Monday, December 31, 2012

පුළුවන්නම් මගේ මතකේ නුඹේ හිතේ ලියාගන්න



ඔරුවකට බර වෙලා දිගින් දිගට පැඳ යද්දි
මට දැනුනා ජීවිතය මගේ ළඟ නුඹ ඉද්දි
සතුට මගෙ සැනසීම නුඹෙ තුරුලෙ නැළවෙද්දි
නොදැනුනා නොවේ මට හිමින් ඇස් පියවෙද්දි

අපි දෙන්නා ඇවිද ගිය මග නිතර හමුවෙද්දි
මතකයන් හිත පුරා මගෙ නිතර පෙරළෙද්දි
නුඹ මගේ සිහින තුළ නිතර දඟකම් කරද්දි
හිමින් නළලත් තෙමුවෙ පපුතුරට නුඹ එද්දි 

හිත පුරා දැකගන්න මගේ හිත ලත වෙද්දි
නුඹ ගියා බොහෝ දුර මම මෙතන තනිවෙද්දි
දුර ඈත නුඹ ගියාට හිත ඇතුළෙ නුඹ ඉද්දි
තවත් ආදරෙයි මම නුඹ එපායැයි කියද්දි

හදවතින් නුඹ ගාව හැමදාම මම ඉද්දි
නුඹ යනෙන හැමතැනම හුස්මක් වගේ එද්දි
පණ සේ රකිමි යයි පුන පුනා මම කියද්දි
ඇයි එපා කිව්වෙ නුඹ ආදරේ මම දෙද්දි

මම මෙහේ මඟ බලන් දොරකොඩට වී ඉද්දි
දුර ඇදී යයිද නුඹ කියා සිත විමසද්දි
දැනටමත් නුඹ මගට ඇති බව හිතට මම පවසද්දි
නුඹ කියයි එන්න බැහැ,මගේ හිත පිච්චෙද්දි

නෑවිදින් හිටියාම ආදරේ අඩුවෙයිද?
නෑ නුඹට වැරදිලා,නුඹ මගේ හුස්ම ටික
නෑවිදින් නුඹ ගියත් මෙය හිතේ ලියා ගන්න
ආදරෙයි හැමදාම නුඹට මම පණ සේම!! 

හිත තැවෙන හැටි දන්නෙ නුඹ නේද වැඩියෙන්ම
නුඹ නමින් මා ඉන්නෙ දැන සිටි නේද නුඹ
නුඹ නොමැති වුවොත් ළග මට කුමක් වේවීද
හිත සින්නකර දුන්නෙ රිදවන්න නෙවෙයි මම

ගැහෙන මේ හිත තාම නුඹ සොයයි සැනසෙන්න
මම ඉන්නෙ හිර කරන් බොහෝ දේ කියන්නට
හඩන සිත ගොළුවේවි දඟ කරන දෙතොල් ලඟ
කන ළගට මම ආවේ ආදරෙයි කියන්නට


කවදා හරි අහස යට අපි දෙන්නා හමුවේවි
ඇතැම්විට වෙන අතක් නුඹේ අත පැටලේවි
ඒ දිනට මගේ හිස් සුරත නුඹට දිස් වේවි
සුරත හිස් වුනු නමුත් හිත නුඹෙන් පිරී යාවී

මියයාවි මා දිනක එදිනට පැමිණෙන්න
මම ආස සුදු රෝස මල් මිටක් ගෙන එන්න
ඇවිත් හඩන්නට එපා නුඹෙ කදුළු බෑ බලන්න
මලක් මා අත තබා දෙයක් මට පවසන්න

ඇත්තටම කිසිදාක නුඹේ සිතේ මා නොසිටියෙද?
මගෙන් මොනවාම හරි වැරද්දක් වුනාවද?
අඩුපාඩුකම් මුකුත් මගෙන් නුඹට උනාද?
දැන්වත් කියන් මට ආදරෙයි නුඹ මෙමට..

