Saturday, June 8, 2013

වටපිටාව....












ඈත පේන පරිසරයේ ලස්සන දකිද්දි,හිතට එන සැනසීම හරිම අමුතුයි, හිමීන් ඇවිත් හිතත් එක්කම හිරිවට්ටලා යන සීතලත් එක්කම එක එක මට්ටම් වලින් දුර පේන කදුයි තැනිතලයි, කොළ පාටින් පිරිච්ච ගස් අස්සෙන් ඉර රැස් එන හැටි දැක්කාම කියාගන්න බැරිව හිතේ තියන හුගාක් දේවල් කියන්න වගේ හිත දඟලන හැටි දැනෙනවා, ඒකත් හරි අමුතුයි නේද? ඒ අමුතුකම අස්සෙන්ම මට හිතුනේ මමත් මහ තේරුම් ගන්න බැරි අමුතුම කෙනෙක් නේද කියලා



                     ආන්න, අර බලන්නකෝ අර ඈතින්ම තියන කන්ද උඩ තියන කළු ගල ගාව කවුදෝ දෙන්නෙක් අත් අල්ලන් ඉන්නවා, ඔයා නම් කියයි ඒ කෙල්ලෙකුයි කොල්ලෙකුයි කොටුවක් පැනලා කියලා, නෑ ඇයි වයසක දෙන්නෙක් වෙන්න බැරිද? අලුත බැදපු දෙන්නෙක් වෙන්නත් බැරි නෑ, සමහර විට මැරෙන්න හදන දෙන්නෙක්ද දන්නෙත් නෑ ඔතනින් පැනලා,ඔයා නම් හිනා වෙයි, ආ ඇයි? ඒකේ වැරද්දක් නැහැනෙ බබා, ආදරේ කරන්න අවස්ථාවක් එන්නම ඕනිද? නිශ්චිත වයසක් තියද? ඒ දෙන්නා කවුරුම වුනත් ලැබිච්ච වෙලාවේ සතුටින් ඉන්නවා ඇති, මොකද මෝඩයා මගෙ මූණ දිහා ඔහොම බලන්නෙ.. න්නැ, මගෙ මැට්ටි හරි පණ්ඩිතයිනේ..





      ආ මේ එන්නකෝ,ඔයාට තව බඩුවක් පෙන්නන්න, අර දැක්කද? ඈතින් පේන ගස් ටික මේ හුළගට ඒ මේ අතට නැවෙන හැටි, ඉතින්? ඉතින් නෙවෙයි මැටි අලේ, අන්න එහෙමයි, අපේ හිතත් අපි තියාගන්න ඕනේ, ගහක් වගේද? නෑ නෑ.. මොන දේ ආවත් නම්‍යශීලී විදියට ඒ හැමදේම විදගෙන ඉන්න, අපි නම්‍යශීලි නොවුනොත් තමයි අපිට විදවන්න වෙන්නෙ, හැබැයි බබා ඕනවටත් වඩා නම්‍යශීලී වෙන්න ගියොත් ඒකත් ප්‍ර‍ශ්ණයක්, ඒ මුකෝ? මොකෝ අහන්නෙ? අර දැක්කද අර ගහ කඩන් වැටුන හැටි? හප්පා, ඔව් නේන්නම්..




      ඔයා හරි අපූරු ඉරියව්වකට ඇවිල්ලා ඒක කිව්වෙ, මට හිනත් ගියා,ලස්සන පොඩි දිග කළු ඇස් දෙක, හැම දුකක්ම අමතක කරලා දාන්න පුළුවන් ඔයාගේ හිනාව,ආදරේ කියන්නෙ ඔයා ළඟින් ඉද්දි දැනෙන ඒ අමුතුම සැනසීමටද මන්දා.. 

මොකද? න්නෑ, මුකුත් නෑ, මම ඔයාට මොනදේ කීවත්, මොන දේවල් කියලා දෙන්න හැදුවත් මගේ හිත හැමවෙලාවෙම මට කියනවා මට ජීවිතේ කියලා දෙන්නෙ ඔයා කියලා, මට හයියක් වෙන්නෙ ඔයා කියලා, ඔයා ටිකක් හරි මගෙන් ඈත් වුනහම මහා හුඟක් දුක හිතෙන්නෙ මට ඒ නිසා වෙන්නත් ඇති.. 

