හැමෝම ලෝක විනාසෙ ගැන කතා කරන නිසා මමත් කතා කරන්න හිතුවා.. :D දැන් ඕක වෙනවද? නැද්ද? අනේ මට මුකෝ වුනත් නැතත්.
මම නම් දැන්මම මගේ ලට්ට ලොට්ට ටික ලෑස්ති කොරන් ඉන්නෙ..
ලැයිස්තුව
- ලැප් ටොප් එක(ඒකේ කෑලි බෑලි ටිකයි)
- ඩොන්ගල් එක
- ඉමර්ජන්සි ලෑම්ප් එක
- ටෙඩියා
- කොට්ටෙ
- බෙඩ් ශීට් එක
- කුඩයක්
- බිස්කට් පැකට් ටිකක්
- චොකලට් ටිකක්
- මොබයිල් එක(සිග්නල් තියෙයිද දන්නෑ)
- ටූත් බ්‍රශ් එක
- මගේ ආසම පොටෝ තියන ඇල්බම් එක
- සෙටිෆිකේට් ෆයිල් එක
- කියවන්න පොත් දෙක,තුනක්
- ඇදුම් ටිකක්,වැඩිපුර සපත්තු දෙකක්
- සබන් කෑල්ලක්
- වතුර බෝතලයක්
- ප්‍රථමාධාර
ඔන්න මගේ ලිස්ට් එක, කියන්න බෑනේ ඔයාලා කර කියා ගන්න දෙයක් නැතුව ඉද්දි මම උදව් කරන්න එයිද කියලා,සමහර විට ඔක්කම නැතිවෙලා මම විතරක් ඉතුරු වෙන්නත් පුළුවන්නෙ අන්තිම කන්නවත් නැතුව ඉන්න වෙන්නෙ..ලෝක විනාස වුනයි කියලා නිකන් ඉන්නද?දෙයියනේ කියලා ලැප් එකට ඇන ඇන,බ්ලොග් එක ලියාගෙන ඉන්නවා.. ඒ නිසා ලෑස්ති පිට ඉන්න ඕන..ඔන්න මගේ අදහස නම් ලෝක විනාසෙ කියලා දෙයක් වෙනවනම් ඒකෙන් වෙන්නෙ පව් ටික සේරම සේදෙන එක,පව් කරපු කස්ටිය ඉන්නෙ,එයාලට කල පව් පඩිසන් දෙනඑක.. මම හිතන්නෙ නම් එහෙමයි, අනිත් අය මුනා කිව්වත් මට මුකද අප්පා,මට ඕන එක තමයි මම හිතාගන්නෙ,
ආආආ හරි, ලෝක විනාසෙ වුනයි කියමුකෝ එහෙනම් මෙන්න
අසාගන්න සකල බ්ලොග් වාසී ජනතාවනි..(හොදට කන් ඇරලා අහගන්න)
2012-06-26 දින තමයි බ්ලොග් එක පටන් ගත්තෙ,බ්ලොග් එක හදා දීලා ඒකට කියවගන්නවත් බැරි නම දාලා දුන්නෙ බ්ලොග් ලෝකේම එක්කෙනෙක් තමයි,ඒත් නම කියන්න බෑ එයා මගේ බලධාරියා වෙච්චි නිසා (මම එපැයි බැනුම් අහන්න පස්සෙ) ඉතින් අද වෙනකොට මාස 5යි දවස් 19ක් වෙනවා බ්ලොග් එකට,පෝස්ට් තියනවා මේකත් එක්ක 64යි, ෆලෝවර්ස්ලා 71යි, පේජ් වීවර්ස්ලා 7000යි,
අද වෙනකම් මගෙ පෝස්ට් කියවලා,ක්මෙන්ට් කරලා,පේජ් එකට ලයික් එකක් දාලා මගේ එක්ක හිටපු(විනාසෙ වුනේ නැත්තම් දිගටම ඉන්න හොදේ) ඔයාලා හැමෝටම මගේ හෘදයාංගම ස්තූතිය.(හරි හරි දැන් අත්පුඩි ගහන එක නවත්තන්න)
ආආ... මම හරි ආසාවෙන් ඉන්නෙ බ්ලොග් සුහද හමුවට ඇවිල්ලා කස්ටියගේ මූණූ ටික බලාගන්න(හැබැයි බලධාරියා එනවනම් විතරයි එන්නෙ) ඒක නිසා මම දැන්ම ඉදන්ම තාත්තට වැදුම් පිදුම් කරනවා.. ඉතින් එහෙනම් ගිහින් එන්නම්.
