අවුරුදු 13ක් තිස්සෙ එකට හිටපු අපි කොයි
තරම් දුරට ඇදිලා ගිහිල්ලද? කොයි තරම් මරා ගත්තත්,රංඩු වුනත්,තරහා වෙලා බැන
ගත්තත්.පංතියක් විදියට එකට ඉන්න ඕන වුනාම අපි හැමෝම හිටියා අපි අපි වෙනුවෙන්.ඒත්
අද??
අද අපිට අපි තියා මට මමවත් නැති වෙන වෙලාවල් එනවා..ඉස්සර කොයි දේ වුනත් අපි
හැමෝම අපේ ඕනෑ එපාකම් හොයලා බැලුවා, අනිත් අය කෑවද බිව්වද? කාලා නැත්තම් ඒ බත්
එකෙනුත් බත් කටක් හම්බවෙයිද? හෙට එනවද? පාඩම් කරදා? 1000ක් ප්රශ්න.. අපි හොයලා
බලනවා.. ඒත් අද මොනවට හරි කතා කරාම.. ක්ලාස්,එක්ස්ඈම්, එදා ඕන වලියකට,කුණුගොඩකට
එකට හිටිය අපි අද මගුලකට මරණෙකට එකතු වෙන්නෙත් එක එක වෙලාවට..
මට අමතක නෑ
කාවවත්,නම් වශයෙන් කියන්න ගිහිල්ලා වැඩේ අනාගන්නවට වඩා එකින් එක දිගාරින එක
හොදයි..මට නම් හාල් මැස්සෝ,පොළොස්,පොල් සම්බෝල එක්ක බත් තියනවනම් වෙන මුකුත් ඕන
නෑ..මට මතකයි මම එනකම් බත් නොකා බලන් ඉන්න හැටි..මොකද බත් එක ලෙහුව ගමන් වාෂ්ප
වුනාම මම ආසම ඒවා මට කන්න වෙන්නෙ නෑ,මම ස්කෝලෙ ආපු නැති දවසටත් පෙරේත තට්ටුව වගේ
මටත් කටක් අයින් කරලා කනහැටිත් මට මතකයි.. කොයි තරම් වගකීම්,තනතුරු
පැවරුනත්,අවුරුදු 13ක් ස්කෝලේ ඇවිල්ලා ඒලෙවල් ක්ලාස් එකට ආවත් විභාගෙ ඉවරවුනු ගමන්
පිට්ටනියට බැහැලා සෙල්ලම් කරන්න අපි අමතක කරේ නෑ..ඉස්සර ස්කෝලෙ ඩීඑච්පී වෙලා
ඉන්නකොට ප්රමරි එකේ නංගිලාගේ ඉන්ටර්වල් වෙලාවට එයාලව ඇතුලට දාන්න කියලා ඩියුටි යන
ගමන් එයාලත් එක්ක බට්ටො පනින්නත් මම අමතක කරේ නෑ..ඒ ඒ අයත් එක්ක ඒ ඒ විදියට හිටපු
හින්දා හැමෝගෙම ආදරේ ලැබුනා කියලා දැනුනා..
ලෙඩක් දුකක් උණක් අසනීපයක් හැදිලා දවස් 2කකට වඩා ස්කෝලෙ නොගිහින් හිටියොත්
3වෙනි දවසෙම ස්කෝලේ ඇරිච්ච ගමන් අපේ ගෙදර දුවන් ඇවිල්ලා මගේ ඇද වටේට වට වෙලා ශම්මියා(වෙනුවට
මගේ ඇත්ත නම) මොකද වුනේ කියලා කියලා අහන්න තරම් ආදරණීය යාළුවො ටිකක් හිටියා..ඒවත්
අමතක නෑ..හැබැයි එයාලම මගෙ දඟවැඩ
ඉවසගන්න බැරුව එක සැරයක් මාව පංතිය මැද බිම දාගෙන කිචි කවපු හැටිත් අමතක නෑ.. තව
මතක් වෙන ඒවා ලියන්න ගියොත් නම් හෙට වෙනකම්ම හිනා වෙන්නයි අඩන්නයි පුඵුවන්..
අර බොරලු පිට්ටනියෙ ඩ්රිල් කරන්න ගිහිල්ලා අත
පය හතර කඩාගෙන හිටපු හැටිත් හොදට මතයි, පීටී කරද්දි උණ වැඩි වෙලා ග්රවුන්ඩ් එක
මැද ඇදන් වැටුන හැටිත් මතකයි, චෙස් ටූර්නමන්ට් ගිහිල්ලා රෑ වෙනකම්ම සමහර වෙලාවට
පැය 4,5 එක දිගට එකම ගේම් එකක් ප්ලේ කරපු හැටිත් මතකයි.. හ්ම්ම්...