          බලන්නකෝ කුරුල්ලො ඉගිලෙන ලස්සන,එයාලගෙ පාඩුවෙ,නිදහසේ.. අපිටත් ඒ වගේ නිදහසක් තිබ්බා නම්.. දැන් මොකෝ ඉතින්? ඉගිල්ලෙන්න ඕනෙද ඔයාටත්? ඉගිල්ලෙන්න පුළුවන් වුනා නම් ඉගිල්ලෙනවා මමත්, අහස පුරා.......ම, ඉතින් ඔතනින් පැනලා බලනවා ඉගිල්ලෙන්න පුළුවන්ද කියලා, පැන්නත් මට තටු නැහැනේ? එහෙනම් ඉතින් කට පියන් ඉන්න එකයි ඇත්තෙ, හරි හරී........ මම බොරු තරහක් මවාගෙන එහෙම කීවට හිත ඇතුළෙන් පුංචි හිනාවක් ගියා, ඇත්තටම මේක නම් මහම මහ දඟ පැකට් එකක් තමයි කියලා.. 


      දැන් අද දවසම මෙතන ඉදන් ගස් ගල් දිහා බලන් ඉන්නද යන්නෙ? ම්ම්, ඔව් ඇයි? අකමැතිද? අනේ මේ මට නම් බෑ ඔයාට ඕනේ නම් ඉන්න, තව චුට්ටක් ඉදලා යමු, කොහෙ ඉන්නද? ඔන්න වහිනවා.. අහ් අපොයි... 


               මොකෝ? මොකෝ අහන්නෙ? මේ ගහ තිබ්බෙ නැති නම් ඉතින් අපි දෙන්නට ලස්සන පරිසරයේ යස අපූරුවට තෙමි තෙමි ඉන්න තමයි වෙන්නෙ? ඉතින් මොකෝ බබා වෙන්නෙ? චුට්ටක් තෙමුනා කියලා මුනාවත් වෙන්නෙ නැහැනෙ, අනේ මට නම් බෑ, ඔයාට ඕනේ එකක්


                          මගේ අදහස් වලට සම්පූර්ණයෙන්ම වෙනස් අදහස් දරණ ඔයාගේ හිතට මම මෙච්චර ආදරේ ඇයි මන්දා? වෙලාවකට මට එහෙමත් හිතෙනවා,ඔයා හිතන්නෙ ඒක නොගැළපීම කියලා වෙන්නැති,හැබැයි මට නම් හිතෙන්නෙ නොගැළපීම් තේරුම් අරන් එකට ඉන්න එක තමයි ආදරේ කියලා,කොහොමත් ඉතින් හරියටම කකුලෙ සයිස් එකට සෙරෙප්පු ගන්නවා වගේ, හරියටම ගැලපෙන කෙනෙක් මේ ලෝකේ නැතිව ඇතිනේ, ඔය හැමදේම එක තත්පරේට හිතට හිතන ගමන්ම මම ඔයාගේ මූණ දිහා බැලුවේ ඔයා මොකද කරන්නෙ කියලා බලන්න, ඔය සුදු මූණෙ හිත ඇදලා ගන්න තරමේ ලස්සන හිනාවක් ඇඳිලා ගියේ ඒක තේරිලාද මන්දා, මගේ පුංචි එකා හිනා වෙද්දි කැටයම් ගොඩයි මූණෙ , ඔයා මගේ ආදරේ නොවී මගේ පුතෙක් වුනා නම් කියලත් හිතෙනවා..  මොනවද කල්පනා කරන්නෙ? 



 මදැයි, මෙච්චර වෙලා හීන ලෝකෙ,, නෑ, දුවගෙන ගිහින් වැස්සෙ තෙමෙමුද? මේ කෙල්ලට නම් විකාර,  ඔයාගේ ඒ වචන ඇහුනම මට හරි අමුතු ආඩම්බරයකුත් ආවා, වෙලාවකට ඔයත් මට තාත්තා කෙනෙක් වගේ නේද කියලා හිතුනා.. 

         අර දැක්කද? ඔයාගේ කටහඩින්ම මම ගැස්සිලා ගියා,, මොකක්ද? අර බලනවා මැට්ටි දේදුණ්නක්, හානේ... ඔව්මයි,, ලස්සනයි නෙද්? ලස්සන නිසානේ පෙන්නුවේ, වචනයක් වරදින්න බැහැනෙ ඇත්තටම..

බොරු ඔරොප්පු මූණක් මවාගන්න ගමන්ම මම එහෙම කිව්වා, ඔයත් මට ඇද කරලා හිනා වෙලා දේදුන්ණ දිහා බැලුවා, ඔයත් හරියට දේදුණ්නක් වගේ, වැහලා වැහලා ඉවරවෙච්ච මගේ ජීවිතේට කොහෙන්දෝ ඇවිත පායලා ලස්සන කරපු, කවදාවත් මැකිලා යන්න නම් එපා, දේදුන්ණෙ ලස්සන විතරක්ම දීලා ළඟින් ඉන්න.. 