දැන් දෙමාපියන්ට..(ඒ මේක පෙන්නන්න ඈ එයාලට)
අම්මටයි තාත්තටයි දෙන්නටම මම ගොඩාරියක් ආදරෙය්,ඒත් ගොඩක් වෙලාවට මම කියන දේ අහන්නෙ නෑ,ඒ නම් හේතුවක් ඇතුව,මම කෝමත් කරන්නෙ මගේ හිතට එකග දේ විතරයි..ඉතින් එයාලට ඕන දේ කරලා පස්සෙ මොකක් හරි වුනාම නිකන්ම වගේ මමත් කියයි ඔයාලා නිසා තමයි මෙහෙම වුනේ කියලා,එහෙම ඕන නෑනේ,අනික මම තීරණයක් ගත්තාම ඒ තීරණේ ගැන වගකීමකුත් මට තියනවා, මම කෝම හරි ඒ දේ කරන්න බලනවා, ඒ නිසා ඒ ගැන සමාවෙන්න වගේම ආඩම්බර වෙන්න, ජීවිත කාලෙම මදි වෙයි ඔයාලා මම වෙනුවෙන් කරපු දේවල් වලට ප්‍රතිඋපකාර කරන්න,ඉගෙන ගන්න ආසාවෙන්(ඕන එකයි එපා එකයි) ඉන්න මට නිදහසේ ඉගෙන ගන්න දීලා තියන එකම වටිනවා,ඒත් දෙමව්පිය උරුමයෙන් එන දේවල් වලට මගෙ කැමත්තක් නැති නිසා මටත් ඕන මගේ කියලා දෙයක් මමම කරගන්න,ඒක නිසා ඒ දෙවල් වලටත් ඉඩ දෙන්න කියලා ඉල්ලනවා..ඒ ඇරෙන්න මම ගොඩාක් ආදරෙයි දෙන්නටම..දීඝායු..
සාදිරිස්ට
මැටි අලේ,මෝඩයා,හරක් පැටියා,උණහපුළුවා,රිලා මොටා, කොයි විදියට කිව්වත් මිනිස් හැගීම් තේරුම්ගන්නෙ නැති චිම්පන්සියා, ඔයා හොදටම දන්නවා ඔයා එලෙව්වත් මම දාලා යන්නෙ නෑ කියලා,මට වැනෙන තීරණ නෑ..මාව එපා නම් ඔයාට මාව දාලා යන්න තරම් ශක්තිය තියනවනම්,මගේ පෙන්නන්න තරම් වැරද්දක් තියනවා නම් සාධාරන විදියට මාව දාලා යන්න ඔයාට ඕන වෙලාවක පුළුවන් යන්න,ඒත් ඔයා ගියයි කියලා මම ආදරේ අඩු වෙන්නෙ නෑ,මට ඕන නම් මම ආදරෙයි,ඔයා කියන හැමදේම මම ඇහුවත් මම ඕක නම් අහන්නෙ නෑ..ඔයාට ඕන නම් යන එකයි ඇත්තෙ(හැබැයි අඩු කඩනවා,පත්තෑයෝ ඉන්න පෙට්ටියකට දාලා වහනවා).. ඉතින් සුදු බබා,ඔයා දන්නවා ඔයා කිව්වොත් මම කන්දකින් පහළට හරි පනිනවා කියලා,සින්නක්කරවම හිත ඔයාට දීලා,ඔයාව හිත ඇතුලට ගත්තෙ,හැමදාම ඔයාගෙ වෙලා,ඔයා ගාව ඉන්න,ඔයා හැමවෙලේම කිව්වට ඔයා අරමයි ඔයා මෙහෙමයි කියලා ඔයාගෙ ඇති වැරද්දක් නෑ.තිබුණත් ඒක මම අදාල කරගන්නෙ නැත්තම් ඔයාට ඒක ගැන හිතන්න වුවමනාවක් නෑ..දැන් මම අනන් මනන් කියෙව්වම ඔයා ඒක එහෙම නෙවෙයි කිව්වට පස්සෙ මම ආයේ එ ගැන හිතන්න යන්නෙ නෑනෙ(ඒ මම සුදු නැද්ද ඔයා තරම්?) ඒක නිසා මගේම ආදරණීය මෝඩ ළමයා,දන්නැත්තම් දැනගන්නවා ආදරේට හේතුවක් ඕන නෑ.මොකද හේතුවක් මත ඇතිවෙන දෙයක් ඒ හේතුව නැති වුනාම ඒ දේත් නැති වෙනවා,මම හේතුවක් නැතුව ආදරේ නිසා මට ඒක නවත්තන්නත් හේතුවක් නෑ..අන්න ඒකයි සුදු බබා මම හැමවෙලේම කියන්නෙ මම ඔයාට ගොඩාක් ආදරෙයි කියලා!!