කාන්තා පාසලක් වෙච්චි නිසාමද මන්දා දඟයෝ ගොඩක් හිටියා,සික්යුරිටි අන්කලුයි,සර්ලා දෙන්නයි,පියන් අන්කලුයි ඇරෙන්න වෙන කිසිම පිරිමි පරාණයක් ඉස්කෝලෙ ඇතුලෙ නැති නිසා ඕනවටත් වඩා නිදහසේ ඉන්න පුළුවන් තැනක් වුනා ඉස්කෝල,කොයි තරම් දඟ වැඩ කරත් අවිවාදයකින් තොරව ඉස්කෝලෙ හිටපු හොදම ළමයි ටික කියලා හැම ටීචර් කෙනෙක්ගෙම කටින් හැම වෙලේම අහන්න ලැබුනෙ හැම අතින්ම සමබර වුනු, එකමුතු කමින් පිරුණු සෙක්ෂන් එකක් එකක් නිසාමද කොහෙද,
ඊයෙ ඇති වෙච්ච කතාබහක් නිසා පරණ මතකයන් ගොඩක් අළුත් වුනා,ඉස්කෝලෙ ඇතුළෙදි මම ගැන කිව්වොත් නම් ටිකක් පෙරළිකාර චරිතයක් කියලා හදුන්වන නමුත්,හොද,චුට්ටක් විතර වස,කියන්න ඕන දේ කියලම දාන,වැඩක් දුන්නොත් නොකා නොබී හරි වැඩේ ඉවර කරන,වෙලාවක් කලාවක් නැතුව ඉස්කෝටෙ ඉස්සල්ලම යන,අන්තිමටම ඉස්කෝලෙන් එළියට එන,හැමෝම ආදරේ වගේම,තරහ ගිහින් ඉන්න වෙලාවට හැමෝම බව,ඇස දෙකෙන් විතරක් බලලා මුළු ඉස්කෝලෙම ඉන්න කරදරකාර ගෑල්ලමයි ටික බය කරගන්න පුළුවන්,භාහිර ක්රියාකරකම් වලට ටිකක් වැඩිපුර මුල්තැනක් දුන්න,ඉස්කෝලෙ හිටපු දඟ මලුවල මුල්ම අයගෙන් තවත් එක්කෙනෙක්
මෙන්න අපේ කස්ටිය මගෙ පොතක ලියපුවා(පරණ පොතක් ඇදලා ගත්තා)
ශම්මි( පහත සදහන් හැම අවස්තාවෙදිම ඒ වෙනුවට මගෙ ඇත්ත නම)
ශම්මි ඔයාගෙ කට ටිකක් සැරයි හැබැයි හොදයි
ශම්මියා,තෝ මහ වදයක් අපේ පෑන් වල බට මාරු කරන එක තමයි මට පෙන්නන්න බැරි,දවසක් මම නිදිමරගාතෙ මුලු පොතේම රතු පාටින් ලියලා,පස්සෙ කාලෙක අහුවෙයන් මරන් කනවා.
ඒත් දැන් ඒ
හැමදේම මතකයකට විතරක් සීමා වෙලා කියලා මතක් වෙනකොට නම් හිතට එන ඒවා ප්රසිද්දියේ
කියන්න බෑ කියලත් හොදටම මතකයි.. තරහයි , දුකයි හැමදේම, ආයෙත් අර ස්කූල් යුනිෆෝර්ම්
එක ඇදලා,අලුත් අවුරුද්දට අලුත් සපත්තු දෙකක් අරන්,මගේ රෝස පාට ස්කූල් බෑග් එකත්
පිටේ දාගෙන ස්කෝලේ යන්න තියනවනම්...
කාන්තා පාසලක් නිසා පින්තූර දාන්න නම් බෑ.. ^_^
රස බර පාසැල් මතක ....
ReplyDelete:D ඔව්නි...ඒ කාලේ වගේ නෑ වෙන කොයි කාලෙවත්..
Delete
ReplyDeleteඅර උඩම තියෙන පින්ත්රේ නම් හරියටම ගැලපෙනවා :P
බොලා ඇදයක්මයි හොයන්නෙ..අහුවෙද්දෙන්කෝ..
