හසුකරගන්නට
නුඹේ රෑපය
මගේ කැමරා
කාචයට..
තියාගන්නට
නුඹව එකතැන..
එක විදියකට..
එපා එපා
කියමින් එහෙ මෙහෙ පනින
නුඹේ හැඩිදැඩි
රුව..
අසුකරගන්නට
කැමරාවට..
කොච්චර නම්
බොරු කියන්නට වුනිද මට..
පුංචි එකෙකුට
මෙන්..
මට බැනවදිමින්
දග කරනා නුඹව...
කෙසේ හෝ සටහන්
කරගත්තේ කැමරාවට..
මට බල බලා
ඉන්නට නොවෙයි..
දවසක පෙන්නන්න
අපේ පුංචි පැටවුන්ට
ඔවුන්ගේ
තාත්තා තරුණ කාලයේ කොයිතරම් නම් ලස්සනද යන වග...
අදරේ ඉතිරෙනවා හරිම ලස්ස්නයි....
ReplyDeleteහිහි...ස්තූතියි යාළු!!
Deleteඅපෙ අප්පෝ ශම්මිය ගිය දුර :D
ReplyDeleteහරිම මෙව්ව එකක් දැනුන අන්තිම ටික කියෙව්වම
"කෙසේ හෝ සටහන් කරගත්තේ කැමරාවට..
මට බල බලා ඉන්නට නොවෙයි..
දවසක පෙන්නන්න අපේ පුංචි පැටවුන්ට" ^_^
;) කොව්වා එකක්ද දැනුනෙ ඈ... හිහි...ටැන්කූ සමියෝ..... (Y)
Deleteඅනේ අම්මියෝ...ශම්මියට හිතෙන දේවල්.. ඒ උනාට පුතෙක් නම් ඒ හැඩරුව ආවම කියන්නත් පුළුවන්..පුතා ඒ කාලේ තාත්තා වගේමයි කියලා... :)
ReplyDeleteහෑ.... පුතා වුනත් මම හිතන්නෙ නෑ තාත්තා තරම්ම ලස්සන වෙයි කියලා ;)කෝමත් ජාති දෙකෙන්ම එපැයි..
ReplyDeleteඈ.............මොකද්ද වෙලා මෙව්වා උනානේ ඈ..
ReplyDeleteහෑ.... මෙයාලා ඔක්කෝටම මෙව්වා වෙලානෙන්..සැහ්..දැන් මාවත් මෙව්වා වෙනවා.. :(
Deleteඑච්චරටම කැමරාවට බයද එයා? :0
ReplyDeleteහෑ... නෑ අනේ..ඒත් පොටෝ ගන්න ඉන්නෙ නෑ.. :/
Deleteහික්ස්
ReplyDeleteහොඳා හොඳා
ටැන්කූ අය්යා!!
Deleteඔයා නිසානයටත් බාලද?
Deleteමම ඉපදුනේ 92 :)
Deleteඑහෙනං ඔයා මට අවුරුද්දකින් අක්කා කෙනෙක්..:) මම 93 එකෙක්..:)
Deleteඅලේ ඕකේ මල්ලියා!!
Delete:/ හුටා මාත් 92නේ ඒකත් දෙසැම්බල් මාසේ.
Deleteඇඩෙනවා තනි ඇහැට ශම්මියා අක්කෙක් O_o
හෑ..බොලානෙ මට මුලින්ම නංගි කියලා කිව්වෙ.. මට කොරන්න දෙයක් නෑ දැන් :P
Delete@ම.නි. :
Deleteඒකනේ මලේ. අපි වගේ අසූ ගනන්වල ඉපදුනා නම් අහවරයි නේ. කොහෙද මෙක ලා ඉපදිලා තියෙන්නේ අනූවත් පන්නලා නෙව :)
හික්ස්... ලැජ්ජාවේ බෑ නිශාන්.. මෙයා මට නංගි කියලා තියෙන්නේ මටත් වැඩිය මාස දෙකක්ම බාලත් වෙලා:P
Deleteමල හත් ඉලව්වේ , කොමත් ඒ මනුස්සයටා මේ කතාව දැන් අනාගතේදී වැටි , ඔයාගේ සිනි බෝල කතා වලට අහු නොවෙන්න :D
ReplyDeleteතේරුනේ නෑ :O :O අනේ බොලව්..මම කාටවත් සීනි බෝල කතා කියන්නෙ නෑ හරිය... එකම දේ හිතට එන දේ එඩිට් නොකරම කියා දානවා ..
Deleteහිහී.. මං හිතුවේ පොඩි එකාගෙ පොටෝ එක තාත්තට පෙන්නන්න ගන්නවා කියලා..:)
ReplyDeleteO.o හෑ... ඒම එකෙක් නෑ තවම.. අනික තාත්තා ළගින් ඉදන් ලයිව් බලන්න එපැයි..මුකටෙයි පොටෝ ගහන්නෙ :D
Deleteඅම්මෝ මෙයා හිතලා තියෙන දුර !!
