පල නොකියා පලා බෙදනවට
වැඩිය හොදයි නේද එකසැරේම කිව්වා නම් ආව දිහාටම යන්න කියලා ඔයාට වදයක් නොවී.එහෙනම් එක
සැරේම විදවන්න තිබුනා.සැරින් සැරේ අලුත් වෙවී විදවනවට වෙනවට වැඩිය.මොනවා වුනාද මන්දා,එක සැරේට
හරිම වෙනස් වෙලා ඔයා,කාගෙ ඇසවහද වැදුනෙ අපට.වෙනදට තාත්තා ගාවට වෙලා දවසෙ වෙච්ච හැමදේම
කියවන පුංචි එකෙක් වගේ මම ඔයාට ඇණයක් වෙවී,ඔයාගෙ වැඩ සේරම පාඩු කර කර කියවන හැමදේම සද්ද නැතුව අහන් ඉන්නවා,අනේ මන්දා
මම ඔයා වුනා නම් මට නම් හොදටම තරහ යයි.ඔයා වචනයක්වත් නොකියා ඔහේ අහගෙන ඉන්නවා.ඔයා
හරිම හොදයි(ම්ම්ම් ඔව් හැම අතින්ම තමයි.මටත් වැඩිය[ ඔන්න එහෙම කිව්වා කියලා
උඩින් යන්න ඔට්ටු නෑ,අපේ වහල උස්සන්නත් වෙයි]) ඒ වුනාට ඉදලා හිටලා නම්
තරහා යනවා,එහෙම නොගිහිනුත් බෑ හැබැයි මම කරන මැටි වැඩ වලට....ඒත් මේ ළගකදි ඉදන්
ඔයාට මොනවා වෙලාද මන්දා.කිසි දෙයක් කියන්නෙත් නෑ.හැමවෙලේම තරහින්මයි ඉන්නෙත්(මයි ඔව්න්
ප්රොබ්ලම්සු ලු) ඒ මුනාද? ඔයාගෙ ඔව්න් එව්වා මගෙත් ඔව්න්නෙ.. බිකස් අයි ඇම් යුර් වෙන්ඩ ඔව්නර් ඇට් වන් ඩේ....හිත රිදෙනවනෙ මටත් එහෙම වුනාම.වෙනදට ආපු ගමන් ශම්මි කෝ
කියලා අහන කෙනා,දැන් ශම්මිට ගුඩ් නයිග්ට් කියලවත් කියන්නෙ නෑ.වැඩක් නම් කියන්න
ඔනෙනෙ..මම කරදර නොකර ඉන්නවනෙ..ඔයා වගෙ හොද ළමෙක් විදියට..(ඇත්තටම මං ඔයාට හෙනට කරදර කරනවා නේද?? කොහොම ඉවසන් ඉන්නවද මන්ද)
Sunday, August 12, 2012
Saturday, August 11, 2012
මමත්වය හෙළාදැකීම සහ මොළ සුද්ධ කිරීම (මගේ විදියට)
වෙලාව හරියටම
12.10 මං නිදාගන්න ඇවිත් විනාඩි 45ක් වෙනවා.ඒත් නිදිමතකුත් නෑ,නින්ද යන්නෙත් නෑ.ඒ
ගමන්ම දෙයක් මතක් වුනා.ඒකම පෝස්ට් එකක් කරගෙන මට පුළුවන් විදියට රටට උදව්වක් වෙනවා
කියලා හිතුවා.මගෙ කලින් හොදම යාලුවා වෙලා ඉදලා දැන් මගේ ආදරේ වුනු කෙනා අද හිටියෙ
ගොඩක් හිත් වේදනාවෙන්.ඒකට හේතුව හරියටම දන්නෙ නැතත් කියපු සමහර දේවල් වලින් තේරුනේ
දැන් මේ ජාතිකත්වය සහ ආගම් බේද ඇදගෙන කරන තමන්ගෙ සිතුවිලි අනිත් මිනිස්සුන්ටත් දෙන්න
හදන සමහර ෆේස්බුක් පේජස් කියලා.කොහොම හරි හිත හදන්න කියලා මමත් කිව්වා ඕකට ඔයාටයි
මටයි විතරක් කරන්න දෙයක් නෑනෙ කියලා,හැබැයි එයාගෙ නම් අදහස වුනේ කරන්න මොනවම හරි
දෙයක් ඇති කියලා.ඒක නිසාම මේ පෝස්ට් එක දාන්න හිතුනෙ...
On
2:58 PM
|
4
comments
Tuesday, August 7, 2012
Friday, August 3, 2012
වසන්තයේ සිත සැලුනා අවසාන කොටස
එනම් මිලාන් ව කැනඩායට
රැගෙන යාමට ගත් තීරණය නිසාය.මෙයින් මිලාන්ගේ හිතට විශාල කලකිරීමක් ඇති වුන නමුත්
ඔහු එය දරාගෙන සිටියේ තම මවට සත්‍ය පැවසීමට තිබෙන අකමැත්ත නිසාය.කෙසේ හෝ මිලාන්ගේ
සියලු බලාපොරොත්තු සුන් කරමින් ඔහුට කැනඩාවට යන්න සිදුවිය.එහිදී ඔහුව පරික්ෂාකර
බැලූ වෛද්‍යවරැන් පැවසුවේ ඔහුගේ හිතේ තද කළකිරීමක් ඇති බවය.කලින් කල ගෙවී යත්ම
ඔහුට සිය ජීවිතයේ ඉතුරැ කාලයද ගෙවීමට සිදුවන්නෙ කැනඩාවේ බව නිසලීට දැනගන්නට
ලැබුනි.කෙසේ හෝ මිලාන් නිසලීව අමතක කරේ නැත.ඔහුට හැකි හැම වෙලාවකම නිසලී සමග
දුරකතනයෙන් කතා කරන්නට විය.නමුත් සිත් තැවීම අඩුවක් නොවීය.මෙසේ කාලය ගතවෙද්දී
මිලාන්ගේ දෙමාපියන් ඔහුට විවාහ යෝජනාවක් ගෙන ආවේය.මිලාන් නම් ඇයට කිසිසෙත්ම
කැමැත්තක් දැක්වූයේ නැත.ඒ නිසාම ඒ විවාහයට ඔහු අකමැති වුනි.පසුව ඔහු විසින්ම ගොස්
තම මවට තමන් නිසලි ට ආදරය කරන බවත් ඇයව විවාහ කරගන්නට කැමති බවත් කියා සිටියේය.ඉන්
සති කිහිපයකට පසුව ඔවුන් යළි ශ්‍රී ලංකාව බලා පිටත් විය.ඒ නිසලි ගේ දෙමාපියන් සමග
මේ ගැන කතිකා කර ගැනීමටය.
On
11:43 AM
|
4
comments
Thursday, August 2, 2012
Subscribe to:
Posts (Atom)