Monday, July 30, 2012
Sunday, July 29, 2012
Sunday, July 22, 2012
දෙයියො දුන්න තෑග්ග
මං මේ විහිලුවක් කරනවා
නෙවෙයි.ආදරේ කියන්නෙ ඒකට.ඔයා මං ළග නැති වුනත් කිලෝමීටර් ගාණක්ම ඈතින් හිටියත් ඔයා
එක තත්පරේකටවත් මගේ හිතින් අයින් වෙන්නෙ නෑ.මට ඔයාව ඕන කරන,බලන්න හිතෙන ඕන වෙලාවක
මගෙ ඇස් දෙක වහන පරක්කුවට ඔයා මගෙ ඉස්සරහට එනවා.ඒ මං ඇත්තටම ඔයාට ගොඩක් ආදරේ නිසා.
බැදීමක් කියන්නෙ දුකක්
නෙවෙයි.හැබැයි අපි වැරදි කෙනෙක් එක්ක හරි අපිට නොගැලපෙන කෙනෙක් එක්ක හරි බැදීමක්
ඇති කරගත්තොත් ඒක දුකක් වෙනවා.බැදීමක් කියන එක අනවශ්‍යය පීඩනයක් වෙන්නෙ නෑ.කවද හරි
අපි මැරුණම අඩන්න ඉන්නෙ අපි එක්ක පොඩි හරි බැදීමක් ඇති කරගත්ත මිනිස්සු
විතරයි.කොයි තරම් දේවල් කිව්වත් අපිට ඕනම වේලාවල්වලදි ඔය හැමෝම අපිව දාලා යනවා.අපේ
බැදීම් තමයි ඉතුරු වෙන්නෙ.බැදීම් තමයි මනුස්සයෙකුට, සතෙකුට තමන්ගෙ ජීවිත කාලෙදි
ලැබෙන වටිනම දේ.අපි කාත් එක්ක හරි බැදීමක් ඇති කරගත්තොත් අපිට තව කෙනෙක්ට ජීවිතයක්
දෙන්න පුලුවන්, මේ ලෝකෙ ලස්සන බලන්න, මේ ලෝකෙට එන්න උදව්වක් වෙන්න පුලුවන්.ඒකයි
ඔයයි මමයි දෙන්නම අද මෙතන ඉන්නෙ.බැදීම් කියලා කියන්නෙ අපිට ලැබෙන තෑග්ගක්.
On
5:59 PM
|
6
comments
Tuesday, July 17, 2012
දැකපු නැති ලංකාව
අද මං දැකපු ලස්සන තැනක්
ගැන මේ කියන්න යන්නෙ...පෝස්ට් එකක් විදියට නම් දාන්න ඕන වුනේම නෑ.ඒත් මේ තැන
දැක්කහම මගේ ඇස් දෙකට කදුලු ආවා.වෙන මුකුත් නිසා නෙවෙයි.මං හරි ආසයි ලස්සන ලස්සන
තැන් වලට.ගිහිල්ලා ඉන්න,ඇවිදින්න,දවස් ගාණක්ම ඒ තැන්වල ලස්සන බලන්න.ඒ නිසාමයි තොරතුරැ
තාක්ෂණය විෂයක් විදියට හැදෑරැවත් පස්සෙ ආසාව වෙනස් කරලා ටුවරිසම් මැනේජ්මන්ට් කරන්න
ගත්තෙ..ලෝකෙ කෙසේ වෙතත් රට වටේම යන්න පුලුවන් නිසා
ඉතින් කොහොම හරි අද මං
මේ තැන දැක්කෙ අහම්බෙන්.හරියටම කිව්වොත් මගේ ෆේස්බුක් එකට මගෙ යාලුවෙක්ගෙ යාලුවෙක්
රික්වෙස්ට් එකක් එවලා තිබ්බා.ඒයා ටැග් වෙලා හිටිය පොටෝ එකකින් තමයි මේ තැන
දැක්කෙ...ම්ම්ම්ම් කියන්න කණගාටුයි මම ගැනම මම මේ තැන ගැන අහලා තිබ්බට කොහොද
තියෙන්නෙ,කොයි පළාතෙද, කියන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ..ඒවා කොහොම වුනත් මේ තැන
මෙච්චර ලස්සනයි කියලා නම් හිතුවෙම නෑ...(හිතන්න දැකලා තිබ්බෙත් නෑ)
On
4:43 PM
|
2
comments
Monday, July 16, 2012
විරුදාවලි නාම පුද්ගලයන්
ඇත්තටම මේක මම පොඩි කාලෙ
කියවපු පොතකින් දැක්කෙ.මේක දිහා බලාගෙන ආයෙ මේ ටික මතක් කරන්න හැදුවට භාගෙට
භාගයක්ම මට මතක නෑ.එනිසා ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතලා මේක බ්ලොග් පෝස්ට් එකක්
විදියට දාන්න හිතුවා.