          මම විනාඩි දෙක තුනක් කොහෙදෝ අතරමංවෙලා ඉද්දි, ඔයා මගෙ දිහා රවාගෙන බලාගෙන ඉන්නවා,හප්පොච්චියේ හොදටම තරහා ගිහින් වගේ, මම හිනා වෙලාම ඇයි කියලා ඇහුවෙ ටිකක් ශේප් කරගන්නත් එක්කමයි, දැන්වත් යමුද කරදරකාරි?? ඔයා හරිම ඉක්මනට කූල් වෙලා ඒක ඇහුවෙ, යමු යමු,වැහැලත් ඉවරයිනේ..නැතිනම් ආයේ මේ ගහ යටට වෙලා ඉන්න වෙයි.. ඒක කියන ගමන්ම මම ඒ ලොකු ගහ දිහා බැලුවා, මෙච්චර වෙලා අපිව නොතෙමී තියාගෙන හෙවන දුන්නට ස්තූතියි, මේ තරම් වැහැලා හැමතැනම මඩ වෙලා තියෙද්දි, අපි දෙන්නා නොතෙමී හිටියෙ මේ ගහ හින්දනේ, එහෙම හිතන ගමන්ම අපි යන්න පටන් ගත්තා, 


                             ටිකෙන් ටික අපි ඒ ලස්සන පරිසරයෙන් ඈත් වුනා.. කෙල්ල, පොඩ්ඩක් ඉන්න.. ම්ම්, ඇයි? අර.. 




              ඔයාට මතකයි එහෙනම්?? නැතුව? මතකද දවසක් ඔයා කිව්වා කවදමහරි  මේ වගේ තැනකට ඔයාව එක්කගෙන එන්න කියලා.. ?? ඔන්න දැක්කද? ඔව්, මං ආසයි..... මේ වගේ තැනක ගෙයක් හදමුද? මෙහෙම වටපිටායක් තියන? මේ කෙල්ලට පිස්සුද? එහෙම වුනාම ඉදලා හිටලා දකින මේ පරිසරේට තියන ආසාවත් නැති වෙනවා..,, එහෙම වෙන එකක නැති වෙයි, මම ආසයිනේ.. ඔයා හිතනවා ඇති මම මොකට මේ වගේ තැන්වලට ආසයිද කියලා, පුංචිකාලේ ඉදන් දැක්කෙම කොන්ක්‍රීට් කැලෑව, ඒත් පෙර පුරුද්දකටද මන්දා මම ආස කරන්නෙම මේ වගේ තැන් වලට..,ජීවිතේ නිදහස විඳින්න පුළුවන් මෙහෙදි,, කවදාහරි මම මෙතන ලෑලි ගෙයක් හරි හදනවා, ඒ ආසාවත් හිතේම තද කරන් අපි ගෙදර එන්න ආවා..  


                                    








48 comments:

  1. අම්මට සිරි , මාවත් හොල්මන වෙනවනේ මෙව්වා කියෙව්වම ,

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හේ...... අපි ඒමයි පෝස්ට් ලියන්නෙ.. ^_^

      Delete
  2. මාව හොල්මන් වෙලා ඇස් කරකැවිල ගියා අර ලුමිනස් කොළ අකුරු දැකල.. පටන් ගත්ත විදියට මම හිතුවේ වෙන එකක්. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕනන ඉතින් :P හක්, ඇයි ඒ අකුරු ඇස් වලට අමාරුද අය්යණෟඩි?

      Delete
    2. සිරාවටම අමාරුයි..

      Delete
    3. :D තැන්කූ කීවට..... මම ඒක හදන්නම්... (Y)

      Delete
  3. අම්ෙමා් ................... අාද ෙර් දිය ෙවල වැක්ෙකෙරනවා .........

    ReplyDelete
  4. මං ඔයින් තැනක ගෙයක් හදල බොලා 2ට රෙන්ට් එකට දෙන්නම්.. මොකද කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. -_- බොලා රෙන්ට් එක ගන්න එන දවසට අපි දෙන්නා බොලාව තල්ලු කරලා දාන්නම් කන්දෙන් පහළට.. :D

      Delete
  5. ඇත්තටම නිර්මාණයක් විදිහට හරිම ලස්සනයි..අලුත්ම තාලෙක නිර්මාණයක්..ආසාවෙන් බැලුවා...දිගටම ලියන්න..කම්මැලි වෙන්න එපා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහන්? හිහි, ඔව් ඔව්, දිගටම ලියන්න හිතන් තමයි ආයේ ආවේ,, බලන්න ඕනි ඉතින්, ලිවිය යුතු, කියවිය හැකි දේවල් තෝරලා බේරලා ලියනවා.. :D

      Delete
  6. අම්මට හුඩු...ආදරෙ දෝරෙ ගලා යනවා...Limit තියාගනින් කෙල්ලෙ..නැත්නම් ගිලෙයි...මේක හීනයක්ද???නිර්මාණයක්ද???නැත්නම් සත්‍ය සිදුවීමක්ද???