ReplyDeleteඒක නෙමේ මොකද ඔයා හැමතිස්සෙම ඇස් දෙක ලොකු කරගෙන අපි දිහා බලාගෙන ඉන්නේ (උඩ හෙඩර් එක බලන්න)
හික්ස්... ඒම තමයි...මම බලාන් ඉන්නෙ ඔයාලා මුනාද කරන්නෙ කියලා.. ඇලර්ට් එකේ ඉන්න එපැයි ඈ..
Deleteෆොටෝ එකේ අගය වැඩිවේවි ඒ කාලෙට.. ෆොටෝ එක ගන්න කොයිතරම් මහන්සිවුණාද මතක්වෙනකොට.. :)
ReplyDeleteලස්සනයි සිතිවිල්ලත්, නිර්මාණයත්..
ස්තූතියි නන්දු, ඔව් ඔව්.. පොටෝ එක නම් දැනටත් වටිනවා.. හැබැය් ඒ කාලේ වෙද්දි අගය මීටත් වඩා වැඩි වෙයි තමයි.. :)
Deleteහි.....නියමයි නියමයි :)
ReplyDeleteආව්ව්ව්..හිරු අක්කියා කාලෙකින්..!! ටැන්කූ අක්කෝ!
Deleteමට නම් තියෙන්නේ අපේ අම්මගේ මූනුවර ඇස් දෙක නහය ,
ReplyDeleteමූනේ පෙනුම ...
ඒ උනාට තාත්තගේ කට ඇවිත් තියෙනවා..(බාහිර පෙනුමෙන් )
හ්ම්ම්ම්ම් ගති ගුණ නම් දෙන්නගෙම ඒවා තියෙනවා මගේම ඒවා
එක්ක 1 ට හතේ අනුපාතෙට මිශ්ර උන...
දවසක් අපේ අම්මගේ යාලුවෙක් ආව හොයාගෙන හොයාගෙන
ඒ ආවේ අවුරුදු 30 කින් විතරලු අපේ අම්මව හොයාගෙන..ඒ එද්දී
මන් තමා එලියට ගියේ.මාව දැක්ක ගමන් එයා අදුන ගත්ත එයා
හොයන ගෙදර හරි කියල.එහෙම සිද්දි ගොඩක් වෙනවා අම්මගේ
යාලුවෝ ඉස්සරහදි අවුරුදු ගානකින් හම්බුණ...
අද තම මන් අවේ මේ පැත්තේ මට මතක හැටියට..ඒත් මන්
මේකේ ෆලෝ කරලා තියෙනවනේ බොලේ..
email sub danna bahane ai e?
ඔව්නි ඔයා අදම තමයි ආවේ මේ පැත්තට, අහ්හ්...මමත් නම් තාත්තාගේ මුහුණුවර,අම්මගේ පාට සූට්ටක් ගෑවිලා තියනවා.. ඒත් කවුරුත් තාම හරියටම කියලා නෑ..මම කවුරු වගේද කියලා,දෙන්නගේම ගතිගුණ පොඩ්ඩ පොඩ්ඩ තමයි ඇවිත් තියෙන්නෙ.. ගොඩක්ම තියෙන්නෙ මටම ආවේණික ඒවා.. හිහි ස්තූතියි යාළු මේ පැත්තට ආවට.. ම්ම්..ඊමේලේ සබ්ක්රයිබර් දාලා නෑ.. මම ඇඩ් කරන්නම්.. ආයෙත් එන්න.. සාදරයෙන් පිළීගන්නවා ඔයාව..
Deleteජය!
මෙන්න හිරුහිමාගේ අනිත් එක...
ReplyDeleteසෑහෙන දුර හිතනවා නේ...
^_^ එහෙම ඉන්න එපැයි අනේ... දැන්මම ඔව්වා කරගත්තම ආයේ කරදර නෑනේ..
Deleteසෝයි අනේ... ඇත්තටම ආදරේ ඉතිරෙනවා...
ReplyDeleteදෙවෙනි ෆොටෝ ඒක නම් ඔන්න ඉස්සුවා මං ඈ..
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
ටැන්කූ අක්කියෝ.... අලේ උත්තන්න අලේ...හික්ස්..
Deleteජය වේවා..!!
අනේ අප්පෝ..මටත් මේ වගේ සිද්ධියක් වුනා..Photo ගන්නවට මේ තරම් අකමැති මොකද මන්ද නේද?හී..හී..ලස්සනයි ශම්මියෝ ඔයාගෙ හිතට දැනුන මේ පද පෙළ
ReplyDeleteඒකනේ නේ... අකමැතිද නැත්තම් බයයිද දන්නෑ :) හික්ස්...ටැන්කූ හිමා..
Delete