- අවිහිංසාවේ පියා - මහත්මා ගාන්ධි
- යකඩ ගැහැණිය - බ්‍රිතාන්‍යෙය් හිටපු අගමැතිණි මාග්‍රට් තැචාර්
- මනෝ විද්‍යාවේ පියා - සිග්මන් ප්‍රොයිඩ්
- මුඩුක්කුවේ ශාන්තුවරිය - තෙරේසා මව්තුමිය
- නක්ෂත්ර විද්‍යාවේ පියා - නිකොලොස් කොපර්නිකස්
- ආසියාවේ රිදී සීනුව - එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරණායක
- නිදහස් අධ්‍යාපනයේ පියා - සී.ඩබ්.ඩබ්.කන්නන්ගර
- කොස් මාමා - ආතර් වී දියෙස්
- බත් දුන් පියා - ඩඩ්ලි සේනානායක
- ක්‍රිකට් ක්‍රීඩාවේ පියා - ඩබ්.ජී.ග්‍රේස්
On
9:55 PM
|
0
comments
Sunday, July 15, 2012
Wednesday, July 11, 2012
නමක් තියන,නිමක් නොවන බලාපොරොත්තුවක්
හිතාගන්න බැරි පැත්තකට ජීවිතේ
ගලාගෙන යද්දි.කවමදාවත් බලාපොරොත්තු නොවුනු මිනිස්සු ජීවිතේ ඇතුළට එද්දි.මේ ජීවිතේ
කොච්චර නම් පුදුමද කියලා හිතෙනවා.
මුලු ලෝකෙම කියලා මවාගෙන
හිටපු දේවල් එක තැනකද බොරැවක් වංචාවක් වෙලා නවතිද්දි.කොහේදෝ තිබ්බ දෙයක් හිත ඇතුළට
මදිවට දැන් ජීවිතේ ඇතුළටත් ඇවිල්ලා මේ තරම් පෙරළියක් කරයි කියලා නිකන්වත් හිතුවෙ
නෑ.ඒ මොනවා වුනත් හැමදාම බලාපොරැත්තු වුනු ආදරේ අහම්බෙන් ආපු ඔයාගෙන් ලැබෙද්දි හැමදාම
මෙතන නැවතිලා ඉන්න තියනවනම්,කාලය නැවතිලාම තියනවනම්,ඔයා ගාවම නතර වෙන්න තියනවනම් කියලා
හිතෙන වාර අනන්තයි.ඔයා මට ආදරේ නෑ කියලා ඔයාම කියද්දිත් මට තව තවත් ඔයාටම ආදරේ
හිතෙන්නෙ මං තවත් ඔයාටම ආදරේ කරන්නෙ ඇයි කියන ප්‍රශ්නෙත් හිත උඩට එනවා.ඒත් ආයෙ ඒ
හිතම කියනවා මනුස්සයෙක් ළග තියෙන්න ඕන මනුස්සකම අවංකකම වගේ අනිත් හැම ගතිගුණයක්මත්
කිසිම අඩුවක් නැතුව තියන ඔයාට ආදරේ කරන්න ලැබුන එකත් වාසනාවක් කියලා..
On
1:41 AM
|
2
comments
Saturday, July 7, 2012
වසන්තයේ සිත සැලුනා 4 කොටස
(23 වන දින උදෑසන)
මිලාන්,අමිල,ශිහාන්,නිෂාද්,මලිත්,කසුන්,රැවන්,චාමර,ශානක,දසුන්,රංගන,ඇන්ජලෝ...........ඔයාලා
ලෑස්ති ද? ඔන්න අර කරදරකාර ටීම් එක එනවා..කොල්ලනේ..දිනලා මිසක් එන්නෙ නෑ....
නෑ එහෙම්ම ගෙදර යනවා
තිසර අයියෙ
හරි හරී..... ඕකට තරහ
ගන්න ඕන නෑනෙ කසු...න්..
තරග පිටියට පිවිසි ඔවුහු
ඉතා උද්යෝගිමත් තරගයක නිරත විය.තරගයේ මැද භාගය වන විට මිලාන් ගේ පිළ තව තවත්
තියුණු ලෙස ක්‍රීඩා කරන්නට විය.ඒත් අවාසනාව ඔවුන් පසු පස හඹා එන බව ඔවුන් දැන
සිටියේ නැත.තවත් ස්වල්ප මොහොතකින් අවාසනාව මිලාන් ගේ නළලත් ප්‍රදේශය සිප ගත්තේය.ඔහු
ඇද වැටිනි.
On
6:40 PM
|
0
comments
Thursday, July 5, 2012
වසන්තයේ සිත සැලුනා 3 කොටස
(තව කෙනෙකුගේ ඉල්ලීමක් මත 3 වෙනි කොටස ඉක්මනින් ම පළ කිරීමට තීරණය කලෙමි)
මිලාන්.....
සර්....
මිලාන් මේ පාරත් ඔයා
තමයි 21 පහළ ටීම් එකේ කැප්ටන්.
තැන්කු යූ සර්.....
ඔයා ඉතා දක්ෂ විදියට
ක්‍රීඩා කරනවා.ඒකයි ඔයාට මේ හැමදේම.
