Saturday, October 15, 2016

ආදරේ කියන්නේ ලබාගන්න දේකට විතරක්ම නෙවෙයි, හම්බකරගන්න දේකට



ඔව් ඉතින්?
ඉතින් අහන්නේ, එක විනාඩියක් කට පියාගෙන ඉන්නවා
හරි වැඩක්නේ, ඇයි කතා කරනවට අාණ්ඩුවෙන් බදු අය කරනවද?
එහෙම කරානම් එහෙම ඔයා කියවන තරමට අපි පාරට වැටිලා නවතින්නේ, බඳු ගෙවලම

දැන් එතකොට ඒකෙත් වැරද්ද මගේ පිටද
නැතිනම්, මමද කියවන්නේ?
ඒ මේ මම් බඩ්ඩක් කියන්නද?
මොකක්ද?
මම් සම්පූර්ණ වෙලාවම කියවන්න ගන්න නිසා තමයි ඔයා කියන ඒවාට ඇහුම්කන් දෙන්න වෙලාවක් නැත්තේ

ඒක තමයි මම කියන්නේ කට පියාගෙන ඉන්නවා කියලා දැන්වත්




කෝ එනවා බෝල කෙල්ල 
කොච්චරවත් රංඩු කරන එකමයි කරන්නේ මොනවට හරි 

අපි මේ කොහේද යන්නේ? 
ජීවිතේ කෙළවරටම 
ඒ කියන්නෙ මැරෙන්නද? :O 
නැහැ ඕයි එනවාකෝ කට පියාගෙන

හිනාවෙන්න,රංඩුවෙන්න,අඩන්න,බනින්න හැමදේටම අපි කාටත් අන්තිමට ඉතිරිවන්නෙ එක්කෙනයි.. දෙමව්පියො දවසක වෙන්වෙලා ගියාම අපේ තෝරාගැනීම වැරදිලා තිබ්බොත් අපේ ජීවිතවල සතුටත් ඒත් එක්කම නැතිවෙලා යාවි.. 
(පොදුවේ කියන්නේ හරිය, දැකපු අහපු නොලිය බැරි දේවල් කීපයක්(මගේ දෙයක් නොවන බව සලකන්න)


කෙනෙක්ට ගහන්න ඒ කෙනාගේ අස්ථි බිදෙන්න, ඒත් හිත් බිදෙන්න නෙවෙයි, ජීවත් වෙන්න ජීවිතේට හුස්ම දෙන කෙනෙක් එක්ක, නැතිව ගන්න හුස්මට විස පොවන කෙනෙක් එක්ක නෙවෙයි, පැණි වදයක් වගේ ජීවිත් වෙන්න පුළුවන්කම තියාගෙන, මල වදයක් කරගන්නෙත් අපිමයි.. 

                  මේ ටිකේ දැකපු අහපු කතා එක්ක අපි කාටත් කොහේ හරි තැනක වරදිනබව තේරුම් ගියා, මේ හැම වැරදීමකටම මුල තෝරගැනීම්වල වැරද්ද මිසක් වෙන දෙයක් නෙවෙයි, තමන් තමන්ගැන තියෙන අවබෝධය වැඩිවෙන තරමට හුඟක් දේවල ප්‍රතිඵල වර්තමානයට වඩා වෙනස් වෙන්න පුළුවන්

ගලාගෙය යන ජීවිතේ ඉස්සරහ අපිට අපේම කියලා ඉලක්ක තියෙනවා, ඒත් ඒ හැම ඉලක්කයක්ම පරිපූර්ණ කරගන්න අපිට යම්විදියකින් ලඟින්ම ඉදන් ශක්තියක් වෙන ගොඩාක් අය ඉන්නවා. ඒ නිසා අපිට ඒ අය වෙනුවෙන් කරන්න වැඩ කොටසකුත් තියෙනවා,ඒ කිව්වේ ඒ හැමෝම, අම්මා,තාත්තා සහෝදරයෝ, නෑදෑයො, අපි එක්ක ඉන්න යාළුවෝ, ආඩම්බරයක් වෙන්න එයාලට. ඒ අතරින් කෙනෙක් විශේෂයි. ඉන්න එයා එක්ක, අත අල්ලගන්න වැටෙන හැම වෙලාවකම. 

හ්ම්ම්....

       ෆැන්ටසි හීන ගොඩක් අතරේ අපි ජීවත් වෙද්දි බහුතරයකගේ ජීවිතේ/හිතේ ලොකු කොටසක් ආදරේ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා.. කෙනෙකුට ඒක මගේ ආදරේ වෙද්දි, තව කෙනෙකුට ඒක මළ ඉලව් ආදරේ වෙනවා.. සමහර වෙලාවට දවසක රස වූ දේම දවසක වස වෙනවා.. 

               ඇත්තටම නම්...