මගේ මියගිය සිරුර කර මතින් ගෙනයන්න
දැවෙන ඒ ගිනි ගොඩට මා දමා ඔබ යන්න
නමුත් මට එක වරක් මේ ගැනත් පවසන්න
පුළුවන්නම් මගේ මතකේ නුඹේ හිතේ ලියාගන්න..







මේ 2012 අවුරුද්දේ ශම්මිගේ අවසන් පෝස්ටුව...
හැමෝටම කිරියෙන් පැණියෙන් උතුරණ, කරදර,ජරමර,බරබර මුකුත්ම නැති වාසනාවන්ත සුබම සුබ 2013ක් වේවා..!!! 


39 comments:

  1. කවි අදහස ලස්සනයි..

    සුභ 2013 වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියණ්ඩියා, ඔයාටත් සුබම සුබ 2013ක් වේවා!!

      Delete
  2. 2013 සුබ අලුත් අවුරුද්දක් වේවා,,,,

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුබ 2013ක් වේවා!!!

      Delete
  3. එල වේවා !!!! වාසනාවන්ත දනුමෙන් පිරි සුබ වර්ෂයක් වේවා !!!!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා!!... සතුටින් වාසනාවින් පිරි සුබම සුබ 2013ක් වේවා!!...

      Delete
  4. ලස්සන කවි අදහසක්..

    ලබන්නාවූ 2013 වසර වාසනාවන්ත වසරක්ම වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ළිහිණි අක්කෝ...ඔයාටත් මේ ලබන්නාවු අවුරුද්ද සුබම අවුරුද්දක්ම වේවා!!

      Delete
  5. සුබ නව වසරක් වේවා ශම්මි !

    ReplyDelete
    Replies
    1. හේ හේ...ටැන්කූ, ඔයාටත් සුබම සුබ නව වසරක් වේවා!!..

      Delete
  6. ලස්සන කවි අකුරු ටිකක්!
    සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට... සුබම සුබ නව වසරක් වේවා!!

      Delete
  7. මට තේරෙන ලව් කිව්වලු...හික්...
    සුභ නව වසරක් ශම්මිටත්...!!!

    ReplyDelete
    Replies
    1. හික්ස්,ස්තූතියි මල්ලියා...ඔයාටත් සුබ 2013ක් වේවා!!

      Delete
  8. අඩේ.. මේක මිස් වෙලා..
    2013 සුභ වේවා!!!
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!!

    ReplyDelete
    Replies
    1. මම බැලුවා මොකෝ නැත්තෙ කියලා, :( ඔයාටත් සුබම සුබ 2013ක් වේවා අක්කියා..!!
      ජය!! :D

      Delete
  9. නංගි ශම්මිටත් සුභම සුභ නව වසරක් වේවා....!!
    ඇයි මේ වගේ කවි සැට් එකක් එක පාර ලියන්න හිතුනේ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අය්යණ්ඩියා...ඔයාටත් සුබ.......නව වසරක් වේවා!!..
      ම්ම්.. ඊයේ ලිව්වා,,එ වෙලාවෙ හිතට දැනුන දෙයක්,එහෙම්මම කවියකට පෙරළුනා කිව්වොත් හරි.. :)

      Delete
  10. හරිම ලස්සනයි ශම්මි .හරිම දක්ෂ විදිහට ලියල
    තියෙනවා..( මන් උඩින් පල්ලෙන් තමයි කියෙව්වේ ,
    පොඩ්ඩක් විතර ඕව දකිද්දී අතීතය ඇවිස්සෙනව හිත
    යටින්. ඒ නිසා අකුරක් අකුරක් ගානේ රස වින්දොත්
    ප්‍රති ඵල භයානක වෙනවා මට )
    දිගටම මේ වගේ ලියන්න ..බලන්න එන්නම්කෝ...

