Subscribe to:
Post Comments (Atom)
Search
මම නැති දවසට ඔබට බලන්නට
නොයෙකුත් දේ ඇත මම ලියලා
විඩාව විදගෙන තරහව මැඩගෙන
බලන්න එය සුන්දරයයි සිතා
දිනයක මා මිය යයි ඔබ හැරදා
එදිනට ආවොත් මා සොයලා
ඔබ වෙනුවෙන් ලිව් කවි කියවා
මා මතකය ගනු සිහිපත් කරලා
ඔබත් මමත් මේ ආ මග ගැන
මා සිත තුළ ඇත පැල් බැදලා
දහසක් දේ කීමට ඇත ඔබ හට
එයින් ටිකක් ඇත මෙහි ලියලා

හරිම ලස්සනයි යාලු :)
ReplyDeleteස්තූතියි හිරුහිමාවී :D
Deleteකොහි යන්නද , හප් ! යන්නේ නැහැ කොහිවත් :D <3
ReplyDeleteනෑ නෑ....... යන්නෙම නෑ... අන්තිම හුස්ම ටික යනකම් ළගින්ම ඉන්නවා <3 <3
Delete