ඉතින් ලෝක විනාසෙන් පස්සෙ ආයෙ හමුවෙමු,
ලට්ට ලොට්ට ගොන්නට සාදිරිස් ඇතුලත් නොවීම ගැන පුදුම වෙමි....
ReplyDelete21න් පස්සෙ සෙට් වෙමු..
O.o එයාව උස්සන් යන්නත් බෑ,ඇදගෙන යන්නත් බෑ, තියන සරීර කූඩුව තියාගෙන ඉන්නවා හොදා, ලෝක විනාසෙට කලින් ඇක්සිඩන්ට් වොර්ඩ් යන්නෙ නැතිව..
Deleteහලී....ජය වේවා!!
අප්පට සිරි කිව්වත්වගෙ සාදිරිසව හලල ට්‍රිප් එක යන එක නම් හරි වැරදියි ආ :P
Deleteහලලා යන්නෙ නෑ..එදාටත් වැඩක් තියනවා කියයි එයා..ඉතින් මට උස්සගන්නවත් බෑනේ..අලේ...
Deleteහත්තිලවුවට ගහපු කලාබරේ කිවුවලු... මොකෑ බොල මේ,
ReplyDeleteඅම්මියෝ.. මගේ ලිස්ට් ඒක ඔයිට වැඩිය ගොඩාඅආආආආආරියක් දිගයි අප්පා.. ගෙනියන්න පුළුවන් වෙයිද මන්ද... එනි වේ... ඒකටත් රෙඩි වෙමිකෝ එහෙනං.. මං නම් විනාසෙට කලින් අරහේ පනින්න ඉන්නේ.. (පොඩි ළමයි එක්කන් යන්නේ නෑ. මට බලාගන්න බෑ)
එහෙනං ,
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
ඒ,,ඒම කෝමද?ඔයා කීවනේ මම හොදට හිටියොත් මාව එක්කන් යනවා කියලා..සැක්,දේශපාලු මාමලා වගේ ඔයත්,,බොරු පොරොන්දු දෙනවා..ඒ අපි දෙන්නා හාල්ෆ් හාල්ෆ් දාලා වෑන් එකක් හරි ලොරියක් හරි හයර් කර ගමුද ලට්ට ලොට්ට ටික ගෙනියන්න :D
Deleteඒම කරන්න බෑ නේ අප්පා.. ඔයයිව එක්කං ගිහිං මට වෙන අකරතැබ්බ මේ දැනුත් මට නිකං පේනවා පේනවා වගේ.. අනික චොකෝ ඒක කනකන් විතරයි නේ හොඳට ඉන්නේ, :P
Deleteවැන් එකක් නම් මදි වෙයි.. ඔන්නොහෙ ඒක පාර ලොරියක්ම හයර් කරගමු. එක්කන් යන්න තව එක්කෙනෙක් ඉන්නවා. එයාගෙත් බඩු මුට්ටු ඇති නේ,
:( ඒ තරායි ඈ.. ඉතින් ඔයා තව චොකෝ එකක් දෙන්න.. හෑ..තව මුකාද අපි එක්ක යන්න ඉන්නෙ..සැහ්..මෙහෙම ගියොත් නම් දඩුමොණරයක්ම ගන්න වෙයි..
Deleteහැකිස්... දඬු මොනරේ ඉස්ටාට් වෙද්දීම විනාසේ වෙලා තියෙයි.
