ජීවතේ කොයි වගේද කියලා - ජීවත් වෙලාමයි බලන්න ඕනි
විවිධාකාර මිනිසුන් ජීවිතේට එන යන,ගොඩවෙලා යන, ඇවිත් නතර වෙන වකවානුවක අපිට අපේම කියලා ළෙංඟුතුකම් අපේමකම තියෙන බැඳීම් අතලොස්සක අපි නතර වෙද්දි. අපේ දේවල් අපේ නෙවෙයි දැනෙන් කාලේකදි, අපිට අයිති නැති දේවල් අපේම දේවල් වෙන හැටි
ජීවිතේ පුදුමාකාරයි
කවුද කියන්නේ?
මම
එහෙම දෙයක් නෑ, ජීවිතේ කොයි වගේද බලන්න ජීවත් වෙලමයි බලන්න ඕනි
වටපිටාවක ලස්සන දකින්න නම් අමාරුවෙන් වුනත් කන්ද මුදුනටම නගින්න ඕනි, ඒත් කන්දක් තියෙනවනම් පල්ලමුකත් තියෙනවා කියන එක අමතක නොකරන තරමට නොවැටී ඉන්න පුළුවන්කම වැඩී..
අපේ, මගේ, ඔයාගේ, අරයගේ.. කොතනත් මමත්වය පිරිලා යද්දි අන්තිමට ඉතිරිය මොකක්ද කියලා අපිම දන්නේ නෑ, තැන් තැන්වල එකිනෙකාපරයා යෑමේ වුවමනාව.. මොනවටද?
ගාල්ලට ගියොත් කියාවි මුහුද අපේ කියලා, නුවරඑළියට ගියොත් කියාවි ඈත පේන කන්ද අපේ කියලා, කොළඹ නම් කියාවි අපි කොළඹ කියලා, ඔක්කම සෙල්ලම් රියන් හයක් යටට යනකම්නේ..
එක එක අය එකක එක එක බැඳීම්, දෙමව්පියෝ, සහෝදරයෝ, යාළුවෝ, නෑදෑයෝ.. ඒ අතරන් තව එක විශේෂ බැඳීමක්.. ජීවිතේ ඉස්සරහට යද්දි අපිට හැමෝම එක්ක නවතින්න බෑ, අපි ඒ වෙනකොටත් එක්කෙනෙක් තෝරගෙන ඉවරයිනම්, ඒකයි කියන්නෙ අපේ තෝරාගැනීම ඉස්රම්ම එක්ක වෙන්න ඖනේ කියලා, ලෝකෙට පේන්න නෙවෙයි එකට ජීවත් වෙන්න,කෙල්ලො/කොල්ලො සීයකට ආදරේ කරන එක නෙවෙයි ආදරේ, තමන්ගෙ කෙල්ලට/කොල්ලට සිය විදියකට ආදරේ කරන්න පුළුවන්නම් ඒකයි ආදරේ එයාව සතුටින් තියන්න පුළුවන්නම් එච්චරයි...
එක තැනක සහෝදරයෝ සහෝදරයො රංඩු වෙද්දි, තව තැනක සහෝදරයෝ නෑ කියලා දුක්වෙන අය ඉන්නවා.. අපිට ඕනි හැමදේම අපිට ලැබෙන්නේ නෑ ඒකයි ඇත්ත.. ඒ දේ නැතිවුනා කියලා ජීවිතේ එතනින් නවත්නිනේ නැ.. හ
කෙනෙක් තමන්ගේ අම්මගේ/තාත්තගේ වියෝවෙන් දුක් වෙනවා තැනක අම්මා ළමයින්ව පාරේ දාලා ගිහින්, තාත්තා හවසට බීලා ඇවිත් ගහනවා කියලා ඒ දෙන්නා එක්ක වෛරෙන් ඉන්නවා,..
ජීවිතේ වෙනස්, ඒ වෙනසට මූණ දෙන්න, ජීවිත්වෙන කාලේ හැමදේම කරන්න බෑ, සුදුසු දේ විතරයි කරන්න පුළුවන්.. කෙලින් ඉන්න පුළුවන් වෙලාවට කොයි තරම් වඳුරු බණ කිව්වත් වැටෙන වෙලාවට හැමෝම වැටෙනවා..මොනවා කිව්වත් ඕකනේ ඇත්ත..
