුදු කොඩි නම් පෙනුනේ නෑ දෙයියනේ කියලා... මැරෙන්ටවත්ද දන්නෑ... බෙහෙත් ටිකක් ගන්ට ඕන අප්පා...
ජය වේවා කිව්වා එහෙනම්... ගිහිං එන්නම්...
ඒම තමයි,මුල අමතක කරන්න බෑනේ,නිතර එන යන අය ගැන තමයි දාලා තියෙන්නෙ,මගඇරුණු අය ගැන පස්සෙ ආයේ ලියනවා,නැතිනම් තරා වෙයිනේ..
Deleteඇ මෝඩයෝ,කොහේදෝ ඉදන් එක පාරට ඇවිල්ලා ඕනේ නැති කතා කියන්නෙ :/ බේත් ටිකක් ගන්නකෝ,තාමත් බල බල ඉන්නෙ නැතිව,
ඕන නැති කතා නෙවෙයි බං... ඇත්තටම මොකක්දෝ ලෙඩක් තියෙනවා... අද යනවා බෙහෙත් ටිකක් ගන්න... කියන්න බෑ නේ... හබක් වුනොත් එහෙම...
Deleteඒකනේ කීවේ, ගිහින් බේත් ටිකක් ගන්න කියලා, මොකෝ කීවේ කියලා ඇවිත් කියන්න අපිටත්, මුනාවත් වෙන්නෙ නෑ, මේ දවස්වල ඔය වැස්සට එන මුකක් හරි එකක් වෙන්න ඇති,
Deleteබෙහෙත් නම් ගත්තා... බලමු බීලා අඩු වෙයිද කියලා... පුළුවන් වෙලාවක එන්නම්කෝ ආයේ මේ පැත්තේ... ජය වේවා...
Deleteහලේ......අන්න ඒමනේ ඉන්න ඕනේ... බේත් බීලා හොද වෙන්නකෝ ඉක්මනට...
Deleteජය වේවා!
කව්දඩෝ මම වලියට බරයි කිව්ව එකී ආ? ඇල්වතුරත් නිවල බොන මම වලියට බරයි කියන්න. හහ්..(වලියට එන්ඩ නොදී අල්ලං ඉන්න එවුන්ගෙන් බේරෙන්නට දගලමින්) 27 වෙනිදට බලාගම්මු හරිය.. ලේසියෙන් අතාරින්නෑ
ReplyDeleteබොලා මගේ ඔෆීෂියල් මූණු පොතේ ඉන්නවා ඇ, මම දැකලා තියනවා ඒකේ වලි යන හැටි.. :D හැ, 27 වෙනිදාට මම මේ පෝස්ට් එකයි ක්මෙන්ට්ස් ටිකයි පොලීසියට පෙන්නලා දීලා එන්නේ, මට මුනා හරි වුනොත් ක්මෙන්ට් කරපු අය තමයි කියලා.. :P
Deleteහප්පච්චියේ, මාවත් මතක් කරලනේ. ටැන්කු ටැංකු. එහෙනම් 27 වෙනිදට හම්බ වෙමුකෝ. ජය...!
ReplyDeleteහිකිස්, හලී... 27 හම්බවෙමුකෝ ඇ, (එදාට කස්ටිය අල්ලන් ගහයිද දන්නැ කියා සිතමින්)
Deleteමේ දරුවට මාවත් මතක් වෙලා තියෙන්නේ.
ReplyDeleteඅපොයි අම්මේ, මට මාමා කියලා. වහා නිවැරදි කරන්ඩෝ :)
(එක්කෝ ඔහේ තිබිච්චදෙන්)
ඒක නෙමේ බොලා එනවැයි 27 වෙනිදට ?
හිකිස්, ... හාකෝ... හා අයියේ,, යා යා මම එනෝ,, ඔහෙත් එනවයි?
Deleteඉහි ඉහි. ඈආආආආආආආආආආආආඅ........ ඉහි ඉහි ඉහි ඉහ් ඉ ඊඊඊඊඊඊඊඊඊ.. :'(
ReplyDeleteඉවලයි, මෙයාව අමතක වෙලා මට.. :( සොලී..... මම ඊළග පෝස්ට් එකේදී දානවා ඔයාගේ නම..
Deleteමවත් මතක් වෙලානේ :) ගොඩක් දවසකට පස්සේ මේ පැත්තේ ආවේ ශම්මි මේ දවස්වල පොඩ්ඩක් වැඩ රාජකාරී වැඩිනේ..........