Deleteමෙන්න මෙහෙ එනවා ලොරියක් අරං ඉක්මන් කොරල යන්න. අර ලිස්ට් එකට චොකෝ පැකට් එකක් වැඩියෙන් දාගන්න නැත්තං ඔයාට ඉවර වෙන වෙන සැරේට දෙන්න චොකෝ කොහෙන් දෙන්නද, :P
ඒ මම මුකටද අරන් එන්නෙ.. ඔයා එපැයි අරන් එන්න චොකෝ.. o.O ඒ බාගේ බාගේ දාමු ඈ... කැටේ කඩන්න වෙනවා ඔව්වට සල්ලි දෙන්න..මම අමාරුවෙන් සතෙන් සතේ එකතු කරපුවා..
Deleteයකඩෝ.. බලන්න මෙයාගෙ තියන අල්පේච්ච ගුනය, සැහැල්ලු ගති පැවතුම් ඇති බව, පහසුවෙන් පෝශණය කිරීමේ හැකියාව,... අනේ වාසනාවන්.. සාදිරිසට දේයියන්ගෙම පිහිටයි!!(විහිලු හොඳේ)
ReplyDeleteආදරේ උතුරනව ශම්මියෝ. ඔයාගෙ සතුට ඒ විදියටම තියෙන්න කියල ප්‍රාර්තනා කරනව මන් :)
හෑ..ඒම තමයි අපි.. ලද දෙයින් සැනසිලා ඉන්න ඕන.. කාටවත් කරදරයක් නොවී..අපි හොද ළමයි.. හිහි..ස්තූතියි සමියෝ.. මමත් ප්‍රාර්ථනා කරනවා ඒම..
Deleteහැබෑවටම මොකද අරයට සාදිරිස් කියන්නේ....
ReplyDeleteශාම්මිගේ සිහින ක්ෂිතිජයට මගේ සිහිනයෙ ඇසින් - බාගෙට හදවතින් ඔන්න ඕක බලන්නකෝ ඒක තමයි හේතුව..එයාම තමයි දාගත්තේ..
Deleteඅදමයි නේද ආවේ..සාදරයෙන් පිළීගන්නවා ඔයාව..ආයෙමත් එන්න..
ජය!!
O.o ha ha haa...
ReplyDeleteniyamai a...
mamath geniyanna monawa hari ganna one ....
:D
(Y) අන්න එහෙම, මොකටද නිකන් අත් දෙක වන වන යන්නෙ නෙහ්?.. :D
Deleteමගේ ලිස්ට් එක හදන වැඩෙත් අද පටන් ගන්න ඕනේ! ඔය ටුත් බ්‍රෂ් වගේ ඒවානම් අයින් කරන්න පුළුවන්නේ!
ReplyDeleteඊයා... දත් මදින්නෙ නැතුව ඉන්නද හදන්නෙ?? දත් පණුවො කෑවොත් එහෙම පෙන්නන්න දොස්තරලත් නෑ හොදේ..
Deleteප්රෂ්න ගොඩයි.... මොකෑ මේ එක පාරටම පාපෝච්චාරණයක් වගේ වගේ එකක්
ReplyDeleteඑව්ව මට එච්චරම අදාල නෑ මොකද්ද අර බ්ලොග් සුහද හමුව.. කොයි එකාද ඒක සංවිධානය කරන්නේ..
පාපොච්චාරණයක් නෙවෙ අනේ.. ලෝක විනාසෙ නිසා.. ;) ඒක නම් ආරංචිය සැමා අයියලා කට්ටිය එකතුවෙලා කරනවා කියලා තමයි..රෙපා අය්යණ්ඩියාගෙ බ්ලොග් එකට ගියා නම් වැඩි විස්තර දැනගන්න තිබ්බා..
Deleteඈ...................මම මේ බැලුවේ කෙල්ලෙක්ට ලෝක විනාසෙ වෙලාවෙදිත් ඕනි වෙන්නේ ටෙඩියෙක්නේ...ඈ...ඇයි යකෝ වෙන වැදගත් දෙයක් තිබුනෙම නැද්ද ඕක වෙනුවට ගන්න අඩුගානේ වැඩිපුර වතුර ටිකක්වත්....