තැන තැන ගිහින් අරයා මෙයාගේ වැරදි කියන්නේන නැතිව, අනිත් අය තමන්ගේ හොඳ කියන විදියට ජීවිත් වෙන්න පුළුවනිනම්, අනිත් අයගේ මතකයේ හොද විදියේ මතකයක් තියන්න පුළුවන් විදියට ඉන්න පුළුවනිනම් ඒකයි ලොකුම ජයග්‍රහණය,.. ලොකුවෙලා දොස්තර කෙනෙක් වෙන්න පුතේ, ඉංජිනේරුවෙන් වෙන්න පුතේ කියලා කිවව්ට කීයෙන් කීදෙනාද දොස්තරයා ඉංජිනේරුවො වෙන්නේ?? ඒත් හැමෝටම මතකයේ රැඳෙන කෙනෙක් වෙන්න බැරිකමක් නෑ..
විවිධත්වයක් තියෙන්නෝනි පැවැත්මකට.. අපේ ජීවිත කොහේටද ය්නනේ, කවුද ඒ ඇතුළෙ ඉන්නේ, කාවද එලියට දාන්නෙ කියන දේවල් අපිටමයි පාලනය කරන්න පුළුවන්.. ඩ්‍රයිව්න් ලයිසන් එක ගත්තාම වගේ ජීවිතේ ලැබුනාම... වාහනේ පදවද්දි ඒකේ වගකීම අපේ වගේ තමයි ජීවිතේ වගකීමත් අපිමයි දරන්න ඕනි.. පිදිය යුත්තන් පිදිය යුතුයි වගේම තමයි කැපිය යුත්තන් කැපිය යුතුයි..
ජීවිතේ බැඳීම් ගොඩගහගන්න එක නෙවෙයි කරන්නෝනි.. හැම පුංචි බැඳීමකටම ආදරේ කරන එක..
ප.ලි - හෙන දුකක්නේ පෝස්ට් 8,9ක් තිබ්බත් ඩ්‍රාෆ්ට් එකේ පෝස්ට් කරන්න එක්ක නෑ.. ප.ප.ලි - ආයේ තව මාස 6කින් විතර එනකම් බායි වේවා... ^_^
කාලෙකින් ඇවිත් පෝස්ට් දෙක තුනක් දාලා ආයෙත් අතුරුදහන් වෙන්න ට්‍රයි එක නේ.....
ReplyDeleteසිතුවිලි වයසට ගිහින් ද?
:D ඒම හරි දාගන්න පුළුවන් වුනොත් හොදයි අප්පා.. නැතිනම් බ්ලොග් එකේ මකුණු දැල් කඩලම එපා වෙනවා :/
Deleteපරිණත වේගන එනවා වගේ
ReplyDeleteඒකනේ... ^_^
Deleteසහතික ඇත්ත කතාව! අපි හැමෝටම දොස්තරලා ඉංජිනේරුවෝ වෙන්න බැහැ.. එහෙම උනොත් මේ ලෝකේ පැවැත්මකුත් නෑ... මොකද ඒ දොස්තරලා ඉංජිනේරුවන්ට බස් එකේ යන්න උනොත් එක ගෙනියන්න ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා ඉන්න ඕනේ නිසා...
ReplyDeleteවැදගත්ම දේ.. "තැන තැන ගිහින් අරයා මෙයාගේ වැරදි කියන්නේන නැතිව, අනිත් අය තමන්ගේ හොඳ කියන විදියට ජීවිත් වෙන්න පුළුවනිනම්, අනිත් අයගේ මතකයේ හොද විදියේ මතකයක් තියන්න පුළුවන් විදියට ඉන්න පුළුවනිනම් ඒකයි ලොකුම ජයග්‍රහණය.."
හම්මේ මෙන්න නෙලංග අය්යා මේ පැත්තට ඇවිත්.. ^_^
Deleteඒකනේ.. //මොකද ඒ දොස්තරලා ඉංජිනේරුවන්ට බස් එකේ යන්න උනොත් එක ගෙනියන්න ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා ඉන්න ඕනේ නිසා... // ඒක තමයි.. හැමෝම දොස්තරලා වුනොත් බේත් ගන්න අයත් ඉන්න ඕනි.. :D
අහ්, බ්ලොග් එකක් තියෙනව කියලා මතක් වෙලා තියෙන්නේ...
