හිතාගන්න බැරි පැත්තකට ජීවිතේ
ගලාගෙන යද්දි.කවමදාවත් බලාපොරොත්තු නොවුනු මිනිස්සු ජීවිතේ ඇතුළට එද්දි.මේ ජීවිතේ
කොච්චර නම් පුදුමද කියලා හිතෙනවා.
මුලු ලෝකෙම කියලා මවාගෙන
හිටපු දේවල් එක තැනකද බොරැවක් වංචාවක් වෙලා නවතිද්දි.කොහේදෝ තිබ්බ දෙයක් හිත ඇතුළට
මදිවට දැන් ජීවිතේ ඇතුළටත් ඇවිල්ලා මේ තරම් පෙරළියක් කරයි කියලා නිකන්වත් හිතුවෙ
නෑ.ඒ මොනවා වුනත් හැමදාම බලාපොරැත්තු වුනු ආදරේ අහම්බෙන් ආපු ඔයාගෙන් ලැබෙද්දි හැමදාම
මෙතන නැවතිලා ඉන්න තියනවනම්,කාලය නැවතිලාම තියනවනම්,ඔයා ගාවම නතර වෙන්න තියනවනම් කියලා
හිතෙන වාර අනන්තයි.ඔයා මට ආදරේ නෑ කියලා ඔයාම කියද්දිත් මට තව තවත් ඔයාටම ආදරේ
හිතෙන්නෙ මං තවත් ඔයාටම ආදරේ කරන්නෙ ඇයි කියන ප්රශ්නෙත් හිත උඩට එනවා.ඒත් ආයෙ ඒ
හිතම කියනවා මනුස්සයෙක් ළග තියෙන්න ඕන මනුස්සකම අවංකකම වගේ අනිත් හැම ගතිගුණයක්මත්
කිසිම අඩුවක් නැතුව තියන ඔයාට ආදරේ කරන්න ලැබුන එකත් වාසනාවක් කියලා..