ReplyDeleteමට මුකටද ඈ වැඩිපුර වතුර..ඇති තරමට මම අරන් යනෝනෙ.. ටෙඩියා එපැයි මිනිස්ප පරාණ වගේ නෙවෙයි එයා කියන දේ අහන් ඉන්නවා..එකට එක කියන්නෙ නෑ..පණ්ඩිත කතා කියන්නෙත්.. ඔහේ අහනෛ ඉන්නවා..
Deleteමමනං පේටන්ට් බලපත්‍ර ගන්න බඩු ටිකක් සෙට් කරගන්නවා.. අළුත් බල්බ් එකක්..ඊළඟට පොඩි පෝන් එකක්.. ඔය ඔක්කොගේම නිර්මාණ කරු මම.. ඒක වෙන්න ඉතිං ලෝක විනාසෙ වෙන්නම එපැ..:D
ReplyDeleteඅම්මපා ඇත්තටම ලෝක විනාසෙට සෙට් වෙද්දී වත් ඔය ටෙඩියා අතාරින්න බැරිද ආ..
හෑ,..බලන් ඔව්වට මුහුදු වතුර යයි.. :P මගෙ ටෙඩියා මම අරන් යන්නැතුව වෙන කවුරු අරන් යන්නද??.. :(
Deleteබය වෙන්න එපා ශම්මියෝ.... ඔය මගුල එන්නේ නැ....හික්.... හැබැයි ඉතිං ලැස්ති පිට ඉන්න ඒකත් හොදයි...... :)
ReplyDeleteහික්ස්... මමත් හිතන් ඉන්නෙ ඒමයි අනේ.. කෝකටත් ලෑස්තිපිටම ඉන්නවා.. ;)
Deleteමේක දැකලා ලෝක විනාශේටත් දුක හිතෙයිද මන්දා :D
ReplyDeleteමට නම් දුක හිතුනා කඳුලුත් ආවා හොටුත් එනවා වගේ
ඊයා...ගිහින් පිහදගන්නවා.. සැක්...බ්ලොග් එකේ එහෙම ගාන්නෙ නෑ..
Deleteසාදිරිස්ට අච්චරක් ආදරෙයි..මෙච්චරක් ආදරෙයි කිව්වම මොකද..සාදිරිස් ගැන වගේ වගක් නැතුව මෙයා තනියම ගමනට ඕනා කරන ඒවා ලෑස්ති කරගෙන...හලිම අසාධාරණයි...හි හි හී
ReplyDeleteමොනා උනත් මේ ආ ගමනට මගෙන් සුබ පැතුම් ශම්මියෝ... ලෝක විනාස උනාට පස්සෙත් ලියන්න ඈ.....( කියවන්න එකෙක් උන්නත් නැතත් අපිට මොකෝ...ලියන එකනෙ තියෙන්නෙ )
හෑ...ඒම කෝමද කියවන්න ඔයාලා එන්න ඕන.. මම කාට බලන්න ලියන්නද නැත්තම්.. හිහි...ස්තූතියි අක්කෝ...
Deleteලෝක විනාසේ වෙන්න කලින් දේපළ රක්ෂණයක් ගත්තොත් නරකද ශ්ම්මියෝ :D
ReplyDeleteටූත් බ්‍රශ් එක විතරයි කෝ සිග්නල් ,ක්ලොගාඩ්, එහෙම.... ලෝකවිනාසේ මේ දවස්වල අයහපත් කලගුනේ නිසා කල් ගිහින්
සැහ්...මේ ලෝකේ විනාස වෙන එකවත් හරියට කාල වෙලාවට වෙන්නෙ නෑනේ..සිග්නල් ගෙනියන්න??.. ඒක අමතක වුනානේ.. හේ හේ..මට ඇති දේපල තමයි මේ ගෙනයන්නෙ.. ඒවා රක්ෂණය කරගත්තා නම් හරි නේ කෝකටත්.. :D
Deleteදැන් අර බඩු සෙට් එක දාගෙන යන්න වාහනයකුත් එපැයි අෆ්ෆා..