ආදරයට කළනොහැකි දෙයක් නැත, එසේම ආදරයට කළ හැකි දෙයකුද නොමැත. ආදරය නම් හුදෙක්ම හැඟීමකට වටිනාකමක් දීම සඳහා භාවිතා කරනු ලබන වචනයක්මය. ඇතැම් අයට ආදරය නම් රාගයම වෙද්දී තවත් කෙනෙකුට ආදරය සිය ජීවිතය වේ. ආදරයට ආදරය කළ යුතුව ඇත. රාගය යනු හුදෙක්ම ආදරයේ අතුරු පැතිකඩක් පමණකි. ලෝකයා ඉදිරියේ අයිතිවාසිකම් කියූකළ රාගය දක්වා ආදරය ගෙනයා හැකිය. එසේ නම් එතෙක් පැවතිය යුතුවන්නේ පෞද්ගලික අයිතිවාසිකමක් ඇතුළත ආදරය කිරීමය. ඇය මගේ අයිතියයි. ඇය ආරක්ෂා කිරීම මගේ වගකීමයි. මා ඇය පරිස්සම් කළයුත්තේ ඇය මගේ නිසාවෙන්ය. මා ඇයට ගෞරව කළයුතුව ඇත, මා එය කරනු දකින අනිත් හැමෝවමත් මගේ වූ ඇයට ගෞරව කරනු ඇත.

                  අප ලෝකයේ මිනිසුන් දහස් ගණනක් එදිනෙදා දකිමු, සිය ගණනක් ආශ්‍රය කිරීමෙන් පසුව, දහ දෙනෙකු සමඟින් මිතුරු වන්නෙමු, එයින්ද එක් අයෙකු පමණක් තෝරාගන්නෙමු. ඇය විශේෂයි. ඇයට පමණක් මා කියන දෑ බොහෝය. ඇයට පමණක් කීමට හැකිදෑ බොහෝය, ඇයට පමණක් කිවයුතු දේ බොහෝය. ඒ ඇය මගේ නිසාවෙන්ය. අයිතිකර ගැනීමෙන් පසුව ඇය තමන්ගේම පමණක් නිසා ආදරය නොකළ හෝ අඩුකළ යුතුයැයි සාධාරණ කරුණක් නොවෙති. අයිතියෙන් පසුව ආදරය වැඩිවිය යුතුය. එනම් ඇයට තව දුරටත් අන් අයට හෝ, අන් අයට තව දුරටත් ඇයට ආදරය කළනොහැකි නිසා මෙන්ම, අයිතිකර/අයිතිවිය නොහැකි නිසාය. මා ඇය පරිස්සම් කරගත යුතුය. මට මගේම ලෝකයක් ඇත. මා විසින් එය නිමවා ඇත. ඇය එහි සින්නක්කර අයිතිකාරියයි.

                              දිනපතා මා සමඟ රණ්ඩු කරන හිතුවක්කාරිය දිනෙක මා නිසා මුළු ලොවම සමඟ රණ්ඩු කරනු ඇත. දකින්නේ පෙනෙන්නේ කෙසේ වුවත් මා ඇය ගැන දන්නා තරමින් මා ඇය පරිස්සම් කරනවාටත් වඩා ඇය මා පරිස්සම් කරනු ඇත.

කීප දෙනෙක්ට එක සැරේ ආදරේ කරන එක ලේසි ඇති, ඒත් එක්කෙනෙක්ට හදවතින්ම ආදරේ කරන එක අමාරුයි!




ඉහත කතාව 2014  ඩ්‍රාෆ්ට් එකේ සේව් කරලා තිබ්බ එකක්, මකුළු දැල් කඩාගෙන යද්දි, ආයේ බ්ලොග් එකේ ලියන්නත් දේවල් මතකයට එන එක අඩුත් නිසා, ඩ්‍රාෆ්ට් එකේ පෝස්ට් ටික එළියට ගන්න ඕනි කියලා හිතුවා. 
ඒ නැතත්, මෑත කාලයේදී අහපු, දැකපු, විඳපු ගොඩක් දේවල් නිසා මේ පෝස්ට් එක න්න ඕනෙමයි කියලා හිතුනා. මතක ඇතිනේ, සවනි මගේ මං සවනිගේ කියා කියා බාලාංශ පංතිවල රැඩිකල්ප්‍රේමවන්තයගේ රැප් එක එහෙම. :3 අමතක වෙන්න බෑනේ.දැන් පුංචි එවුන් හරි ඉක්මනට ලොකු වෙනවා(තේරුමක් නැතිව) හරි ඉක්මනට ඉගෙන ගන්නවා(හරයක් නැතිව) හරි ඉක්මණට දියුණු වෙනවා (වැරදි පැත්තට). පොඩි අය විතරක් නෙවේ, අපේ කාලේ පණ්ඩිතයොත් ඉන්නවා ඒ අතරේ :D 
                  
                 







1 comment:

  1. අවුරුදු කෙළකෝටි ගාණකින් නේද ආපහු ආවෙ..?

    ReplyDelete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?