    ඔබටත් , ඔබගේ පවුලේ සියලු දෙනාටත් ලබන්නා වූ
    නව වසර වසනා වන්ත නව වසරක් වේවා

    ane me araka daannako...
    nathnam danaganne kohomada :(

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට යාළු..අනේ මම දැම්මනේ ඔයා කියපු නිසාම..චුට්ටක් බලන්නකෝ යාළු බ්ලොග් එකේ උඩින්ම වම් පැත්තෙ තියනවා..මම්ම්ම්..බලලා මට පොඩ්ඩක් කියන්නකෝ..

      ඔයාටත් ඔයාගෙ පවුලේ හැමෝටමත් වාසනාවන්ත සතුටින් පිරි සුබම සුබ නව වසරක් වේවා..!!

      ජය!!

      Delete
    2. හපොයි දරුවෝ මන් කිව්වේ ඒ දේ ගැන නෙවේ ..
      මන් කිව්වේ කමෙන්ට් කරද්දී එතන යටින් එන
      "කමෙන්ට් සබ්ස්ක්‍රිප්ෂන් by e mail " ගැන දරුවෝ...
      අනේ ඔයා මහන්සි වෙලා ඒ උනාට මන් කිව්ව
      හින්ද..

      Delete
    3. හෑ...අනේ... මම දාන්නම් ඒකත්...කාගෙන් හරි සපෝර්ට් එකක් ගන්න වෙනවා හැබැයි.. මම දන්නෙ නෑ ඒක ගැන නම්..ම්ම්ම්.. ඒක මටත් හොදයිනෙ.. ටැන්කූ.. :D (Y)

      Delete
  11. අයි හේට් කවි ස්ටෝරි :)

    හැපී නිව් ඉයර් :)

    ReplyDelete
    Replies
    1. :/ ඒ වුනාට කමක් නෑ,මගේ බ්ලොගේට ආවාම කියවන්න ඕනි..හික්ස්
      හැපි නිව් ඉයර් මලයෝ....!!

      Delete
  12. ශම්මියෝ වාසනාවන්ත නව වසරක් ඔබට උදා වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...!! ඔබටත් පවුලේ අයටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

      Delete
  13. අදත් කවි ටික එළ!

    2013 අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් වේවා ඕං! නොකිව්වයි කියන්න එපා පස්සේ. ;)

    ReplyDelete
    Replies
    1. හික්ස්... තැන්කූ අය්යා.. ඔයාටත් 2013 සතුටින් ඉතිරුණු වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා..

      Delete
  14. Replies
    1. ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කෝ...
      ජය!!

      Delete
  15. harima apuru rasawath adahasak...
    Hithe pathulatama waduna..

    Oyatath subha nawa wasarak wewa !!!
    Siyalu yahapath pathum itu wewa !!!

    Jayama wewa !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළු..... ඔයාගෙත් සිතුම් පැතුම් ඉටු වෙන වාසනාවන්ස සතුටින් ඉතිරුණු සුබම සුබ නව වසරක් වේවා.!!!..
      ජය!!

      Delete
  16. අදයි ආවෙ මේපැත්තට....ලස්සනම ලස්සන කවිටික.....
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කියෝ ඔයාට........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගෝ...සාදරයෙන් පිළිගන්නවා ඔයාව...ඔයාටත් වාසනවන්ත නව වසරක් වේවා!!

      Delete
  17. ටැන්කූ රජා....ඔයාටත් එසේම වේවා...!!

    ReplyDelete
  18. සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!

    ReplyDelete
    Replies
    1. හේහේ...තැන්කූ වේවා... අය්යණ්ඩියටත් එසේම වේවා... !!!

      Delete
  19. ලස්සනට ලියලා අනේ.බූට් කාපු අත්දැකීමක් නේ

    ReplyDelete
    Replies
    1. apoo naaaaaaaa......... ehema ekak newei,e welawe wechcha deyak nisa nikan apu sithuwillak akuru kara vitharai :)

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?