Thursday, December 13, 2012

සටහන් කරගත්තේ නුඹේ රුව




හසුකරගන්නට නුඹේ රෑපය
මගේ කැමරා කාචයට..
කොච්චර නම් වද වුනිද..
තියාගන්නට නුඹව එකතැන..
එක විදියකට..

එපා එපා කියමින් එහෙ මෙහෙ පනින
නුඹේ හැඩිදැඩි රුව..
අසුකරගන්නට කැමරාවට..
කොච්චර නම් බොරු කියන්නට වුනිද මට..
පුංචි එකෙකුට මෙන්..

මට බැනවදිමින් දග කරනා නුඹව...
කෙසේ හෝ සටහන් කරගත්තේ කැමරාවට..
මට බල බලා ඉන්නට නොවෙයි..
දවසක පෙන්නන්න අපේ පුංචි පැටවුන්ට
ඔවුන්ගේ තාත්තා තරුණ කාලයේ කොයිතරම් නම් ලස්සනද යන වග...

38 comments:

  1. අදරේ ඉතිරෙනවා හරිම ලස්ස්නයි....

    ReplyDelete
    Replies
    1. හිහි...ස්තූතියි යාළු!!

      Delete
  2. අපෙ අප්පෝ ශම්මිය ගිය දුර :D
    හරිම මෙව්ව එකක් දැනුන අන්තිම ටික කියෙව්වම

    "කෙසේ හෝ සටහන් කරගත්තේ කැමරාවට..
    මට බල බලා ඉන්නට නොවෙයි..
    දවසක පෙන්නන්න අපේ පුංචි පැටවුන්ට" ^_^

    ReplyDelete
    Replies
    1. ;) කොව්වා එකක්ද දැනුනෙ ඈ... හිහි...ටැන්කූ සමියෝ..... (Y)

      Delete
  3. අනේ අම්මියෝ...ශම්මියට හිතෙන දේවල්.. ඒ උනාට පුතෙක් නම් ඒ හැඩරුව ආවම කියන්නත් පුළුවන්..පුතා ඒ කාලේ තාත්තා වගේමයි කියලා... :)

    ReplyDelete
  4. හෑ.... පුතා වුනත් මම හිතන්නෙ නෑ තාත්තා තරම්ම ලස්සන වෙයි කියලා ;)කෝමත් ජාති දෙකෙන්ම එපැයි..

    ReplyDelete
  5. ඈ.............මොකද්ද වෙලා මෙව්වා උනානේ ඈ..

    ReplyDelete
    Replies
    1. හෑ.... මෙයාලා ඔක්කෝටම මෙව්වා වෙලානෙන්..සැහ්..දැන් මාවත් මෙව්වා වෙනවා.. :(

      Delete
  6. එච්චරටම කැමරාවට බයද එයා? :0

    ReplyDelete
    Replies
    1. හෑ... නෑ අනේ..ඒත් පොටෝ ගන්න ඉන්නෙ නෑ.. :/

      Delete
  7. හික්ස්
    හොඳා හොඳා

    ReplyDelete
    Replies
    1. ටැන්කූ අය්යා!!

      Delete
    2. ඔයා නිසානයටත් බාලද?

      Delete
    3. මම ඉපදුනේ 92 :)

      Delete
    4. එහෙනං ඔයා මට අවුරුද්දකින් අක්කා කෙනෙක්..:) මම 93 එකෙක්..:)

      Delete
    5. අලේ ඕකේ මල්ලියා!!

      Delete
    6. :/ හුටා මාත් 92නේ ඒකත් දෙසැම්බල් මාසේ.
      ඇඩෙනවා තනි ඇහැට ශම්මියා අක්කෙක් O_o

      Delete
    7. හෑ..බොලානෙ මට මුලින්ම නංගි කියලා කිව්වෙ.. මට කොරන්න දෙයක් නෑ දැන් :P

      Delete
    8. @ම.නි. :
      ඒකනේ මලේ. අපි වගේ අසූ ගනන්වල ඉපදුනා නම් අහවරයි නේ. කොහෙද මෙක ලා ඉපදිලා තියෙන්නේ අනූවත් පන්නලා නෙව :)

      Delete
    9. හික්ස්... ලැජ්ජාවේ බෑ නිශාන්.. මෙයා මට නංගි කියලා තියෙන්නේ මටත් වැඩිය මාස දෙකක්ම බාලත් වෙලා:P

      Delete
  8. මල හත් ඉලව්වේ , කොමත් ඒ මනුස්සයටා මේ කතාව දැන් අනාගතේදී වැටි , ඔයාගේ සිනි බෝල කතා වලට අහු නොවෙන්න :D

    ReplyDelete
    Replies
    1. තේරුනේ නෑ :O :O අනේ බොලව්..මම කාටවත් සීනි බෝල කතා කියන්නෙ නෑ හරිය... එකම දේ හිතට එන දේ එඩිට් නොකරම කියා දානවා ..

