ටයිල් අල්ලා සැදූ මන්දිරයේ ඇති පහසුව නැත
කටුමැටි ගසා තැනූ පැළක දැනුනේ..
කඳුළු ගංගා මැදින් සිනහව
ආයාසයෙන් තමයි ඇඳුනේ..
නොදැන දුක හිත තුළ
කොහොම නම් වටහා ගන්නේ...
නිහඬබව තුල බිඳුණු පැතුමන්
ලෝකයා නැත තවම දන්නේ..
හිතේ තෙරෙපෙන හීන් ඉකිබිඳුම
කාටවත් නැතිදෝ ඇහෙන්නේ...
එපා හැඩීමට නුඹ යැයි
පැවසීම නැත අවැසි වන්නේ..
මා වෙනුවෙන්ම ආදරේ ඉපදුනු
ළයක් පමණයි ඕනේ වෙන්නේ...
සතුට නොව හිමිකම් කියන්නට
සැනසීම කොහේදෝ තියෙන්නේ...
අන්න කලින් පෝස්ට් ඒකෙ මං වාගේ එකෙක් මොනවද ලියල ගිහිල්ල. ඌට බනින්න. මේක බලන්න පස්සේ එන්නම්. :)
ReplyDeleteහැක්, හරි........ම්ම ගිහින් බලන්න් ^_^ '''
Deleteඕනන ආයේ දිගටම ලියනවා හරිද ^_^ (ඒම හිතන් ඉන්නවා -_-)
'සිතුවිලි වෙනස' ම තමයි.. ලස්සන අදහසක්..
Delete//ඕනන ආයේ දිගටම ලියනවා හරිද // සතුටුදායක ආරංචියක්.. :)
හික්ස්.... ^_^
Deleteඑහෙනං ලැපයි අරකයි මේකයි විකුණල කන්න දීපල්ල අපිට...
ReplyDeleteහෑ???..... ලැප විකුණන්නේ නෑ... දෙය්යනේ.. තියෙන්නෙත් එච්චරමයි :3
Deleteලස්සන කවි සංකල්පනාවක් !
ReplyDeleteකා.............ලෙකට පස්සේ......
Deleteස්තූතියි අය්යේ ... ^_^
ධනපති පන්තියයි පීඩිත පන්තියයි :)
ReplyDelete:3 ඒකනේ ඒකනේ... :)
Deleteඅපිට වෙනස් කරන්න බැරි දේවල් තියනවා අක්කේ මේ ලෝකේ. මේකත් එහෙම දෙයක්. අපි අපිට පුළුවන් විදියට දෙයක් කෙරුවොත් තමයි
ReplyDeleteඒකනේ මල්ලෝ.... හැමෝම එකම මට්ටමට ගේන්න පුළුවන්කමත් තිබ්බානම් කියලා හිතෙන වෙලාවල් තියෙනවා.... :D
Deleteසාදිරිස නේද මේක ලියලා දුන්නේ... හැක් හැක්..
ReplyDelete:O :O අපූ... නෑ... මේක මම ලියුවේ
Deleteඕකාට එච්චර දෙයක් කරන්න වෙලාවක් තියේනම් මදෑ.. >:O
හෑ... :o ඔබ මේවත් ලියනවාද?
ReplyDeleteසාදිරිසාට මාගේ මෙව්ව එක :P
මම ලියන එව්වට ඒකට මොකටද බොල මෙව්වා එව්වා දෙන්න යන්නේ :/
Delete///ටයිල් අල්ලා සැදූ මන්දිරයේ ඇති පහසුව නැත
ReplyDeleteකටුමැටි ගසා තැනූ පැළක දැනුනේ..///
ඔහොම තමා පහු පහු වෙද්දි කියන්නෙ :D
හුඟක් වෙලාවට පහසුව තියෙන්නේ ටයිල් පොළවේ වුනත්, සතුට තියෙන්නේ කටුමැටි පොළවේ සසිඳුවෝ... :D
Deleteඇති නැති පරතරය කවදාවත් වෙනස් වෙන එකක් නෙමෙයි බං..
ReplyDeleteඒක වෙනස් වෙන කාලෙකුත් එය්ද කියන විස්වාසෙත් නැ දැන් නම්.. (රට යන විදියට)
Deleteඔය වෙනස නැති කරන්න සූර සරදියෙල් නැත්තං සෝරෝ වගේ එකෙක් එන්න වෙයි බොල..
ReplyDeleteඒ දෙතුන් දෙනාව මිනි වලෙන් නැගිට්ටවලා ගමුද? :D
Deleteහීන මැව්වත් දිනක ලබනට
ReplyDeleteනේක සැප පිරි සොඳුරු මන්දිර
සත්තයි! දිළිඳු සිත් හඬාවී
අහිමි වුන කල පුරුදු නිදහස...
උන් අසාවී නැවත යන්නට
හීල් බත් වල රස විඳින්නට
වෙල් ඔවිටි අතර නිදහසෙ
කුරුල්ලෙකු ලෙස ඉගිල යන්නට..
ඒ කතාවත් ඇත්ත තමයි චාමර..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅපි හිතං හිටියට අපි දුක් විදිනවා කියලා අපිට වඩා අපා දුක් විදින මිනිස්සු ඕනේ තරම් මේ ලෝකේ ඉන්නවා උන් එක්ක බලද්දී ඇත්තටම අපි දුක් විදින්නේ නෑ
ReplyDeleteඅන්න ඒකයි ප්රශ්නේ.. අපි හිතන්නේ අපේ දුක ගැනනනේ, ඒත් ඉතින් අපේ දුකනේ අපිට දුක :3
Deleteමටත් කොත්තුවක් කන්න කියක් හරි දෙන්ඩෝ.............
ReplyDelete:o :o :o හෑ?? දුප් යන්න..
Deleteඅර දෙවෙනි පින්තූරේ තිබුණේ ඒ කාලේ ජනප්රිය බොහෝ දෙනා අතට ලැබුණු මේල් එක්ක තිබුණ පවර් පොයින්ට් එක්ක. මම ඒ කාලේ මේක මගේ දුවට පෙන්වලා විස්තර කළා. ලෝක ස්වභාවය කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද ?
ReplyDeleteනියමයි ශම්මි
ReplyDeleteස්තූතියි රුවන් චමින්ද, ආයේත් වෙලාවක ඇවිත් යන්න එන්න :D
Delete