    ReplyDelete
    Replies
    1. හිහි, නිර්මාණයක් අලේ.... නිර්මාණයක්... ^_^

      Delete
  7. අම්මෝ හුඟ දවසකින්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්,, සුට්ටි විරාමයක් ගත්තා.. ;)

      Delete
  8. ලස්සන හීනයක් ....වගේ !

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කෝ...... ඔව්............

      Delete
  9. ඔබේ බ්ලොගයේ දුටු හොදම පෝස්ටුව මේක තමයි.

    //ඇයි වයසක දෙන්නෙක් වෙන්න බැරිද? අලුත බැදපු දෙන්නෙක් වෙන්නත් බැරි නෑ, සමහර විට මැරෙන්න හදන දෙන්නෙක්ද දන්නෙත් නෑ//

    ආයිමත් කිසි තැනක පටලවා ගන්න එපා. මේ පෝස්ටුවේ අවසන් පිංතුරය ඉස්තරම්. ඒ වගේම තමා බණ්ඩාරවෙල පැත්තේ මෙයිටත් වඩා ලස්සන තැන් තියනවා. ඒ ඔබේ උරුමයයි. එය සදා රැක ගන්න.

    ReplyDelete
    Replies
    1. //ඒ වගේම තමා බණ්ඩාරවෙල පැත්තේ මෙයිටත් වඩා ලස්සන තැන් තියනවා. ඒ ඔබේ උරුමයයි. එය සදා රැක ගන්න.// හිතට සෑහෙන්න දැනුන හරි ලස්සන වචන ටිකක් අංකල්.. :) කවදහරි මටම ලැබුනම, මගේ පොඩි එකාව මම හුඟාක් හොදට බලා ගන්නවා.. ^_^

      Delete
  10. දැන් කියවන්න බැහැ පස්සේ... නිදහසේ.. මේ වෙලාවේ මේ WHMSC එකක් (දැන් රුවනගෙන අල්ල ගත්තේ) අල්ලාගෙන දඟලනවා ^_^

    ReplyDelete
    Replies
    1. මොකක් අල්ලන්? O.o

      Delete
    2. June 8, 2013 post කරපු එක May 11, 2014 අවුරුද්දකට පස්සේ කියෙව්වාද සුදු පුතේ.. -_- :3

      Delete
  11. අනේ මැරියං බං..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇ? ඇ? බොලව්, ඉරිසියාව බොලාගේ,, හහ් :/

      Delete
  12. ලස්සනයි ..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ අක්කෝ...... :D

      Delete
  13. කතාව වගේම රූප ටිකත් මාරයි. මාරයි කියන්නේ මාරම මාරයි

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හේ..... ^_^ ;)

      Delete
  14. හ්ම්ම් හ්ම්ම්.. දැන් හිතෙන ඒවා..;)

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්,, කෝමත් හිතුනා ඔව්වා... ;)

      Delete
  15. පින්තූර ටික වගේ ම කතාවත් හරි ම ලස්සණ යි, අක්කියෝ. අන්ද මන්දා වෙලා ගියා මා ව! ආස යි ඔය වගේ සතුටක් ලබන්න . . .

    ReplyDelete
    Replies
    1. හික්,, තැන්කූ නංගෝ,, හෙක්,, මගෙත් ආසාවක් තමයි මැට්ටියේ.. :D

      Delete
  16. ෆොටෝ ටික ඔයා ගත්ත ඒවාද?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ අය්යණෟඩියේ, තවම කැමරාව ගත්තත් හරි කොහේවත් යන්න වුනේ නෑ, හැබැයි දවසක ඔය තියන තැන සේරටම මම යනවා.. ^_^

      Delete
  17. ආදරේ පිරී ඉතිරී පිටාර යනවා වගේ...අනේ වාසනාවන්...

    ReplyDelete
    Replies
    1. හිහිහි,, තැන්කූ තැන්කූ සිරා අය්යණෟඩියා.. ^_^

      Delete
  18. ෆොහ්...!
    ප්‍රේමන්විතයි...!!

    ReplyDelete
    Replies
    1. හික්, ටැන්ක්‍යු ඇ.. ^_^

      Delete
  19. හරිම රොමෑන්ටික් ඇ ........

    ReplyDelete
  20. හුට්ටස් ඔය පිටාර ගිහින් වැක්කෙරෙන ආදරෙත් බාජනේකට ගත්තනම් :)
    මරු පොටෝ ටික

    ReplyDelete
    Replies
    1. භාජනේකට දාලා ෆ්‍රිජ් එකේ දැම්මා නම් නරක් නොවී තියේවි නේද ඇ? :D

      Delete
  21. නියම ටෝක්ස් ටිකකුත් තියෙන්නේ. එළ ඈ :)

    ReplyDelete
    Replies
    1. හිහිහිහි,, තැන්කූ ඇ... ;)

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?