Subscribe to:
Post Comments (Atom)
Search
මම නැති දවසට ඔබට බලන්නට
නොයෙකුත් දේ ඇත මම ලියලා
විඩාව විදගෙන තරහව මැඩගෙන
බලන්න එය සුන්දරයයි සිතා
දිනයක මා මිය යයි ඔබ හැරදා
එදිනට ආවොත් මා සොයලා
ඔබ වෙනුවෙන් ලිව් කවි කියවා
මා මතකය ගනු සිහිපත් කරලා
ඔබත් මමත් මේ ආ මග ගැන
මා සිත තුළ ඇත පැල් බැදලා
දහසක් දේ කීමට ඇත ඔබ හට
එයින් ටිකක් ඇත මෙහි ලියලා

නිසදැස් පෝලිමක් එකම දවසේ.. මාරයිනෙ අෆ්ෆා.ඔක්කොම ටික බලලා එක කමෙන්ට් එකක්..
ReplyDelete*ලස්සනයි අදහස් ටිකක්.. :) *
තැන්කූ අයියණ්ඩියේ... අදමයි නේද ආවේ... සාදරයෙන් පිළිගන්නවා..
Deleteසබද හොදයි. එකම දවසට නිර්මාණ 5යි.නියමයි
ReplyDeleteටැන්කූ ටැන්කූ... අනිත්වා ආයේ අයින් කරා.. :/ මම බ්ලොග් එක ක්ලෝස් කරන්න හැදුවේ.. බ්ලැක් මේල් කරනවා..එපා කියලා..
Deleteමරු අක්කෙ ... මට හ්ඉරු අක්ක කියපු එක තමයි අක්කට කියන්නත් වෙන්නෙ :P එක දිගට දානකොට මිස් වෙනවා එත් මරු එක දවසට ග්ඔඩක් එව බලන්න පුලුවනි
ReplyDeleteටැන්කූ මල්ලෝ...මම ගොඩාක් ඒවා ඩිලීට් කරා ඒක නිසා...
Deleteඔක්කොමත් හරි මොකෝ මේ සමහර ලිපි බ්ලොගර් එකේ පෙන්නනවා..මෙතන්ට ආවම නැහැ :/
ReplyDeleteඅක්කෝ ඩිලීට් කරා... ඒකයි අනේ..
Delete