ReplyDeleteඒකනේ මමත් පණු අක්කියයි බාගෙ බාගෙ දාලා ලොරියක් හයර් කර ගන්නවා :D
Deleteමම නම් අරගෙන යන්නේ "කරන්ට් එක" මොකද ඔය කවුරුත් ලැප් අරගෙන ගියාට වැඩක් නෑ කරන්ටෙක නැත්නම්. ඒ කට්ටියම මා ගාවට ඇවිත් කරන්ට් එක සල්ලි දීලා ගනී. මම සල්ලිකාරයෙක් වෙයි. කොහොමද මගේ ටිකිරි මොලේ !!!
ReplyDeleteදැම්ම හිටන් බැට්ටි කෑලි ටිකක් චාර්ච් කරගන්න ඕනා. චාර්ජ් කරපු ලැප් බැට්ටි කෑලි ඕන අය ඉන්නවනම් මධූව හමුවන්න.
ස්තුතියි !
මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
අලේ මමත් බැට්ටි කෑල්ල චාරුජ් කොරන් යන්නෙ, ඉවර වුනොත් තමයි එන්න වෙන්නෙ..ඔන්න ඉතින් අපේ ලංකාවේ මිනිස්සුන්ගෙ හැටි..ඒතනත් බිසිනොස් එක..ඒ මේ එකක් ගත්තෝත් එකක් ෆ්‍රී ද??
Deleteඒකනේ. බොරදියේ උනත් කමන් නෑ මාළු අහු වෙනවා නං !
Deleteනොමිලේ දෙන එවුවා නෑ. ඕං නං ඇඳුනුංකමට ඩිස්කවුන්ට් එකක් දෙන්නම්.
හපෝ..... මම එන්නම් හැබැයි මට 100% ඩිස්කවුන්ට් ඕනි හොදද
Deleteඒක නෙවෙයි ශම්මි අක්ක මතෝ....ඔයා විතරක් ඉතුරු උනොත් බ්ලොග් ලියන්නේ කාටද අප්පා...අනික ෂොපින් බෑග් 10 විතර අරන් යන්න....ලැපට වතුර යන්න පුළුවන්නේ වැස්සොත්..නේද?
ReplyDeleteශම්මි අක්කා ???
Deleteඅඩේ උබ ශම්මිටත් වඩා බාලද. (ඇස් නළලේ) :O
හපොයි තාත්තේ....මෙන්න ඒ පාර ආයේ වයස් ප්‍රශ්නේ ඇවිත්..හයියූ... හික්ස්.. දසුන්, මුලින්ම ඔයාව සාදරයෙන් පිළීගන්නවා මෙහෙට.. අලේ ෂොපින්ග් බෑග් නම් හරියන්නෙ නැති වෙයි..ඉටි බෑග් දෙක තුනක් අරන් ගියා නම් හරි නේද..බ්ලොග් එකෙ ලියලා තියනවා..ඔයාලා ආපහු ආපු කාලෙක බලන්න බැරියා..
Deleteඔය ඔක්කොම අරගෙන යන්න පුළුවන්ද ඈතකට යන්න උනොත්.පට්ට ඇ.
ReplyDeleteමනසින් දිවියට
ඔයාව සාදරයෙන් පිළිගන්නවා.. ඒකනේ අනේ ලට්ට ලොට්ට ටික පැක් කොරගන්නෙ.. ටැන්කූ ඇ.. ;)
Deleteඔයාව සාදරයෙන් පිළිගන්නවා...ඒකනේ අලේ ලට්ට ලොට්ට ටික පැක් කරගන්නෙ...හිහි ටැන්කු ඇ..
Deleteඔය සැටිපිකේට් අරන් යන්නේ කාට පෙන්වන්නද? ලෝක විනාසේදී කවුරුවත් ඉතිරිවෙන්නේ නැහැනේ?????
ReplyDeleteකෝරලේ වලව්ව
ඉතිරි වුනෝතින් හදිසියෙවත් එයා ගාව මමත් රස්සාවක් හොයාගන්න එපැයි.. :D
Deleteකාඩ් පැක් එක ගන්න මතක් කරලා.. පොඩි ආතල් එකක් ගන්න ඕන ලෝකෙ විනාස වෙද්දී..
ReplyDeleteඒව්වා දන්නෙ නෑනේ..හික්ස්...චේස් බෝර්ඩ් එකක් තමයි දාගන්න වෙන්නෙ :)
Delete