      Delete
  9. හිහී.. මං හිතුවේ පොඩි එකාගෙ පොටෝ එක තාත්තට පෙන්නන්න ගන්නවා කියලා..:)

    ReplyDelete
    Replies
    1. O.o හෑ... ඒම එකෙක් නෑ තවම.. අනික තාත්තා ළගින් ඉදන් ලයිව් බලන්න එපැයි..මුකටෙයි පොටෝ ගහන්නෙ :D

      Delete
  10. අම්මෝ මෙයා හිතලා තියෙන දුර !!
    ඒක නෙමේ මොකද ඔයා හැමතිස්සෙම ඇස් දෙක ලොකු කරගෙන අපි දිහා බලාගෙන ඉන්නේ (උඩ හෙඩර් එක බලන්න)

    ReplyDelete
    Replies
    1. හික්ස්... ඒම තමයි...මම බලාන් ඉන්නෙ ඔයාලා මුනාද කරන්නෙ කියලා.. ඇලර්ට් එකේ ඉන්න එපැයි ඈ..

      Delete
  11. ෆොටෝ එකේ අගය වැඩිවේවි ඒ කාලෙට.. ෆොටෝ එක ගන්න කොයිතරම් මහන්සිවුණාද මතක්වෙනකොට.. :)
    ලස්සනයි සිතිවිල්ලත්, නිර්මාණයත්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නන්දු, ඔව් ඔව්.. පොටෝ එක නම් දැනටත් වටිනවා.. හැබැය් ඒ කාලේ වෙද්දි අගය මීටත් වඩා වැඩි වෙයි තමයි.. :)

      Delete
  12. හි.....නියමයි නියමයි :)

    ReplyDelete
    Replies
    1. ආව්ව්ව්..හිරු අක්කියා කාලෙකින්..!! ටැන්කූ අක්කෝ!

      Delete
  13. මට නම් තියෙන්නේ අපේ අම්මගේ මූනුවර ඇස් දෙක නහය ,
    මූනේ පෙනුම ...
    ඒ උනාට තාත්තගේ කට ඇවිත් තියෙනවා..(බාහිර පෙනුමෙන් )
    හ්ම්ම්ම්ම් ගති ගුණ නම් දෙන්නගෙම ඒවා තියෙනවා මගේම ඒවා
    එක්ක 1 ට හතේ අනුපාතෙට මිශ්‍ර උන...
    දවසක් අපේ අම්මගේ යාලුවෙක් ආව හොයාගෙන හොයාගෙන
    ඒ ආවේ අවුරුදු 30 කින් විතරලු අපේ අම්මව හොයාගෙන..ඒ එද්දී
    මන් තමා එලියට ගියේ.මාව දැක්ක ගමන් එයා අදුන ගත්ත එයා
    හොයන ගෙදර හරි කියල.එහෙම සිද්දි ගොඩක් වෙනවා අම්මගේ
    යාලුවෝ ඉස්සරහදි අවුරුදු ගානකින් හම්බුණ...
    අද තම මන් අවේ මේ පැත්තේ මට මතක හැටියට..ඒත් මන්
    මේකේ ෆලෝ කරලා තියෙනවනේ බොලේ..

    email sub danna bahane ai e?

    ReplyDelete
    Replies
    1. ඔව්නි ඔයා අදම තමයි ආවේ මේ පැත්තට, අහ්හ්...මමත් නම් තාත්තාගේ මුහුණුවර,අම්මගේ පාට සූට්ටක් ගෑවිලා තියනවා.. ඒත් කවුරුත් තාම හරියටම කියලා නෑ..මම කවුරු වගේද කියලා,දෙන්නගේම ගතිගුණ පොඩ්ඩ පොඩ්ඩ තමයි ඇවිත් තියෙන්නෙ.. ගොඩක්ම තියෙන්නෙ මටම ආවේණික ඒවා.. හිහි ස්තූතියි යාළු මේ පැත්තට ආවට.. ම්ම්..ඊමේලේ සබ්ක්‍රයිබර් දාලා නෑ.. මම ඇඩ් කරන්නම්.. ආයෙත් එන්න.. සාදරයෙන් පිළීගන්නවා ඔයාව..
      ජය!

      Delete
  14. මෙන්න හිරුහිමාගේ අනිත් එක...
    සෑහෙන දුර හිතනවා නේ...

    ReplyDelete
    Replies
    1. ^_^ එහෙම ඉන්න එපැයි අනේ... දැන්මම ඔව්වා කරගත්තම ආයේ කරදර නෑනේ..

      Delete
  15. සෝයි අනේ... ඇත්තටම ආදරේ ඉතිරෙනවා...
    දෙවෙනි ෆොටෝ ඒක නම් ඔන්න ඉස්සුවා මං ඈ..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ටැන්කූ අක්කියෝ.... අලේ උත්තන්න අලේ...හික්ස්..
      ජය වේවා..!!

      Delete
  16. අනේ අප්පෝ..ම‍ටත් මේ වගේ සිද්ධියක් වුනා..Photo ගන්නවට මේ තරම් අකමැති මොකද මන්ද නේද?හී..හී..ලස්සනයි ශම්මියෝ ඔයාගෙ හිතට දැනුන මේ පද පෙළ

    ReplyDelete
    Replies
    1. ඒකනේ නේ... අකමැතිද නැත්තම් බයයිද දන්නෑ :) හික්ස්...ටැන්කූ හිමා..

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?