Deleteපරණ මතක. ඒ කාලෙට ආයෙම යන්න පුලුවන් නම් මම දෙපාරක් හිත හිතා ඉන්නේ නෑ. ඒ කාලේ කොච්චර නම් නිදහස් ද. මේ වගේ වගකීම් ගොඩක් ඔළුවට අරගෙන ඉන්න ඕනැන්නේ නෑ. රස්සාවල් වලට යන්න ඕනැන්නෙත් නෑ. :)
ReplyDeleteඒකනේ..අපිට නම් තාමත් එහෙම නෑ හැබැයි.. තවම ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුද්දයිනෙ.. මටත් ආයේ එ කාලෙට යන්න තිබ්බා නම් ආයේ මුකුත් ඔන්නෑ..
Deleteඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුද්දයි ???? අම්මෝ චූටි ළමයෙක් නෙ
Deleteයැස් යැස්...ගිය 2011 ඒලෙවල් කොරේ.. දැන්නම් 1 1/2ට කිට්ටුයි..
Deleteඒක ගොඩක් ඇත්ත .පාසල් කාලෙදිම මන් මගේම ලෝකයක්
ReplyDeleteතනියම හොයන ගියා.ඒ නිසා අර වෙන් වීමේ දුක්බර කතාව නම්
මන් වින්දේ නැහැ.හැබැයි එදා ඒ දේ තේරුම් නොගන්න අද මාත්
අතරමන් වෙලා ..
ගොඩක් හොඳ පොස්ට් එකක් ශම්මි..අතීතයට ගියා...
ම්ම්ම්... ඒත් ඒ දෙයිනුත් අද ඔයා දෙයක් ඉගෙන ගෙනනෙ, ඒ අතීතෙ තමයි සුන්දරම..අම්මෝ..වෙන්වීමේ දුක නම් කතාකරාමත් කදුළු එනවා.. එදා නම් ටීචර්ලත් ඇඩුවා,අපේ අන්තිම දවසේ.. :(
Deleteකතාව ඇත්ත ශම්මියො. ඕ ජී එකට එන්නෙත් කීයෙන් කීයද.. වෙඩිමකදී මිසක් කවුරුවත් නිකමටවත් හම්බ වෙන්නෙ නෑ. දකුණු අත වගේ උන්න එකාත් රට..
ReplyDeleteකාලය හැමෝවම ලං කරනවා වගේම ඈත් කරනවා...
ඒකනේ අක්කියෝ...ඕ ජී එකටනම් ගෙන්නන්නම බෑ,අමාරුවෙන් ගෙන්නගත්තම සෙල්ලම් කරන්න ඕනෙ කියනවා.. :D අපි නම් තාම වෙඩින්ග් ගන්න වයසක් නැති නිසා අපට එහෙමත් නෑ,මළ ගෙයක් වුනොත් තමයි,මගේ හොදම යාළුවා වෙන්වුනේ ඕලෙවල් වලින් වෙන ඉස්කෝලෙකට ගිහින්,දැන් අවුරුද්දකට දෙසැරයක් වගේ තමයි හම්බවෙන්නෙත්.. :(
Deleteඅයියෝ....ආයේ ඉස්කෝලේ යන්න හිතෙනවා අෆ්ෆා!!!!!!!!
ReplyDelete:( ඒකනේ නෙහ්... බැරිද දන්නෑ 15 වසරක් විතර ඉක්කෝලෙ යන්න දෙන්න..
Deleteදවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ReplyDeleteලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!
:D :D :D :D සාදරයෙන් පිළිගන්නවා ඔබව... ස්තූතියි... මට මේක හරිම වටින ප්රාර්තනාවක් වෙයි.. නව වසරට සුබ පතනවා..
Deleteජය!!
ආ___පෝ මෙයා ගිහින් තියෙන්නේ ගෑණු ඉස්කෝලෙකට
ReplyDeleteඈක්කා!!!!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
O.o හෑ.....ඒ මොකෝ රජා...මම ගෑල්ලමෙක් වෙලා පිරිමි ඉක්කෝලෙකට යන්නයැ..
Deleteඋබවත් ගෑනු එකකට දාන්න ගිහින් අන්තිමටනේ අපේ එකට දැම්මේ රජෝ
Deleteහලේ..ඊකේයියා රජා... මුනාද මේ කියන්නෙ..සැහ්...
Deleteඅඩවි රැජිනිය තමයි ඒ පාසලේ හිටපු එකම ගෑල්ලමයා...
Deleteනේ රැජිනියනි?
හැ...?? මේ රජා ක්මෙන්ට් කරේ නැ තවම?.. ඉකේයියා රජා.. :/
Deleteපාසල් මතකය තරම් සුන්දර මතකයක් තවත් අපට නෑ කෙල්ලේ..අනේ ඇත්තටම ඔයාගේ නම මොකක්ද?ඇයි අන්වර්ථ නම් වලින් ලියන්නේ...