ReplyDelete:D නැතිව, මතක් වුනා.. ආවා
Deleteජීවත් වෙනව කියල මතක් වුනා වගෙම,
ReplyDeleteබොගක් තිබේ කියලත් මතක් කොර ගන්ටෝනා...
ජීවිතේ බැඳීම් ගොඩ අස්සේ පුංචි බැදීම් ගොඩකට ආදරේ කලොත් අවුල්ද බං/?
ඒක තමයි.. අපි වගේ ඉන්නෝනා.. ^_^
Deleteඅවුල් නෑ නේ.. ඒම තමයි කෝමත් කරන්නෝනි.. :D
topic එකේ spelling වැරදියි බොලව්.. හදපං
ReplyDeleteකොතනෙයි අය්යේ?? මට තේරෙන්නෑනේ
Deleteබැඳීම් ගොඩගහ ගත්තම තමයි මාම්ත්වය මතුවෙන්නේ , ඉරිසියාව මතුවෙන්නේ .. එත් ඉතින් එක මනුෂ්‍ය ස්වාභාවයනේ ... කලමනාකරනය කරගන්න උත්සාහ කරන්න ඕනේ , නැතිකරගන්න නම් බැරිවෙයි
ReplyDeleteඇත්ත.. අනිත් අයට වඩා ඉස්මතු වෙන්න යනවා වටපිටාවේ අය වැඩි වුනාම..අපිමයි ඒක හදාගන්නෝනි..
Deleteජිවත් වෙලා බලන්නම එපැයි ... එල
ReplyDelete:D ඒකනේ නේ..
DeleteMokadda akke Plutota ira paayanawa wagene post daanneth.. Welaawata follow karala thibbe blog eka..
ReplyDeleteBandeem... Mama... Naae ekko epa.. E gana kathaa karanna kamathi naha....
ඉස්සර වගේ එක දිගට ලියන්න වෙලාව මදි මලයා.. :D
Deleteහක්, බැඳීම් ගැන කතා කරන්න අකමැති මොකෝ, පොදුවේ හැමබැඳීමක්ම ගැන කියලා තියේනනේ
ආරාධනාවට ස්තූතියි මලයා,
ReplyDeleteඒ වුනාට බ්ලොග් එකක ඔය වගේ දෙයක් දාද්දි අඩු තරමින් බ්ලොග් එක බැලුවා කියන්නත් ක්මේනට් එක්ක දාන්න, මොකද මෙතන ප්‍රචාරණ වැඩ කරන තැනක් නෙවෙයිනේ.. :3
පෝස්ට් එකේ තියෙන්නෙත් මමත්වය, මේකත් ඒ වගේ තමයි :v
හොද වැඩක්(වැරදි හදාගෙන) දිගටම කරන් යන්න
ජය !!
ශම්මි අක්කියා වෙනස් වෙලා නේද?පට්ට විදිහට බ්ලොගත් වෙනස් කරගෙනනේ ඔයා අපි නැති ටිකට
ReplyDeleteඔව් පොඩි මලයෝ, ටිකක් වෙනස් වෙන්න හිතුවා.. :D ඔයාලා ආවේ නැහැනේ ඉතින්
Deleteko dan mewa nawathilada ...?
ReplyDeleteවෙලාවක් නැති කම තමයි. අනිත් එක කම්මැලිකම :( ආයේ පටන් ගන්න ඕනි..
Deleteබ්ලොග් එක ලස්සණයි...
ReplyDeleteතැන්කූ... ආයේ එන්නකෝ වෙලාවක ^_^
Deleteඅලුත් වෙන්න කාලේ හරි
ReplyDeleteඔව් ඔව්. ආයේ ලියන්න ඕනි..
Deleteඅවුරුද්දක්ම ගිහිල්ලා කෝ ලිව්වද ? අපිටත් නොකියම කසාදයක් වත් බැන්දද ?
Deleteලියා පාන්....
Deleteහැමෝටම අමතක වෙලා ගියපු මාව, එක්කෙනෙක්ට මතක් වෙලා.. ගොඩාක් දුරට ආයේ බ්ලොග් ලියවෙන්නේ නැතිවේවි යසිත්...
Deleteපුළු පුළුවන් වෙලාවට එන්නම්කෝ ඔයාලා ලියන පෝස්ට් කියවලා ක්මෙන්ට් එකක් දාන්න..