වැසිදාක කළුවර අහස දිහා
බලන්,හයියෙන්ම මහ සද්දෙට වහිනකොට,විදුලි කොටද්දි බය වුනාම,ගොරවන සද්දෙට බය
උනාම..
ළගට පැනලා පපුවට තුරුළු වෙන්න..ලස්සනම ලස්සන කොළ පාටින්
පිරිච්ච කඳුකර පළාතක හැම පැත්තෙන්ම කඳු වලින් වට වෙලා තියන තැනක ඉදන් හැන්දෑවට උණු උණුවෙ තේකක් බිබී ඈතින් ඉර බහින හැටි බලන් ඉන්න,..ඒ ගමන්ම මගේ ඉන වටේට අත දාලා
ඔයාගෙ ඇඟට මාව තදකරගෙන... ආආ ඇති...කවියක් තියෙන්නෙ කතාවක් නෙවෙයි.. ^_^
විඩාබර නෙතු පියන් මොහොතකට නවතින්න
ඉඩදෙන්න පපුතුරේ හැමදාම නැලවෙන්න
සුදු පාට මීදුමේ සීතලට ළං වෙන්න
සුදු රෝස මල් පිපිලා වැට ගාව ලස්සනට
ඒ දිහා බලාගෙන රස රහස් මුමුණන්න
රතු පාට අහස යට අපි දෙන්නා තනිවෙන්න
හැන්ඳෑවෙ මම ඉන්නෙ නුඹ එක්ක නවතින්න
ගෙට පහළ මල් පාර පුරා අපි ඇවිදින්න
දුර පේන කඳු පේළි හිත පුරා දැකගන්න
ඇද හැලෙන පොද වැස්සෙ තෙමි තෙමී දිවයන්න
දඟකාර හිත් පොඩිය මඟ බලන් නුඹ එන්න
අලේමංදා... මගේ මොලේ නං ඔය කවි තේරුම්ගන්න කොටස වැඩකරන්නෑ...
ReplyDelete:/ ආයේ අහන්න දෙයක්යැ ඒකනේ යාන්ත්රිකයා කියන්නෙ,ඔව්වා සිස්ටම් වල අවුල්...
Deleteපට්ට කවිය ශම්මි අක්කියෝ...දිගටම ලියන්න හැමදාම එනවා කියවන්න...
ReplyDeleteතැන්කූ මල්ලියෝ.. ඔයාලා හැමදාම මෙහෙම එන එක ලොකු ශක්තියක්..!!
Deleteඔයත් ලියන්නකෝ මලයා.
Deleteඒකනේ... උමා මල්ලියා..ඔයත් ට්රයි එකක් දීලා බලන්නකෝ..
Deleteනිසදැස ලස්සනයි .....
ReplyDeleteස්තූතියි අයියා! :)
Deleteඑල කවි සෙට් එක..
ReplyDeleteස්තූතියි...... (Y)
Deleteශම්මිටත් කවි ලියන්ඩ හිතිලා තියෙන්නේ. ලස්සනයි කවි සෙට් එකම.
ReplyDeleteඑහෙම තමයි.. හිහි...ටැන්කූ වේවා!!!....
Deleteජය!
හ්ම්ම් හ්ම්ම්....ආදරණිය අදහසක්! එල!
ReplyDeleteයා යා...ටැන්කූ යාළු!!
Deleteඕවා ඉෂ්ට සිද්ද වේවා කියලා එක සිතින්ම පතනවා :)
ReplyDeleteහේ හේ....තැන්කූ මල්ලියා.........
Deleteසෝයි අප්පා.. සස්සන කවි සුට්ට..
ReplyDeleteඅර ෆොටෝ එක තමා මරු.. කටවල් දෙක මැෂිම වගේ කොයි වෙලෙත් :p
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
හික්ස්....ඒ පොතෝ කෑල්ලට නම් මටත් දැක්ක ගමන්ම ආස හිතුනා..... ටැන්කූ අක්කියා...
Deleteඔය වගේ හැන්දැවලට මාත් ඉස්සර නම් බොහොම ආලේ කළා. ඒත් දැන්?
ReplyDeleteලස්සන කව් ටික ශම්මි.
දැන් මොකෝ ඉතින්, අපි වයසින් වැඩුනත් හිත් කවදත් එක විදියයි,හැමදාටම ආස කරන්න...
Deleteහිහි ටැන්කූ අන්කල්...!!
oka itin api hamoma aasa karana sihinayakne..
ReplyDeleteBohoma apuruwata liyala thiyenawa..
Harima lassanai...
Jayama wewa !!!
අදමයි නේද මේ පැත්තට ආවේ..ස්තූතියි යාළු!...හිහි ඔව් ඔව්.. ඇත්ත.. ආයෙමත් සැරයක් ස්තූතියි..ඔයාව සාදරයෙන් පිළිගන්නවා..
Deleteජය!!
සුදු පාට මීදුමේ සීතලට ළං වෙන්න
ReplyDeleteමගෙ මැණික හැමදාම ළග ඉන්න අද වගෙම''ම්ම්ම්ම්හ්හ්හ්හ්...
සුදු පාට මිදුමේ සීතලට ලං වෙලා
මගේ මණික ළඟ ඉදිවි හැමදාම මගේ වෙලා..
අදාල කෙනා ඔහොම කියයි :D
ලස්සනයි .. නියමයි... සුපිරි....
ආව්ව්ව්...මල්ලියා ඒ අදාළ කෙනා ඕම කිව්වොත් මම සීතල මීදුමේ බඹර කන්දේන පහළට බිලි වෙනවා අම්මපා...(මොකද එයා ඒම කියන්නෙ නෑ කවි සිතුවිලි නෑනෙ)
Deleteහිහි...ටැන්කූ ඈ..
හරීම අදරනීයයි ලස්සනයි ...
ReplyDeleteස්තූතියි යාළු!!
Deleteලස්සන කවි ටික.
ReplyDelete:) ස්තූතියි ඔයාට!!
Deleteකවියට නගපු අදහස් ටික ලස්සනයි! එළ! :)
ReplyDeleteටැන්කූ අය්යණ්ඩියා...!! :)
Deleteකවුරු එනකන්ද අප්පේ ඔච්චර මගබලන් ඉන්නේ?
ReplyDeleteමගේ වෙන්න අයිතිකාරයා එනකන්නෙ.. ^_^
Delete