ReplyDeleteඒක ඇත්ත අන්කල්...ඒ තරම් සුන්දර නෑ වෙන කොයිදේවත්...හැමදේම පාසල් මතයකට යට වෙනවා.. ම්ම්ම්...අන්වර්ථ නාමයක් කියන්නමත් බෑ.. මට පොඩි කාලේ මගේ තාත්තාගෙ පැත්තෙ නෑදෑයෝ හැමෝම කතා කරලා තියෙන්නෙ මේ නමින්..මගේ ඇත්ත නම ටිකක් මට ගැලපෙනවත් මදි වගේ.. ;) පස්සෙ කාලෙක සාදිරිසත් මේ නමින් කතා කරපු නිසා මේ නමම පාවිච්චි කොරනවා..
Delete:) පාසල් මතකයන් ලස්සනයි. කෙල්ලො නම් පිස්සු කෙලිනව කියල දන්නව. :D අපේ යාලුවො සෙට් එකෙත් හිටියනෙ එහෙම පිස්සු කෙලින කෙල්ලො. :)
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා යාළු ඔයාව.... හිකිස්....ඔව්නි.. පිස්සුදත් අහනවා... එකම දේ කවදාවත්ම ටීචර්ලගෙ කම්ප්ලේන් නෑ..
Deleteඅපිනං කොලේ යනකාලේ මෙහෙමයි කියන්න නරක වැඩක් දඟ වැඩක් කල්ල නෑ .. ඔයා පල්ලා
ReplyDeleteඅපේ සෙට් එකනම් තාම ඉන්නවා දෙය්යනේ කියල එකා වගේ අපි දෙන්නෙක් රට එත් සතියකට සැරයක්වත් ස්කයිප් සෙට් වෙලා ගෘප් චැටක් දානවා
හයියූ...මාව ගාවගන්නෙ ඇයි..මේං බලන්න ඔන්න මට මුනා හරි වුනොත් මී ගොඩයා අයියණ්ඩියා තමයි ඇ.. අපිත් චැට් කොලනවා..ඒත් වැඩකට එන්න කිව්වම ගෙන්නගන්න තියන අමාරුව තමයි වැඩේ.. ගෑල්ලමයිනෙ.කෝමත් හිතෙන හිතෙන විදියට එලියට යන්නත් බෑනෙ..
Deleteපාසල් කාලය තරම් සුන්දර කාලයක් නම් ආයෙමත් ජීවිතේට එන එකක් නැහැ. ඒ සුන්දර මතක හැමදාම හිත වල තියේවි.
ReplyDeleteපාසලේ හැමෝම හම්බ වුනේ නැති වුනාට පාසලේ හිටපු මගේ හොදම යාළුවෝ 5 දෙනා නම් අදටත් එකටමයි. ඒ ගැන නම් හරිම සතුටුයි..... :)
ඔව්... මගෙත් යාළුවෝ හැමෝම අදටත් එකට ඉන්නවා..හොයලා බලනවා කතා කරනවා,ඒත් හම්බවෙන්න වෙලාවක් තමයි නැත්තෙ..
Deleteහිහි..මට එක් කට්ටියක් කියලා හිටියෙ නෑ..කෝමත් හොදම යාළුවො දෙන්නයි හිටියෙ...ඒ විදියටම අනිත් හැමෝවමත් ආශ්රෙරේ කරා..
:( :( :( :(
ReplyDeleteමං ඉක්කොලේට දුවලා එන්නං
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
:( :( ඇයි අප්සට්ද?? මට නම් අප්සට් ඈ... දුකයිනෙ..
Deleteඅඩෝ ශම්මි නංගි මොකද්ද බං මේ කරලා තියෙන්නෙ?
ReplyDeleteඔයා ඔයාගේ ඉස්කෝලේ කාලේ ගැන කියද්දී අපිට අපේ ඉස්කෝලේ කාලේ මතක් වෙනවා මතක් වෙද්දී සතුටුයි තමා ඒත් ඒ කාලෙට ආයේ යන්න බෑ කියලා දැනෙද්දී මාර දුකයි අප්පා.
අඩේ....ඒක මිසක් මම බැලුවා මොකෝ මේ රා බීපු නාලාගිරි ඇතා වගේ මඩයා අයියා කෑගහන්නෙ කියලා... දුවන්න හැදුවෙ තව සුට්ටක් බලලා..හ්ම්ම්ම්...ඔය ප්රශ්නෙම මටත් තියනවා,මමත් වීරයා වගේ ලිව්වට දුකය් මතක්වනකොට :(
Deleteමෙව්වා කියෝනකොට මාවත් සෑහෙන අතීතයකට ඇදිලා ගියා...