ReplyDeleteතැන්ක්ස් ශම්මි
හිහි, ඒම අමතක වෙනවද අනේ..දේවකාරියටත් කලින් රාජකාරිය කරන්න ඕනෙලුනේ..ඒක කරගන්න අයියණ්ඩියා, අපි දන්නෝනේ වෙලාවක් ලැබුනු ගමන් එනවා කියලා..
Deleteජය වේවා..!!
"ඉෂාන් අයියණ්ඩියා ප්‍රශ්ණ අහලා තෑගි නොදුන්නත්" අඩේ බං. මං එහෙම දෙයක් කියලා නෑනේ. හෑ..
ReplyDeleteදැන්ම ඉදන් ලෑස්තිය වගේ නේ 27 ගේට්ටුවට? එළ එළ. හැබැයි මං නම් ෂුවර් නෑ තාමත්. බලමුකෝ නේ? තව දවස් තියෙනේ
ඇ, ඇයි තෑගි නොමැති ප්‍රශ්ණ?? ඒක ගැනනේ කිව්වෙ,, ඒ මුකෝ ඇ,,කෝම හරි එන්න බලන්නකෝ ඒනම්.. :)
Delete:O ඒ මං හෙන අහිංසකයිනෙ.. මෙතන ඉන්න උන් ඔක්කොම සාක්කි දෙයි...
ReplyDelete:O එහෙනම් ඔක්කෝටම කලින් මෙතන ඉන්න අය ගැන හොයලා බලන්න වෙනවා එහෙම වුනොත්.. :P
Deleteඅඩේ....මාත් ඉන්නවනේ.... තැන්කු තැන්කු නංගියෝ.... :D
ReplyDeleteනැතුව නැතුව.. :D ජයවේවා අක්කෝ..
Deleteමාවත් මතක් වෙලා තියෙන්නේ :)
ReplyDeleteඅඩේ අපි දරුණුවට වැලි ගියාද? මට මතක නෑනේ?ඒවා ජෝක් නේ බොල හෆෝයි ඇඩෙනවා ඈ.
;) ඉතින් අපිත් ජොලියට තමයි කිව්වෙ බොල ... :D අඩනෝකෝ ඉතින් මට මුකද...
Deleteහපොයි තව ඩින්ගෙන් මේක මග ඇරෙනවනේ අනේ..
ReplyDeleteමන් ආවේ අයිලෂ් අයියගේ බ්ලොග් රෝලෙන් ..
අපිවත් මතක් වෙලානේ ..අනී හලි සතුටුයි...
ඇත්තටම හරි සතුටක් දැනුණා ශම්මියෝ ..
අපිත් කොහේ කොහේ හරි කාගේ හරි හිත් වල ඉන්නවා
නේද කියල..
මට සහන් කියන්නකෝ..මගේ ඇත්ත නම ( Shermie ) නම් නෙවේ
ඒ උනාට මේ නම හොඳයි වගේ නේ ?
ah me thiyenne subscribe boththama dala...
මුලින්ම ඔය සබ්ක්‍රයිබ්ස් කතන්දරේ නම් මගෙ ඔලුවට වැටුනෙ නෑ අප්පා, පස්සෙ සාදිරිසාට කිව්වම තමයි හදලා තියෙන්නෙ මම දන්නෙත් නෑ..ඒ නිසා ස්තූතියි කරන්න මම එයාට.. :D
Deleteඅලේ....එහෙම අමතක වොනෝද ඇ.. ඔයාගෙ ඇත්ත නමත් ලස්සනයි යාළු....ෂර්මී?? නෙහ්?.. :)
ජය..!!
අප්පට සිරි මම ගැනත් ලියලා තියෙන්නේ... මට මේ පෝස්ට් එක මිස් වෙලා අහම්බෙන් තමයි මේකත් බැලුවේ ...තැන්කු තැන්කු
ReplyDeleteමම ඒත් බැලුවා මොකෝ නැත්තේ කියලා... හිහි.... හලී......!! (Y)
Deleteසමාවෙන්න ඕනා මෙහෙම අහනවට.මම ඔයාට වඩා වැඩිමල්ද?
ReplyDeleteමම 92
Deleteඅක්කා කෙනෙක්නේ.මම 93
Deleteඅඩේ......මේකත් නිකන් නිශාන් වගේ.. :D හලී.....
Deleteඈ.....මට මේක මිස් වෙලානේ ඈ....
ReplyDeleteඅපි ඉතින් ඔය වලියට බර නෑනේ...වලිය තමා අපිට බර... ;)
හික්ස්,,අන්න ඒකනේ.... වලි ඔයාලා හොයන් එනවා ඇ එහෙනම්.. :P
Delete