On
11:42 PM
|
4
comments
වසන්තයේ සිත සැලුනා 2 කොටස
එය අලුත් අවුරැද්දකි නිසලි දැන් 10
වන ශ්‍රේණියේ සිසුවියක් වන අතර මිලාන් 12 වන ශ්‍රේණියේ කොළඹ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය
ලබමින් සිටී.දැන් මිලාන් යනු ඉතා කාර්යයබහුල සිසුවෙකි.ඔහුට තම ජීවිතයේ වැදගත්ම
කඩඉමක් වන උසස් පෙළ විභාගයටද සාර්ථක අයුරින් පෙනී සිටීමට අවශ්‍යය අතර තම ක්‍රීඩා
කෞෂල්‍ය වර්ධනය කර ගැනීමට ද අවශ්‍ය වී ඇත.ඔහුගේ ප්‍රියතම හා දක්ෂතම ක්‍රීඩාව වන්නේ
ක්‍රිකට් කිරීඩාවයි.ඔහු 21 න් පහළ ක්‍රිකට් (තම පාසලේ) කණ්ඩායමේ
නායකත්වය ද දරයි.දිනක් ඔහු තම ක්‍රිකට් පුහුණුවට සහභාගී වී සිටින වේලාවක දී වේගයෙන්
පැමිණි පන්දුවක් ඔහුගේ නළලත ප්‍රදේශයේ තදින් වැදුනි.
හෙලෝ ආන්ටි මිලාන් හොස්පිටල් එකේ බෝලයක් ඔලුවෙ වැදිලා.
මොනවා
ඉක්මනට එන්න ආන්ටි ජෙනරල් හොස්පිටල්
------කොළඹ මහ
රෝහල------
On
8:49 PM
|
2
comments
Wednesday, July 4, 2012
රාවණ හෝරාව
මොකක්ද මේ රාවණ හෝරාව?
ජ්‍යෝතීර්
විද්‍යාව පිළිබද විශේෂඥතාවයක් තිබුණ රාවණ රජතුමන් විසින් සියලු දෙනා ගේ ම යහපත
පිණිස රාවණ හෝරාව නමින් ශුභ මුහුර්තයක් ද සොයාගෙන තිබුණි.සතියේ ඕනෑ ම දිනෙක ඉතා
බලගතු ශුභ වේලාවක් ඇති අතර, එය කාටත් පහසුවෙන් තේරැම් ගැනීමටත් අනුගමනය කිරීමටත්
මේ හෝරාව සකස් කර ඇත.සතියේ සත් දින තුළ ඒ හෝරාව බලපාන අයුරැ මෙහි සදහන් වේ.
On
9:45 PM
|
4
comments
ආදරය ආදරයක් ම නොව,සීමාවෙන් ඔබ්බට ගිය අර්ථාන්විත බැදීමකි
නිහඩ රාත්‍රියක නිහඩව ම දුටුව ලස්සනම ලස්සන සිහිනයක් ලෙසින් මා සිතට ආ ඔබ.මෙතෙක් දිනක් මා නවතා දමා යළිත් කිසි දිනක නොකරමී කියා තරයේ ද සිතා සිටි එය, යළිත් සිත තුළ රැදවීමට තරම් විස්වාසයක් මා තුළ ගොඩනැගීය.සත් වසරක ආදරයක පරාජය ලැබූ මා,සියල්ලක් ම බොරැවක්,වංචාවක්, ලෙස සිතා ආදරය අතැර දමා එයින් වැළකී සිටි නමුත්, ඔබ කොහේදෝ සිට පැමිණ එවා පසෙකලමින් සිතට ඇතුලු විය.දැන් ඔබ මා සිත තුළ සදාදර ආදරයක උරැමක්කාරයා වී හමාරය.
සබද, ඔබ ආදරය හදුනනවා ද?
නැද්ද ? යන්න මා නොදන්න නමුත්, මා ඔබ හදුනාගෙන අවසන්ය.එයටත් වඩා ඔබ දැන්
හදෙහි ලැගුම් ගෙන හමාරය.දැන් මට වුවමනා වුවද ඔබ ව පළවා හැරීමට මට නොහැකිය.ඒ තරමට ම
මම ඔබට ආදරය කරමි.
On
1:19 PM
|
2
comments
Monday, July 2, 2012
වසන්තයේ සිත සැලුනා
ඇය සහ ඔහු තවමත් යොවුන් වියේ පසුවන පාසල් සිසුන්ය.ඇය නමින් නිසලි වන අතර ඔහු නමින් මිලාන් ය.තම හිතවත්කම් වර්ධනය වීමේන් පෙරට ඇදුනු ආදරයට හිමිකම් කීමට ඔවුන් ට හැකිවී ඇති නමුත් සෑම දිනයක ම ඉරැ නැග එන්නා සේ බැස යන මොහොතක් ද ඇති බව ඔවුන් ට ද අවබෝධ වීමට පටන් ගෙන ඇත..මේ ඔවුන්ගේ කතාවයි.... වසන්තයේ සිත සැලුනා...
On
9:04 PM
|
2
comments
Subscribe to:
Posts (Atom)