ReplyDeleteහපෝ.........සෑහෙන??? :O එච්චරට නාකියිද මෙයා?? ..
Deleteපසලේ ආතල් එක.මරු ඈ.
ReplyDeleteහික්ස්...ඔව් ඔව්... ඒ කාලේ ෂෝයි....
Deleteඇඩෙන ඒවා මතක් කරන්න එපා අනේ...
ReplyDeleteමතක් වුනාම නොලියා ඉන්න බැරි වුනා අනේ.... සොලී...
Deleteඅයියෝ ඔය මතකය ගැන කතා කරන්න ගියොත් අඬන්න තමා වෙන්නේ අප්පා.......එපා වෙනවා..
ReplyDeleteහේනන්,,ආයෙත් අහලා... අඩ අඩ හිනා වෙන්නත් පුළුවන්...!! ...
Deleteසොරි ශම්මි හුග කාලෙකින් ආවෙ. මට දැං තහනං කොම්පීතරෙ. පුලුවන් හැටියට ඇවිත් යන්න එන්නම්.
ReplyDeleteමේ ඔයාගෙ බ්ලොග් එකට පෝන් එකෙන් ආවම අකුරු පොල් ගෙඩි වගේ පේන්නෙ. ඇවිත් බලන්ඩ පෝන් එකකින් :D
ඒ මම ඒත් බැලුවා මෙයා නැත්තෙ මොකෝ කියලා,ඒ තහනම් ඇයි?. :O මගේ ෆෝන් එකේ සිංහල පේන්නෑ අලේ.. ඒ නිසා ආවට වැඩක් නෑ..මම බලන්නම්කෝ..වෙන එකකින් හරි.. පුළුවන් වෙලාවට ඇවිත් යන්න එන්ඩෝ....!!
ReplyDeleteශම්මි, මට අපෙ ගෙට්ටුවෙ පොටෝ එකක් අර විදියට ලිංකුවත් එක්ක දාන හැටි කියල දෙංකෝ.. ප්ලීශ්
ReplyDeleteLayout --> Add a Gadget --> Image
Deleteඕකේ Choose File කියන එක ක්ලික් කරලා ඉමේජ් එක දාන්න,(මුලින්ම ඔයා ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරන් ඉන්න හොදේ)
පස්සෙ,එතන ලින්ක් කියන තැනට ඔයාට ඕනේ ලින්ක් එක දාන්න(ගෙට් එක ගැන තියන)
මාතෘකාවක් එහෙම ඕනේ නම්, Title කියන තැනට දාන්න.. දාලා සේව් කරාම හරි..
thankx alt shammi :)
Delete:) (Y)
Deletebalan yaddi hamotama antimata paselen pita unata passe oya tika tamai..
ReplyDeleteCl,sms,chat haraha yam tharamakata hari yaluwo kihipa denek ekka sambandatha tiya gnda puluwn unt,samahara kohe,monawa krnawada kynnawat danne na..
Kattiyama set wenda tripak organize kalat,antimata ithuru wenna nitharama set wena un tika..
Anit unta mkak hari wadak watenawane..
Aith iskole yanna tiyanawanam... Duke ba..
E kale sundara matakayan hitata eddi dn me gewana jiwithe wadk tiyanawada kylat htenawa..
Pasal jiwithe gdk matakayan oyage postuwth ekka awissila.. Hithata punchi dukakut genawa..
Jayama wewa !!!
මම කියන්න හදලා නොකියා හිටපු ගොඩක් දේවල් ඔයා කියලා තියනවා..ඇත්තම ඇත්ත,ඔය විදියටම තමයි අපටත්.... අදමයි නේද ආවේ... සාදරයෙන් පිළිගන්නවා ඔයාව...
Deleteජය!!
ස්කොලේ නිසා ලැබුණු දේවල් ගොඩයි,,,, නැති උණු දේවල් ගොඩයි... වැටුණු කාර්ඩ් ඊට වඩා ගොඩයි... කුඩු උණු කාර්ඩ් ගැන නං කියල නිම කරන්න බැහැ
ReplyDeleteහකස්... මාර උත්තර ටිකක් තමයි මෙයා දුන්නේ... ඇත්ත කතාව ඇ... අන්තිමට කිව්ව එක ඇරෙන්න අනිත්වා සේරම ඇත්ත.... :D
Delete