අද මං දැකපු ලස්සන තැනක්
ගැන මේ කියන්න යන්නෙ...පෝස්ට් එකක් විදියට නම් දාන්න ඕන වුනේම නෑ.ඒත් මේ තැන
දැක්කහම මගේ ඇස් දෙකට කදුලු ආවා.වෙන මුකුත් නිසා නෙවෙයි.මං හරි ආසයි ලස්සන ලස්සන
තැන් වලට.ගිහිල්ලා ඉන්න,ඇවිදින්න,දවස් ගාණක්ම ඒ තැන්වල ලස්සන බලන්න.ඒ නිසාමයි තොරතුරැ
තාක්ෂණය විෂයක් විදියට හැදෑරැවත් පස්සෙ ආසාව වෙනස් කරලා ටුවරිසම් මැනේජ්මන්ට් කරන්න
ගත්තෙ..ලෝකෙ කෙසේ වෙතත් රට වටේම යන්න පුලුවන් නිසා
ඉතින් කොහොම හරි අද මං
මේ තැන දැක්කෙ අහම්බෙන්.හරියටම කිව්වොත් මගේ ෆේස්බුක් එකට මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක්
රික්වෙස්ට් එකක් එවලා තිබ්බා.ඒයා ටැග් වෙලා හිටිය පොටෝ එකකින් තමයි මේ තැන
දැක්කෙ...ම්ම්ම්ම් කියන්න කණගාටුයි මම ගැනම මම මේ තැන ගැන අහලා තිබ්බට කොහොද
තියෙන්නෙ,කොයි පළාතෙද, කියන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ..ඒවා කොහොම වුනත් මේ තැන
මෙච්චර ලස්සනයි කියලා නම් හිතුවෙම නෑ...(හිතන්න දැකලා තිබ්බෙත් නෑ)